IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සරසවි සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

(නිමල කොඩිතුවක්කු )
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ඩිප්ලොමා ශිෂ්‍ය බළ මණ්ඩලය අද (25) ආරම්භ කළ විරෝධතා පාගමනට ලෝටස් වටරවුම අසළදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරනු ලැබීය.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුංචි බොරැල්ලේ සිට විරෝධතාකරුවෝ මෙම පාගමනට එක්වුහ.

සිසුන් කොළඹ ලෝටස් වටරවුම අසලට පැමිණ විරෝධතාවයේ නිරත විමත් සමඟ පොලිසිය විසින් ලෝටස් පාර තාවකාලිකව වසා දැමු අතර මේ හේතුවෙන් අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (11)

සරසවි සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

බද්රානි Wednesday, 25 July 2018 12:45 PM

පිනට උගන්වනවා මදිවාට, රස්තියාදු ගහන්න පොකට් මනිත් දෙන්න වෙලා තියෙන්නේ අසරණ ජනතාවටනේ. ලෝකයේ දියුණු රටවල ළමයි කුමන වර්ගයේ අධ්‍යාපනයක් හැදෑරුවත් ඔවුන්ගේ උත්සාහයෙන් හා බොහෝ කැප කිරීම් වලිනුයි ඔවුන් තමන්ගේ කාර්යය ඉටුකර ගන්නේ. මේ අයගේ උප්පත්තියට ජනතාව හා රජය වගකිව යුතුයි වගේනේ මේ අය මේ ලෙස හැසිරෙන්නේ. මාෆියා කල්ලිවලට මෙලෙස හැසිරීමට ඉඩ ලබාදීම ඉතාමත් අනුවණ ක්‍රියාවක්.

:       522       261

RNG Thursday, 26 July 2018 06:10 AM

අර පහුගිය දවසෙ සයිටම් සිසුන්ට වියදම් කරන ඒවට කොහෙන් ගියත් කමක් නෑ කියනකොට මෙහෙම හිතුනෙ නෑනේ. දැන් තමයි කැක්කුම හැදිලා තියෙන්නෙ ..

:       1       97

බද්රානි Friday, 27 July 2018 10:03 AM

මහපාරේ මේ වගේ නරි සෙල්ලම් නටලා නේන්නම්, අර කොහෙවත් තිබුණ සයිටම් එකේ බරත් අසරණ ජනතාව පිටට බලෙන් පැටෙව්වේ .බංකොලොත් දේශපාලකයින්ගේ අතකොලු බවට පත්වී, ඉගෙන ගැනීමට තිබෙන වටිනා කාලයත්, විඳීමට තිබෙන තරුණ ජීවිතයත්, නිකරුනේ විනාශ කර ගනිමින් සිටින මොවුන් ගැන අනුකම්පා කරනවා විනා වෙන මොනවා කරන්නද? රැකියාවලට යන දහස් ගණන් ජනතාවක්, අලයක් තරම් වත් මොළයක් නැති මේ උම්මන්තකයින් නිසා අපහසුතාවයට පත්වෙන එක ගැන මොවුන්ට කිසිදු වැටහීමක් නැහැ. රට තුල පවතින සියලුම ක්ෂේත්‍රයන් දුෂිතව හා පරිහානියට පත්ව තිබෙන රටක, උසස් අධ්‍යාපනය සඳහා මෙතරම් හෝ දායකත්වයක් ලැබී තිබීම ගැන අප සතුටු විය යුතුයි. මහපොළ ශිෂ්‍යත්වයේ නිර්මාතෘ, ගරු, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ පිළිරුවත් කඩා දැමු මේ උද්දච්ජ උම්මන්තකයින් ගැන තව මොනා කතා කරන්නද?

:       257       93

MaheeThursday, 26 July 2018 06:58 AM

මේවා දකින කොට අපටත් හිතෙනවා එක අතකට ප්‍රේමදාස ජේ ආර් යුගය තිබුණ නම් මීට වඩා හොඳයි කියල.

:       29       74

ධනුෂ්කSaturday, 28 July 2018 02:24 AM

කාලෙකට පස්සේ දිගහරින්න මාගලක් සෙට් වෙලා. මම හිතන්නේ දන්නේ මේ මාතෘකාව ගැන විතරයි. මම බැලුවා අනික් එ්වාගෙත් අදහස් දාලාද කියලා. නෑ...

:       0       0

ravi Thursday, 26 July 2018 07:17 AM

අනවසරයෙන් මාර්ග අවහිරකිරීම, උද්ඝෝෂණ, කලකෝලාහල පොලිසියට නීතියට එරෙහි ක්‍රියාකිරීම සම්පුර්ණයෙන් තහනම් කලයුතුයි.

:       32       81

Manjula Thursday, 26 July 2018 08:05 AM

විශ්ව දිද්‍යාලයක ඉගෙන ගත්ත අලයෝ නොවුම හැමෝන දන්නවා මොනතරන් අමාරුවෙන්ද ඉගෙන ගන්නේ කියල. මොනතරම් අඩුපාඩු තියෙනවද කියල. රජය සලකන්නේ කොහොමද කියල. එහෙන නොදන්නා අය ප්‍රතිචාර දක්වද්දී හිනා යනවා...

