(නිමල කොඩිතුවක්කු)
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සැමරුම වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් අද (30) පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා ගංගාරාම විහාරයේ විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඇතුලු මහා සංඝ රත්නය වැඩම කර සිටි අතර හොරණ සීල සුවඅරණ ගිලන් භිකෂු මධ්‍යස්ථානයේ අනුශාසක ගලගමුවේ ඥණදීප හිමියෝ එහිදී ධර්ම දේශනාව සිදු කරනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති ආර්‍යා හේමා ප්‍රේමදාස මැතිණිය, කතානායක කරු ජයසූරිය, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහ ප්‍රේමදාස පවුලේ ඥාතීන් ඇතුලු පිරිසක් එක්වූහ.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් රාජ්‍ය නායකයා ලෙස තමන් සැප විඳිනවා වෙනුවට රටේ අනික් ජනතාවට සැප උදා කිරීමට වෙහෙසුනු ජන නායකයෙක් බව ගංගාරාම විහාරයේ විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ එහිදී අනුශාසනාවක් සිදුකරමින් පැවැසූහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