IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විරෝධතා පාගමනින් අන්තරේ සිසුහු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12) කොළඹ දී පැවැත්විණි.

විවෘත සරසවිය කඩයක් නොකරනු සහ වැඩිකළ පාඨමාලා ගාස්තු වහා ඉවත් කරනු යන ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබිණි.

විරෝධතාවයට සහභාගි වූ සිසුහු කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් පා ගමන ආරම්භකර කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක ද නිරතවූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 



අදහස් (18)

විරෝධතා පාගමනින් අන්තරේ සිසුහු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට

Champa Wednesday, 12 February 2020 01:22 PM

අනේ හරිම හීලැයි. හරියට නිකම් "එන්න එන්න ඇවිල්ලා තේකක් එහෙම බීලා උද්ඝෝෂණය කරන්න" කියලා කරපු ආරාධනාවකට ඇවිල්ලා වගේ. අනිත් එක අර උද්ඝෝෂණ කරන්න වෙන්කරපු ස්ථානය බලන්න. රට පාවාදෙන ස්ථානය ලඟින්ම උද්ඝෝෂණය කරන්නත් ස්ථානයක් වෙන්කරපු එක මොනතරම් ලොකු තර්කානුකූල වියත් චින්තනයක්ද?

:       247       304

susantha Wednesday, 12 February 2020 01:32 PM

දැන් සති ගාණක් තිස්සේම දිනපතාම එනවා නේද? එකඑක දවසට එකඑක ඒවා ඉල්ලගෙන අන්තරෙන්... ඇයි යකුනේ මිනිස්සුන්ගේ කාලේ කන්නතුව හරියට සැලසුම් කරගෙන ඔක්කොම ඉල්ලීම් ටික එක පාර ඉල්ලගෙන වරෙල්ලකෝ. උඹලා දැන් අර මනුස්සයා උද්ඝෝෂණ කරන්න ඉඩ දීලා, උද්ඝෝෂණය කරන් එන හැමෝටම සාකච්ඡා දෙන එකටත් කෙලවලා දොඹෙන් යන්න කනවා වෙලාවක... අනිත් එක කන්න නැති පොඩි ළමයි කෑම බලාගෙන මහණ කරන එක වහාම නවත්තන්න ඕනෑ. වැඩිහිටි වෙලා තමන්ගේ අවබෝධයෙන් මහණ වුණාම ශාසනේ රැකෙයි.

:       28       469

RaveendraWednesday, 12 February 2020 03:07 PM

ඇත්තෙන්ම දියවන්නා ඔයේ ඉන්න බංකොලොත් රතුහැට්ටකරයන් මිනිසුන්ට සදහටම එපාවෙන කාලේ අතලඟයි. ඒ රතුහැට්ටකාරයින් පුදුම විදියට සාමාන්‍ය ජනතාවට වදයක්වෙන විදියට මේ " අන්තරේ ඉන්න ගොන් අන්දරේලාව නටවන්නේ ". ඒ ගොන් අන්දරේලා රැලටත් මොලේ කළඳක් නැති බව නම් ස්ථිරයි. මක්නිසාදයත් එක එකාගේ ඕනෑ එපාකම්වලට තමන්ගේ මිලකළ නොහැකි වටිනා කාලය කාදමන එක ගැන... අප නම් ආරක්ෂක අංශවලින් ඉල්ලන්නේ අහිංසක මිනිසුන්ට වදයක්, කරදරයක් ලෙස හැසිරෙන මෝඩ ගොන් පැටව් ටික අතරේ ඉන්න ගොන් නාම්බන් කීපදෙනා හඹා ගොස් 88/89 සිහිවෙන්න ඇඩ්රස් නැතිවෙන්නම දෙන ලෙස... ඒවා පව් නොව සමාජයට කරන මහඟු සේවයකි. තමන්ටත් වැඩක් නැති, උපන් රටටත් වැඩක් නැති, උපන් බිමට සදා ණය ඇති මෙවන් නූගත් අය ආරම්භ කරන්නෙත් දියව් දියව් කියා කෑ මොර දෙමින්ය. තමන්ගෙන් උපන් රටට මොනවද මේ වසුපැටව් මෙතෙක් දීලා තියෙන්නේ අඩුවශයෙන් තමන් ජීවත්වන සමාජට වැඩදායි මොනවද කරලා තියෙන්නේ? කිසිඳු දෙයක් නැත.