:       36       135

Pera Friday, 27 July 2018 10:48 AM

මංජුල මල්ලි ඔයාට යමක් කිව යුතුයි. මමත් හද්ද පිටිසර ඉදන් තමයි දුශ්කරම දිස්ත්‍රික්කයෙන් පේරාදෙනිය ආවෙ. මගෙ දෙමපියන් හරියට පාසල් ගිහින්වත් නැහැ. නමුත් මම පෙරා වලින් විද්‍යා උපාධිය හොදින් කර, හොදම තැනක ඉන්නවා. මම මගෙ දෙමාපියන්ටයි, ගුරුවරුන්ටයි ණයගැතියි. ඔයා ඔය කියන දුශ්කරකම් අපටනම් පේරා වල තිබුනෙ නැහැ. තිබුනත් ඒවා ගණන් ගත්තෙ නැහැ. අපි ඉගෙන ගත්තා. එක එක්කෙනාගේ ගැට වලට අහුවෙන්න එපා.

:       0       50

de silva berlin Friday, 27 July 2018 02:46 PM

යුරෝපයේ සමහර රටවල සහ ඇමෙරිකාවේ සරසවි සිසුන්ට නොමිලේ උගන්වන්නේ නැති අතර ඔවුන් සරසවි නිවාඩු දින වලදී සහ හවස්වරුවේ පාර්ට් ටයිම් රැකියාවක් කර මුදලක් උපයාගැනීමට පුරුදු වී ඇත. අපේ රටේ නොමිලේ උගන්වනවා මදිවට අපේ අය ෆුල් ටයිම් ජොබ් එකටත් උද්ගෝෂණ කිරීමට හුරුවී ඇත. පිටරට සිසුන් විනෝදාංශ වශයෙන් ක්‍රීඩා සහ සමාජ සේවා කටයුතු වැනි දේවල් කරන අතර අපේ අය විනෝදාංශ වශයෙන් කරන්නේ නවක වදය දීමය

:       0       51

ධනුෂ්කSaturday, 28 July 2018 02:21 AM

සිල්වා මහත්තයෝ ලංකාවේ අගනගරයට ළඟ තියන කැම්පස්වල ළමයි නම් අමතර රැකියාවක් කරලා සල්ලි හොයා ගන්නවා. මම අවුරුදු හතරට ගෙදරින් රුපියල් 5000ක් වත් ගත්තේ නෑ. පුළුවන් වෙලාවට ඉදිකිරිම් සමාගමක වැඩ කළා. ගෙදරටත් මුදල් දුන්නා. මට දැන් එ් වැඩ සියල්ල පුළුවන්... උපාධියත් ඉහළින්ම සමත් වුණා. මම එකපාර කැම්පස් දෙකකට ගියා වගේ. හැබැයි හැමෝටම එහෙම කරන්න බෑ. කොළඹින් බැහැර තියෙන කැම්පස්වල ළමයින්ට එහෙම බෑ. පුළුවන් නම් ජර්මන් චාන්සලටවත් කියන්න. ලංකාවේ පිටිසර පැතිවල මොනවාහරි කොම්පැනි ටිකක් දාන්න කියලා. සූරාකන්න හරි කමක් නෑ. රට ඉන්න අයයි, නගරයේ ජීවත්වන අයයි දන්නෑ. ලංකාවේ නගරයෙන් පිටිසර මිනිස්සු ජීවත් වෙන ආකාරය... අනික ලංකාව හොඳනම් සිල්වා බර්ලින් යනවැයි.

:       0       0

de silva berlin Saturday, 28 July 2018 06:56 AM

දනුෂ්ක මහත්මය , ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ට රැකියා සොයාගැනීමට මම දකින විදිහට තිබෙන භාදක කිහිපයක්ම තිබෙනවා , 1 ) ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සීමිත කොටසකට පමණක් සිමා වීම නිසා සරසවි සිසුන් යනු විශේෂ පුද්ගලයන් කොටසක් කියා ඔවුන්ගේ සිත් තුල මතයක් නිර්මාණය වී තිබෙනවා. එමනිසා ඔවුන් සුළු රැකියා කිරීමට නොපෙලඹෙන ගතියක් තිබෙනවා , 2) සරසවිය තුළ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂවල කෝණයකින් ඔවුන් බොහෝවිට සමාජය ගැන බලන නිසා ඔවුන්ට පුද්ගලික සමාගම් පෙනෙන්නේ ජනතාව සූරාකන කොටසක් ලෙසටය. 90% පාර්ට් ටයිම් ජොබ් තිබෙන්නේ පුද්ගලික අංශයේ 3 ) සරසවි සිසුන් කිවම ජනතාවගේ ඔලුවට එන්නේ නිතර දෙවේලේ උද්ඝෝෂණ කරමින් පාරවල් දිගේ ඇවිදින කොටසක් ලෙසටය. එමනිසා එම සමාගම් මොවුන්ට රැකියා දෙන්න මැලි වෙනවා. ධනුෂ්ක මහත්මයා මම අවංකවම සඳහන් කරන්න ඕනේ... විශ්ව විද්‍යාල සහ අනිකුත් අධ්‍යාපනය අතින් ජර්මනිය ඉන්නේ ලංකාවට වැඩිය ගව් ගණනක් ඉදිරියෙන් බව, මෙම තත්වයට හේතුව එම රටේ පුරවැසියන්ගෙන් වැඩි කොටසක් හොඳ අධ්‍යාපනය ලබපු පිරිසක් නිසාය. මම සිතනවා කොලඹින් පිට ඉපිද ලංකාවේ හැදී වැඩුණු සහ ලංකාවේ මුදල් ආයෝජනය කර ව්‍යාපාර ආරම්භ කරපු මට ලංකාවේ පිටිසර පළාත් ගැන තිබෙන අවබෝධය ප්‍රමාණවත් බව...

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site