IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රැකියා විරහිත උපාධිධරයෝ ලිබර්ට් වටරවුමේ විරෝධතාවයක්

පොරොන්දු වු පරිදි සංවර්ධන නිලධාරී පත්වීම් වහා ලබාදෙන්නැයි ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධීධාරී සංගමය අද (6) කොළඹ මහජන පුස්තකාලයේ සිට කොළඹ අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් ලිබර්ටි වටරවුමේ දී විරෝධතාවයක නිරත වුහ.

 

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (51)

රැකියා විරහිත උපාධිධරයෝ ලිබර්ට් වටරවුමේ විරෝධතාවයක්

sirimal Monday, 06 August 2018 09:33 AM

දැන් අපේ මහා සංඝ රත්නය අධ්‍යාපනය ලබන්නේ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කරන්නද? නැත්නම් රස්සාවක් හොයා ගන්නද? ලංකාවේ බුද්ධ ශාසනය අද පත්වී ඇති කණගාටුදායක තත්වයට වෙන අයට දොස් පවරලා වැඩක් නැහැ. වරද ඇත්තේ කළු පටි හිස දරා මහපාරේ හයිරන් පාර්ට් දාන බෞද්ධ කියා ගන්නා අයගේ මැයි. විවිධාකාර නිකාය භේදයන්ට මැදිවී ආණ්ඩු පෙරලන්න, ආණ්ඩු පත් කරන්න වෙහෙස මහන්සි වෙන, "හිට්ලර් වුණත් ඔට්ටුයි" කියන ජාතියේ අනුශාසනා අනුදැන වදාරන මහා නායක, අනුනායක ස්වාමින් වහන්සේලා වැඩ වසන කාලයක අපේ බෞද්ධයන් අද අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයම දැයි සිතන්නත් අමාරුයි.

:       1044       2406

Ananda Monday, 06 August 2018 09:37 AM

හාමුරුරුවරුන් උද්ඝෝෂණ වලට එය උතුම් චිවරයට කරන අගෞරවයක් .

:       0       639

asela Monday, 06 August 2018 09:40 AM

මමත් රැකියා විරහිත උපාධිධාරියෙක් එත් ආණ්ඩුවෙන්ම ජොබ් එකක් ගන්න බලාපොරොත්තුවක් නැ

:       216       377

Jehaan Monday, 06 August 2018 10:30 AM

අසේලට මම අවංකව සුභ පතනවා. ඉතා ඉක්මණින සුදුසු රැකියාවක් ලැබී ඔබේ උගත්කමින් රට වැඩක් කිරීමට හැකි වේවා. රටට අවශ්‍ය ධනාත්මකව සිතන ඔබ වැනි උගතුන් විනා , අධ්‍යාපනයේ සිට රස්සාව පරස්තාව දක්වාම ආණ්ඩුවේ පිහිටෙන් මහජන බදු මුදලින් යැපෙන්න ඉන්න කොට්ටාශයක් නෙවේ.

:       2       392

casmir Monday, 06 August 2018 10:39 AM

නිදහස් අධ්‍යාපනය... නොමිලයේ පාසල්, පොත්, ඇදුම් වසර දොළහක් රජයෙන් දෙනවා ... උසස් අධ්‍යාපනය තනිකරම නොමිලයේ දෙනවා මහපොළ සල්ලි එක්ක. දැන් රජයෙන් රස්සාවල් ඉල්ලනවා. මහම ගුණමකු මිනිස්සු ජාතියක්. හරිනම් සමහර දුප්පත් රටවල් කරනවා වගේ රජයේ උසස අධ්‍යාපන වියදම් නැවත අයකර ගන්න ඕන. මෙට්ට්චර ඇබෑර්තු පෞද්ගලික අංශයේ තියෙද්දී නිකන් ඉන්නද රජයේ රස්සාවල් හොයනවා.

:       107       578

vijaya kumara Monday, 06 August 2018 11:13 AM

එතනිනුත් පින් පඩියක් ගන්න බලාපොරුත්තුවෙන්.

:       1       579

RNG Monday, 06 August 2018 11:59 AM

දන්නෙ නැත්නම් හොයල බලන්න. උසස් අධ්‍යාපනය තනිකරම නොමිලයේ දෙනවා කිව්වට සෑම අධ්‍යයන වර්ෂයකටම ගෙවන්න ඕන..

:       724       955

RNG Tuesday, 07 August 2018 06:06 AM

මේකට වැඩි හරියක් ඩිස්ලයික් දාපු උන්දැලා මේ ගැන හරියට දන්නෙ නෑ.කොහොම වුනත් ඇත්ත ඒක.ඇත්ත තිත්තයි කියන්නේ නිකන් නෙවෙයිනේ..

