IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීවය ලබයි

 

(පද්මා කුමාරී කංකානම්ගේ)

 
එල්නිනෝ සංසිද්ධිය හෙවත් සයුරේ උණුසුම් දිය වැල් ඇතිවීම හේතුවෙන් මියගිය කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීව ලබමින් සිටින බව වාර්තා වේ.

වනජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය අඩවි නිලධාරීන් කල්පිටිය නාවික හමුදාවේ ද සහය ඇතිව  මියගිය කොරල්පරය මත කොන්ක්‍රීට් ඇසුරුම් රදවා එය මත නව කොරල් ජීවීන්  රෝපණය කිරීම ආරම්භ කර තිබේ.

පරිසර හිතකාමීන්ගේ හදවත් තුළ නව පැතුම් ජනිත කරවමින් මෙම වෑයම අද වන විට ඵල දරා ඇතැයි වනජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය අඩවි නිලධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පැවසීය.

"අත් හදා බැලීමක් වශයෙන් අපි මන්නාරමින් සජීවී කොරල් ජීවීන් සුරක්ෂිතව ගෙනාවා. කෝම්පිට්ටු වගේ කොන්ක්‍රීට් ඇසුරුම් හදලා ඒවා මියගිය පරය මත අලවලා ඒ මත මෙම නව ජීවීන් රෝපණය කළා.

"මාස කිහිපයකට ඉහත ඉතා නිහඬව ඇරඹූ මෙම ව්‍යාපෘතිය අද සාර්ථක වෙමින් පවතිනවා. එම රෝපණය කළ නව ජීවින් අද වැඩෙමින් නව ජීවින් ද බිහිකරනවා. මෙම ක්‍රියාවෙන් ලද උත්තේජනයක් වශයෙන් මැරුණු පර මතත් යළි නව ජීවින් බිහිවෙමින් සිටිනවා. මත්ස්‍ය ප්‍රජාව ද මේ නව කොරල් ජීවින් එක්ක සම්බන්ධතා පටන් අරන්."

1992 වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අංක 708/  24/  1992 දරණ ගැසට් නිවේදනය මගින් සමුදුරු අභය භූමියක් වශයෙන්  වැලිපර සමුද්‍ර අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත.

කල්පිටිය අර්ධදීපයේ උච්චිමුණේ දූපතට බටහිරින් වෙරලේ සිට කිලෝමීටර දෙකක් දුරින් මෙම අභය භූමිය  පිහිටා තිබේ. 

වර්ග කිලෝ මීටට 307 ක භූමි භාගයක් පුරා පැතිරුණු මෙම අභය භූමිය තුළ කොරල් විශේෂ 136 ක් ද, මත්ස්‍ය විශේෂ 400 ක් වාසය කරති. එසේම ඉස්සන් පොකිරිස්සන් ගල් මාලු විශේෂ සිය අභිජනනය සඳහා ද මෙම අභය භූමිය භාවිතා කරයි. ජෛව විවිධත්වයෙන් අනූන මෙම ගල්පරය එවකට ජලජ ජීවීන් සඳහා පරීක්ෂණ  පැවැත්වීමට සුදුසු පරීක්ෂණාගාරයක් ද විය.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ ද දිනා ගනිමින් රටට විදේශ විනිමයත් තවත් බොහෝ දෙනෙකුට ජීවන උපායක් ද වේ. වනජීවී දෙපාර්තුමේන්තුවේ අඩවි නිලධාරී මංජුල කුමාර මොරතැන්න, ක්ෂේත්‍ර සහායකවරුන් වන සුජිත් ප්‍රසාද්, නාරද කලුආරච්චි, වන සත්ත්ව නියාමක රුවන් වෙත්තසිංහ, ස්වේඡා මාර්ග උපදේෂක ශාන්ත සදරුවන් යන නිළධාරීන්,කල්පිටිය නාවික හමුදා සහාය ද සමඟ මෙම සද්ක්‍රියාවේ නිරත වෙති.



අදහස් (15)

කන්දකුලිය ගල්මල් සමුද්‍ර අභය භූමිය යළි ජීවය ලබයි

samira Wednesday, 17 April 2019 08:07 AM

ජයවේවා නිහඩව කරන සේවය අගයමු

:       3       537

රොමේෂ් Wednesday, 17 April 2019 02:23 PM

අලුත් අව්රුද්දෙ දැකපු හොඳම ප්‍රවෘත්තිය. දවස පුරාම ඍණාත්මක ප්‍රවෘත්ති කියවලා හෙම්බත්වුන පාඨකයන්ට තරමක සැනසිල්ලක්. පුවත්පතේත් වගකීමක් තියෙනවා ධනාත්මක සිතුවිලි සමාජගත කිරීමට. නිහඬ සේවයට මල්මිටක්.

:       1       664

Ranjith Dhanapala Wednesday, 17 April 2019 02:34 PM

ඉතා හොද උත්සහයක් ස්තුතියි

:       1       206

Ranjitj Dhanapala Wednesday, 17 April 2019 02:37 PM

හොඳ වැඩක්

:       0       167

සමන් ඔස්ට්‍රලියාව Wednesday, 17 April 2019 10:42 PM

මේවා ගැන තියෙන ප්‍රචාරය මදි ?.

:       0       2

gbase Thursday, 18 April 2019 02:15 AM

විල්පත්තුවටත් තම්බි ටික යවලා ඔහොම දෙයක් කරමුද?

:       241       4

vidya Thursday, 18 April 2019 02:53 AM

අනේ ඔය සුන්දර තැනට කුණු රොඩු ප්ලාස්ටික් ගෙනිහිල්ල ජරාවාස කරන්න දෙන්න එපා .

:       0       12

Sugath Thursday, 18 April 2019 03:37 AM

මෙම සේවය ඉතා ඉහළින් අගය කරමි. අපේ ජනතාව රටට අාදරෙයි. අපි රට වෙනුවෙන් හොඳදේවල් කරමු. අපිව රවටන දේශපාලකයන් මේවාට ගාවගන් නැතුව අපි රට වෙනුවෙන් යමක් කරමු.

:       0       10

slj Thursday, 18 April 2019 04:42 AM

ගොඩක් අය මේගැන අවධානයක් නැති එක ගැන කනගාටුයි .අපේ රටේ සියලුම ජනතාවගේ අවධානය මෙවැනි කර්තවයන්ගේ වැදගත්කම ගැන යොමුකිරිම සියළුම මාධ්‍යයන්ගේ යුතුකමකි .

:       0       5

sandy123 Thursday, 18 April 2019 05:06 AM

විශිෂ්ඨයි..... මගේ ප්‍රණාමය.

:       0       3

wasuru Thursday, 18 April 2019 07:07 AM

ෂා...ඔය යටට දමන කොන්ක්‍රීට් එකේ මගේ නම දමා ගන්න විදියක් නැද්ද ....නිකම් මේ ඉසුර කොන්ක්‍රීට් කියලා.

:       0       1

kumara Thursday, 18 April 2019 09:54 AM

ඉතාමත් අගය කලයුතු වැඩක් , සුබ පැතුම්

:       0       53

Chanak Los angeles Friday, 19 April 2019 02:22 AM

රටේ , ජාතියේ ,පරිසරයේ උන්නතිය සඳහා කැපවෙන මිනිසුන් ගැන හිතන්න

:       0       10

Eraj Saturday, 20 April 2019 11:58 PM

ගොඩක් අගය කරමි. නිහඩව කරන මෙම සේවය

:       0       2

shanthi welihena Monday, 22 April 2019 02:15 AM

බෙහෙවින්ම අගය කරමි.කැප වූ සියලුම දෙනාට ස්තුති.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site