:       103       360

ShehanThursday, 13 February 2020 04:18 AM

අන්තරේ වැඩ කරන්නේ පෙරටුගාමීන් එක්ක... මම දන්නා විදියට නම් එයාලගේ කවුරුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නෑ...

:       14       199

Raveendra Wednesday, 12 February 2020 02:32 PM

අන්තරේ ඉන්න නූගත් අන්දරේලා නටවට දියවන්නා ඔයේ අය පසුගිය වසරේ ගත්ත 300% කෙසේවෙතත් මෙදා සැරේ 100% ගනියිද කියලා සැකසහිතයි.

:       54       186

රමත් Wednesday, 12 February 2020 02:51 PM

පිනට කන්න උපන් මිනිස්සු ටිකක් ලංකාවේ ඉන්නේ... හැමදේම නිකන් අරගෙන බකන් නිලාගෙන ඉඳලා මැරිලා යන්න කැමති නිකමුන් ඇති රටක් කෙසේ ඉදිරියට යාවිද?

:       10       372

JayaThursday, 13 February 2020 01:37 AM

සම්පූර්ණ ඇත්ත. හැමදේම නිකන් අරගෙන අන්තිමට උපාධියක් ගත්තට පස්සේ රස්සාවත් නිකන්ම දියන් කියලා උද්ඝෝෂණය කරනවා. ඊට පස්සේ නිකන් ඉඳන් පඩි කනවා. නිකමුන්ගෙන්ම පිරිච්ච රටක්...

:       28       1046

surath Wednesday, 12 February 2020 02:57 PM

ඔය යල් පැනගිය, ගතානුගතික රතු කඩතුරාව අයින්කරලා විවෘත මනසකින් ලෝකය දිහා බලලා රටක් වශයෙන් ඉදිරියට යමු නංගියේ, මල්ලියේ...

:       238       538

chandima Wednesday, 12 February 2020 04:21 PM

හාමුදුරුවෝ පණපිටින් දිව්‍යලෝකේ යන්න හදනවා වගේ? සිවුර ගෙන විශ්ව විද්‍යාලවල ඉගෙනීම අවසන් කළ යුතුයි. කැමතිනම් තාවකාලිකව සිවුරෙන් ඉවත්වී අධ්‍යාපනය හදාරා, හොඳ චරිතයකින් කල්ගෙව්වා නම්, ආපසු සසුනට ඇතුළු කර ගත යුතුයි. මේ පිරිස නිසා අපේ බුදුදහමට ඇති ගෞරවයත් නැතිව යනවා...

:       189       539

ranasinghe Wednesday, 12 February 2020 04:48 PM

මහජන බදු මුදල් නිකමුන්ට නොදෙමු.

:       24       85

Kumar (Gulf) Wednesday, 12 February 2020 06:56 PM

විශ්ව විද්‍යාලවල ළමයින්ට වදදෙන, රට කන අන්තරය. ජවිපයේ බළල් අණ්ඩ...

:       1       306

sunil perera Wednesday, 12 February 2020 11:38 PM

මේ විශ්ව විද්‍යාලවලට මේ කිසිම සමිති සමාගමක් අනවශ්‍යයි. තහනම් කරන්ට ඕනේ. මේ 3% ගොන් හැත්තගේ දේශපාලන සංවිධාන සහ මේ හැටහුටාමාරක් දේශපාලන පක්ෂ සහ ජාතිවාදී පක්ෂ සියල්ල තහනම් කළයුතුයි. නල්ලමලේ ප්‍රජාතන්තරේ දැන් අවුරුදු 72ක්ම රට කෑවනේ.. මේ ලස්සන රටේ ලස්සන ජීවිත වනසන්නේ මේ එළු රවුල් සංස්කෘතියයි.

