(ටී.කේ.ජී.කපිල)

 

සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ  ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අලුයම යළි දිවයිනට පැමිණියේය.

 

මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

 

ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති උත්සවයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ.