IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංචාරකයෝ කෑම සොයා චූන් පාන් වෙත යති

(එම් .සුසිල්  ප්‍රියන්ත සහ  දයා සිරිල් ධම්මික  )

            ඇතිවී තිබෙන කොරෝනා වයිරස් බිය සමගම  සිය රටවලට යාමට නොහැකිව  හික්කඩුව සංචාරක පුරවරයේ  කොටුවී සිටින සංචාරකයින්ට තමන්ගේ ආහාර සපයා ගැනීම දැඩි දුෂ්කර කාර්යක්ව තිබේ .

ඇදිරි නීතියත් සමගම හික්කඩුවේ සංචාරක හෝටල් හා ආපනශාලා වසාතිබීම සහ කොරෝනා බිය නිසා  කිසිවෙකු විදේශිකයින්ට ආහාරපාන දිමට ඉදිරිපත් නොවීම නිසා එවැනි තත්ත්වයක් ඇතිව තිබේ.
 
එවැන් මොහොතක අද (25 ) පස්වරුවේ හික්කඩුව ප්‍රදේශයේ ගමන්ගත් චූන් පාන් රථයකින් සංචාරකයින් පිරිසක් කෑම ගන්නා අයුරු.


         

 



අදහස් (15)

සංචාරකයෝ කෑම සොයා චූන් පාන් වෙත යති

leel gunawaredna Wednesday, 25 March 2020 02:05 PM

සංචාරකයන්ට මෙවැනි වෙලාවක උදව් ,උපකාර කල යුතුයි මිනිසුන්ට කාත් කව්රුවත් නැති වෙලාවක උදව් උපකාර කරන එක අපිට උරුම දෙයක් නේද ?

:       0       2

leel gunawaredna Wednesday, 25 March 2020 02:05 PM

සංචාරකයන්ට මෙවැනි වෙලාවක උදව් ,උපකාර කල යුතුයි.

:       0       0

Walter White Wednesday, 25 March 2020 02:11 PM

මේ මිනිස්සු ගැනත් ටිකක් බලන්න, ටුවරිස්ට් හොටල නිරෝධායන මධ්‍යස්ථාන කරනවා වගේ මේ අසරණ වෙලා ඉන්න මිනිස්සු කොන් නොකර සතුටෙන් තියලා යවන්න, ඔවුන් ජීවිතේට අමතක කරන එකක් නැහැ ලංකාව ගැන.

:       0       2

විජිත් Wednesday, 25 March 2020 04:32 PM

"කුසගින්න" කියන්නේ මේ ලෝකයේ සිටින සියලුම ජිවින්ටත් ගස්කොලන්වලටත් අනිවාර්යයෙන්ම දැනෙන අතිශය සංවේදී හැඟීමක්. කුසගින්නට ජාති බේද, කුල බේද , ආගම් බේද නැහැ. ඔබට දැනෙන කුසගින්නම තමයි මටත් දැනෙන්නේ. අපේ රටේ ...සිංහල මිනිහාට දැනෙන කුස ගින්නම තමයි දෙමල මනුස්සයාටත් දැනෙන්නේ. මුස්ලිම් අයටත්, ජා, මැලේ.. බර්ගර් මේ අපේ සහෝදර රටවැසියන් සියලු දෙනාටම දැනෙන්නේ එකම " බඩගින්නයි". මේ ෆොටෝ එකේ ඉන්න, "අසරනවුන" විදෙශිකයින්ටත් දැනෙන්නේ ඒ කුසගින්නම නොවෙයි කියන්න තරම් මම අමානුෂික හිත පිත් නැති එහෙමත් නැත්නම් හැඟීම් නැති නරුමයෙක් නොවෙයි. ඒ වගේමයි මම දන්නවා ශ්‍රී ලාංකිකයින් කියන්නේ තමන්ගේ බත් පත අනුන්ට දීලා තමන් බඩගින්නේ සිටින මිනිසුන් සිටින රටක් කියලා. මේ බලන මගේ මිතුරු මිතුරියන්ට. මේ වගේ...තමන්ගේ නොවන රටකට ඇවිත් අසරණ වුන අය හමුවුනොත් කරුණාකරලා ඒ අයව ලඟම ඇති පන්සලට හෝ පල්ලියට ඇරලන්න. අපේ රටේ පන්සල් පල්ලි වල, මේ වගේ අසරනවුන අය දෙස නොබලා සිටින්නේ නැහැ. ඒ උතුම් මනුස්සකම තවමත් අපේ රටෙන් නැත්තටම නැතිවෙලා නැහැ.තවමත් තිබෙනවා.

:       4       230

wicky Wednesday, 25 March 2020 04:44 PM

මේ ෆොටෝ එක දිහා බලපුවහම හිතෙනවා සංචාරකයෝ මේ රෝග බෝ කිරීමට සහය දක්වනවද කියල. පේනවා නේද හැමෝම එක පොකුරට ඉන්නේ එක්කෙනෙක්වත් මුහුණු ආවරණ පැළඳ නෑ. රටේ මිනිස්සු මේ තරම් පරිස්සම් වෙද්දී මේ විදියට කිසිම වගකීමක් නැතිව හැසිරෙනකොට කොහොමද රෝග පැතිරීම නවත්වා ගන්නේ .

:       179       244

bandaWednesday, 25 March 2020 06:26 PM

මේ සංචාරකයෝ පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ . මේ මිනිස්සුන්ට මේ රටෙන් ඉක්මනින්ම පිටවෙන්න අවස්ථාව දෙන්න ඕන... ඇදිරිනීතිය දානකොට අපේ මිනිස්සු බඩු ගෙනත් කෑවට මේ මිනිස්සු හාමතේ. චුන් පාන් වාහනය දැක්කම මේ මිනිස්සු මුහුණු ආවරණ පමණක් නොවී දුවගෙන ආවත් පුදුම වෙන්න එපා...

:       2       300

විජිත් Wednesday, 25 March 2020 09:48 PM

සහතික ඇත්ත බණ්ඩා. මේ අය අපේ රට බලන්න ආපු අය මිසක්, හිතාමතා ලෙඩ රෝග අරගෙන ආපු අය නොවෙයි. අනික ලෙඩ රෝග කාට කාගෙන් කොයි වෙලාවේ හැදෙනවාද කියා කියන්න කාටවත්ම බැහැ. දැන් මේ අයට ආපහු යන්නත් බැහැ. ඉන්නම වෙනවා. එතකොට ඉන්න සල්ලි...? සංචාරකයින් කියන්නෙත් අපි වගේම මනුස්සයින්. අවුරුද්දේ මාස 11 කම රැකියාවෙන් එකතු කරගත් මුදල් ටිකක් අරගෙන ලෝකය බලන්න, ලෝකය ගැන ඉගෙනගන්න, සංචාරය කරන අය. සංචාරය අරඹන්න කලින් ඒගොල්ලෝ " බජට් " එකක් හදනවා. අපි අර රටේ සුමානයක් ඉමු. ඒකට වියදම මෙපමණයි. කෑමට, හෝටලයට දවසකට මෙච්චරයි.. අපහු යන්න ඕනා .. අහවල් දවසට කලින්.. මොකද ඒ ගොල්ලන්ගේ රැකියාව නැවත පටන්ගන්න දවස... වගේ ගොඩක් දේවල්. ඒ බජට් එක තීරණය කරන්නේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය අනුව. ඉතින් ඔහොම ප්ලැන් කරලා මේ රටට ආවාට පස්සේ ..මේවගේ ප්‍රශ්න ගොඩක් ඔළුවට වැටුනම .. එකම විසඳුම වහාම රටින් පිටවීමයි.. මොකද මුදල් අවසන්වේගෙන යනවා... එත් අපහු යන්නත් ගුවන් යානා නැතිනම්... ඔවුන් අන්ත අසරණ වෙනවා... තමන්ගේත් නොවන රටක... එකයි මම කිවේ අසරනවුන මේවගේ අය හමුවුනොත් ලඟම ඇති පන්සලකට ,පල්ලියකට යොමු කරන්න. අනිවාර්යයෙන්ම ඒ අය මේගොල්ලන්ට උදව් කරනවා. මේත් අපි වගේම මිනිස්සු..!!!

:       0       70

ajithWednesday, 25 March 2020 11:33 PM

ගොන් කතා කියන්න එපා . ඒ මිනිස්සු කන්න ැතුව ඉන්නේ. ඒ නිසා ඔය කියන විදියට එන්නේ කොහොමද ? අපේ රටේ මිනිස්සු මීට වඩා මානුෂික වෙන්න ඕනේ.

:       0       10

සිරිසේන මහදිවුල්ගන Wednesday, 25 March 2020 09:34 PM

මට දුක චූන් පාන් කාරයා ගැන, මේ ගොල්ල ෂුවර් එකට ඔය ජරා ලෙඩේ මේ රටින් යන්න ඉස්සර ඔය අසරණයාට බෝ කරන්නේ නැද්ද බලන්න.

:       160       112

rana Thursday, 26 March 2020 02:11 AM

ඔය කොලේ , ඇතුලට ගත්ත දැන් කන්නවත් නැහැ.... මේ ඇයො හෝ සනුවරේට ආයෙත් මෙහෙ එන්න කියාවිද ?

:       0       1

dd Thursday, 26 March 2020 03:14 AM

මේ අයත් මනුෂ්‍යයෝ. ඒ ගොල්ලන්ගේ හමේ පාට වෙනස් වුණාට බඩගිනි එනවා. අපිට කොස් ගෙඩියක් හරි කන්න අවස්ථාව තියෙනවා. මෙයාලට...? ළඟ ඉන්න කෙනෙක් පාන් කැල්ලක් දුන්නත් ඔබලාට පින්.

:       0       40

de silva Thursday, 26 March 2020 03:51 AM

මේ වැනි හදිසි අවස්ථාවක අසරණ වුන සංචාරකයෝ ගැන සොයා බලන්න ලංකාවේ "ටුවරිස්ට් බෝර්ඩ් "එක කියල ආයතනයක් තිබෙනවා. මෙවන් හදිසි අවස්ථාවක ඔවුන්ට කිසිම ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. ටුවරිස්ට් බෝර්ඩ් එකෙන් ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට කිසිම වැදගත් දෙයක් සිදුවෙන්නේ නැහැ. රට සාමකාමී අවස්ථාවල එකේ නිලධාරියෝ කරන්නේ හෝටලෙන්, හෝටලයට ගොස් ඒකේ සාමාජිකත්වය නොගතහොත් නඩු දමන බවට අයිතිකරුවන්ට තර්ජනය කිරීම. දැන් මේ නිලධාරීන් එක්කෙනෙක්වත් නැහැ. මෙවැනි අවස්ථාවක ඔවුන් ඉදිරියට එන්න ඕනේ. හදිසියකදී අතරමන් වුන සංචාරකයන්ට සහන සලසන්න ඔවුන් අඩුම තරමේ දුරකථන අංකයක් හෝ ප්‍රචාරය කරන්නේ නැහැ. මේ ටුවරිස්ට් බෝර්ඩ් එක කියන ආයතනය තනිකරම මහජන මුදලින් නඩත්තු වෙන සුදු අලියෙක්. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ?කරුණාකර ඕක අහෝසි කර දමන්න .

:       2       121

janahitha UAE Thursday, 26 March 2020 04:22 AM

මේ ගැන ජනපතිට ලිය දැන්වුවා ප්‍රදේශයේ ජනතාව, ග්‍රාම නිලදාරීන් පොලිසිය පින්තුර ගත්ත පුවත් නියෝජිත මේ ගැන වහාම අවදානය යොමු කොට පියවර ගත යුතුය ආගන්තුක සත්කාරයෙන් ඉහලම නමක් ලෝකයේ ලබා තිබෙන අපේ මවු බිමට මෙය කැළලක්

:       1       14

gamekolla Thursday, 26 March 2020 04:52 AM

මීට පස්සෙ ලංකාවට එන්න එපා. ලංකාවට කොරෝනා ගෙනාවෙ සංචාරකයන් නේ... ලංකාව දන්න ටුවරිස්ට්...

:       2       0

de silva Thursday, 26 March 2020 05:44 AM

හොඳම උදාහරණය අද ඔස්ට්‍රියාවෙන් විශේෂ ගුවන් යානයක් එවනවා ලංකාවේ ඉන්න ඔස්ට්‍රියන් ජාතිකයන් එරටට රැගෙන යන්න. මේ බව ඔවුන් වියානා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් රජය දැනුවත් කරලා සතියක් විතර වෙනවා. නමුත් සංචාරක මණ්ඩලෙන් මේ ගැන කිසිම දැනුවත් කිරීමක් ජනතාවට කලේ නැහැ. මේ විදිහට ඉඳල හිටලා රටවල් වලින් තම පුරවැසියන් ගෙන්වාගන්න ගුවන් යානා එවනවා. ටුවරිස්ට් බෝර්ඩ් එකට පුළුවන් මාධ්‍ය ආයතන හරහා ජනතාව දැනුවත් කරලා ලංකාවේ අහුමුලු වල හිරවෙලා ඉන්න සංචාරකයන් ආරක්ෂාකාරීව ගුවන් තොටුපල වලට ගේනවල රටෙන් පිට කරන්න. ඔවුන් කිසිම දෙයක් කරන්නේ නැහැ. විදේශවල තිබෙන ප්‍රදර්ශනවලට රජයේ වියදමින් නිලධරීන් සහ ඔවුන්ගේ අඹුවන් බුරුතු පිටින් කරන සංචාර සංවිධානය කරන්න නම් මොවුන් ඉතා දක්ෂය .

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site