:       139       219

vidya Wednesday, 12 February 2020 11:44 PM

පුද්ගලික අධ්‍යාපන ආයතනවල, උසස් අධ්‍යාපනය ලබූ තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාවෙන්ද පරිණතව හොඳ රැකියාවල යෙදී රටට සේවයක් කරනවා. සමහර අය ගෙදර ඇවිත් කුඹුරුවැඩ කරනවා නිවාඩු තියෙනකොට... ඔය රස්තියාදු පාගමන් ගිහින් කාටවත් හරි ගියේ නැහැ. අප්‍රේල් ඡන්දෙන් පස්සේ වතුර, කඳුළුගෑස්, රබර් උණ්ඩ වලින් තමයි ප්‍රතිචාර ලැබෙන්නේ... යකුනේ පිස්සු වැඩ කරන්නේ නැතිව අර කුඹුරු අස්වද්දන පිරිසට එකතුවෙලා වැඩක් ඇති වැඩක් කරපල්ලා....

:       0       224

vishwa Wednesday, 12 February 2020 11:54 PM

මේකේ අදහස් දක්වන අය දන්නේ නැහැ අන්තරය පාලනය කරන්නේ ආතක් පාතක් නැති පෙරටුගාමීන් කියලා..

:       2       236

Laal Thursday, 13 February 2020 04:21 AM

හැබැයි ටියුෂන් කඩේට දහස් ගණන් දෙන්න පුළුවන් කිසිම වදයක් නැතුව... ඉඳගන්න තියෙන්නේ අගල් හයක් වත් පළල නැති ලෑලි බංකු..

:       0       153

maheel Thursday, 13 February 2020 10:07 AM

මට ඇත්තටම උඹලා ගැන ලැජ්ජයි සහෝදරවරුනි. ඔතන මා එක්ක AL කරපු අයත් ඉන්නවා. වෙලාවට මට කැම්පස් යන්න බැරි වුනේ. එහෙනං මාත් අද උඹලා එක්ක අව්වේ වේලෙනවා. අද මං ඇඟේ හයියට හරි මාසෙට 60-70දාහක් හොයනවා. බැටන් පොලුවලින් කාලා ගැලවිච්ච තැන් තියෙනවා නම් වරෙල්ලා වැඩපොළට. සල්ලි එපා මං වෙල්ඩින් ඩොට් එකක් තියලා දෙන්නම්... බලපල්ලා ඉස්සරහට දාගෙන ඇවිත් උඹලා ඔය බැමි උඩ නගින්නේ අපි වැඳ වැටෙන ත්‍රිවිධ රත්නයෙන් එක රත්නයක් නේද කියලා...

:       0       209

lalithm Thursday, 13 February 2020 11:00 AM

රටේ උගතුන් කියලා ජාතියක් වගේම උගත්කම කියන්නේ මොකක්ද කියලා දන්නා අයත් ඉන්න ඕනේ... උපාධියක් ගත්තට වැඩක් නැහැ මාකට් එකට ඕනේදෙයක් ඉගෙනගන්න ඕනේ කියලා නොදන්නා එක තමයි ලොකුම නූගත්කම... අනික නිදහස් අධ්‍යාපනය කියලා උ.පෙළ වගේ තරඟ විභාගයකින් යන්තම් හරි ගොඩයන හැම එකාටම නොමිලේ උපාධි දෙන්නේ කාගේ සල්ලි වලින්ද? අපේම බදු මුදලින්... උපාධි නැතුවට හරිහමන් ශිල්පයක් ඉගෙනගෙන වෘත්තීය මාර්ගයකට යන්න මේ අයවලුන් දැනගන්න ඕනේ... එ්කට ඉතින් වියදමක් කරන්න බැරි නම් මොකක් හරි ණය ගිවිසුමකට පාර හදන්න රජය මැදිවෙන්න ඕනේ... මොනවා වුණත් මේ චීවරධාරීන් නම් මෙතන ඉන්න ඕනේ නැහැ. සසර දික් කරගන්න නම් චීවරයට යන්න ඕනේ නැහැ...

:       0       20

MAHESHIKA. Sunday, 16 February 2020 08:32 PM

අන්තරේට තැනක් වෙන් කරලා දුන්න නේද? හැබයි ජල ප්‍රහාර, කඳුලු වායුව නැතුවට, මහජනතාව ඔයාලට මල පහවලින් සරසන කාලේ අත ළඟ. ඔහොම යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1466 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site