:       755       66

Sarasi Monday, 06 August 2018 11:26 AM

මේ රට කවදාවත් දියුණු කරන්න බැරි , උපන්දා සිටම මහජන බදු මුදලින් යැපෙන්න බලාගෙන ඉන්න උගතුන් නිසා. උපාධිය කියන්නේ රජයේ රැකියාවට බලපත්‍රයක් නෙවෙයි. කිසිම රටක් උපාධියක් තිබෙනවා කියා රැකියා දෙන්න බැඳිලා නැහැ. මොකද තමන්ගේ උගත්කම පුද්ගලික අංශයේ රැකියාවකට යොදවන්න බැරි . ඕන තරම් පුරප්පාඩු තිබෙනවා . හැබැයි නිකම් ඈනුම් අරිමින් , පරක්කු වෙලා වැඩට එමින්, සේවාලාභී මහජනයාට ගොරවමින් , වාඩි වෙලා ඉන්නනම් ඉඩක් නැහැ .

:       6       611

ධනුෂ්කMonday, 06 August 2018 02:21 PM

ඔබ ඔබේ පාලකයන්ට මේක කියන්න. රැකියා වෙළඳපලට ගැලපෙන විදියට අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න කියලා. මෙතන ඉන්නේ ඔක්කොම කලා උපාධිදාරීන්. ඉතිහාසය, දර්ශනය, දේශපාලනය, සිංහල, බෞද්ධ දර්ශනය හා ලලිත කලා වැනි විෂයන් හදාරා අැති අය පුද්ගලික අංශයට අරන් මොනවා කරන්නද? අනික පුද්ගලික අංශ වැඩ කරන මම 60000ක වැටුපක් ගත්තත් මට ලක්ෂ පහක බංකු ණයක් ගන්න බෑ. ලංකාවේ පුද්ගලික අංශයට සලකන්නේ එහෙම. අනික කොළඹින් බැහැර දුර පළාත්වල ඉන්න අය තමන්ගේ දරු පවුල් අතැරලා කොළඹ එන්නද කියන්නේ? පුද්ගලික අංශයේ වැඩට. මොකද පුද්ගලික අංශයේ කියලා ගමේ තියන ගාර්මන්ට් එකේ රෙදි මහන්න උපාධි ගන්න වුවමනා නෑනේ.

:       522       536

මම1Tuesday, 07 August 2018 01:15 AM

බොහෝ දෙනෙක් තමන්ගේ උත්සාහයෙන් කාර්මික, මෘදුකාංග වැනි අංශ වල දැනුම පාඨමාලා හෝ අනික් ආයතන හරහා ඉගෙන ගෙන රැකියා හොයාගන්නවා. ඕ ලෙවල් කාලේ ගණිතය ආදිය ෆේල් වී, විද්‍යා, ගණිත, තාක්ෂණ ධාර වලින් ඒ ලෙවල් කරගන්න බැරුව, කලා අංශයෙන් ඒ ලෙවල් කලාම යන්න වෙන්නේ කලා උපාධි වලට තමයි. ඒවා එපා නම් කාර්මික විද්‍යාලයකට වත් ගිහින් යමක් ඉගෙන ගන්න. එහෙම නැතිව කලා උපාධියක් කරගෙන පින් පඩි කන්න පාරේ පෙලපාලි නොගිහින්.

:       132       155

akilaTuesday, 07 August 2018 09:33 AM

වෙළඳපොලට හරියන විදියට විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනස් කරන්න හැදුවහම ඔය ශිෂ්‍ය සංගම්කාරයෝම තමයි එකට විරුද්දවෙලා උද්ගෝෂණය කරන්නේ. මේ ළඟදිත් එක උනා මතකයි

:       17       15

ධනුෂ්කMonday, 06 August 2018 03:21 PM

ඔබ අදවත් මතක තබා ගන්න... රාජ්‍ය අංශයේ ඔබ ඔය කියන අමිහිරි අත්දැකීම් ලැබූ තැන්වල ගොඩක් ඉන්නේ උපාධිධාරීන් නොවන බව... එ් තැන්වල උපාධිධාරීන් හමුවෙන්නේ ඉතා සීමිතව... රාජ්‍ය අංශයේ උපාධිධාරීන් ඉන්නේ 20%ටත් අඩුවෙන්... ගහන්න පොටක් අහුවුනාම එල්ලගෙන ගහනවා. ගොඩක් අය එහෙමයි. මතක තියාගන්න රට හදන්න බැරිරට හදන තැන උගතුත්, බුද්ධිමතුන් නැති නිසා. රටේ සියල්ල තීරණය වන්නේ පාර්ලිමේන්තුවෙන් එළියට එන නීති මතයි. රටේ උගතුන් වැඩ කරන්නේත් එතන නූගතුන් සකසන හා අත උස්සන නීති මත. පුළුවන් නම් එතෙන්ට උගත් බුද්ධිමතුන් යවන විදියක් ගැන හිතන්න. ගියපාර කතිරය ගැහුව කෙනා කොහොමද?මේ රට අවුරුදු 70ක් පාලනය කලේ නූගතුන්. දැන් එ්ක අැති. දේශපාලනයට ගිහින් ගන්න උගත් නමබුනාම සැබෑ එ්වත් නොවන වග දැනගන්න.

:       133       267

මම1Tuesday, 07 August 2018 01:05 AM

එහෙමනම් රජයේ රැකියා පස්සේ නොගිහින් ඡන්දෙ ඉල්ලන්න.

:       21       60

naradha Monday, 06 August 2018 11:36 AM

උපාධීධාරීට පමණක් නොව රටේ ශ්‍රම බලකායේ සිටින අනිකුත් අයවලුන් සඳහාත් රැකියා ජනනය කිරීම රජයක වගකීමයි. නමුත් ඒ රැකියා රජයේ රැකියා විය යුතු යයි නීතියක් නැහැ. එමනිසා කිසි කෙනෙක් රජයේ රැකියාය දිය යුතු යයි කියා උද්ගෝෂණ පැවැත්වීමේ අර්ථයක් නැහැ.

:       0       219

රජින්ද Monday, 06 August 2018 11:47 AM

බොහෝ රටවල බුද්ධ ධර්මය හදාරන සහ එම ධර්මය ගැන මනා වැටහීමක් ලබන සාතීශය බහුතරයක් දෙනා මහාචාර්යවරු, ඉංජිනේරුවරු, දොස්තරලා, භෞතික විද්‍යාඥයින් ආදී වියතුන් බව දක්නට ඇත. එය එසේ වීමට හේතුවන්නට ඇත්තේ ධර්මයේ ඇති ගැඹුරු ස්වභාවයයි. නමුත් මෙකල බොහෝ දෙනා කලා උපාධියට සීමා වූ ඒ ගැඹුරු තථාගත ධර්මය කෙසේ වටහා ගන්නද කියා සිතුනි. අද සියල්ල භාව ස්වභාවයන්ගෙන් මිදුණු සිල්ලර සමාජ අවශ්‍යතා සදහා පමණක් සීමා වීම නිසා මිනිස්සු සියලුම දේ තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වේ. පත්වන සහ පවතින සියලුම රජයන්ද ජනතාවට අත්‍යවශ්‍ය දේ සපයා දෙනු වෙනුවට වැඩිම කොමිස් ප්‍රමාණයක් අතට ලැබෙන දේ කරයි. දිනෙන් දින අපේ රටේ ජනතාව ශාරීරිකවද මානසිකවද පරිහානියටම යයි.

:       0       156

gayan Monday, 06 August 2018 12:14 PM

උපාධිධාරින්ව අරන් කොහොමද රට හදන්නේ? බලන්න අපේ පාර්ලිමේන්තුවේ උපාධිධාරීන් අඩුයි. ඒත් රට පට්ටම දියුණුයි. අන්න ඒ විදිහට පත්වීම් දෙන්න ඕනේ. උපාධිධාරින්ට දෙන්න නරකයි.

:       4       16

ධනුෂ්කMonday, 06 August 2018 02:48 PM

මේ රටේ මිනිස්සු හිතන්නේ රාජ්‍ය සේවයේ ඉන්න බහුතරය උපාධිධාරීන් කියලා. මොකක් හරි වැඩක් කරගන්න ගිහින් අපහසුතාවයට පත් වුණාම උපාධිධාරීන්ට බනිනවා. හැබැයි ගොඩක් ඉන්නේ උපාධිධාරී නොවන අය. මේ රටේ රාජ්‍ය සේවයෙන් 20%ක් විතර තමා උපාධිධාරීන් ඉන්නේ. පාර්ලිමේන්තුවේ තත්වය ඊටත් අන්තයි. ඉන්න අයත් ඉගෙන ගත්තට උගත් බුද්ධිමත් කියන අය නමේ. අපේ මිනිස්සුත් කැමති එ්කටනේ.

:       105       177

P. de. silva - Canada Monday, 06 August 2018 12:17 PM

ඉහත සඳහන් අදහස් සම්පූර්ණයෙන්ම සත්‍යයයි. ජීවිතේ නොදුටු දේ දැන් සිදුවෙමින් පවතියි. මුලින් සාමනේර වහන්සේ නමක් සේ පැවදි දිවියට පා තබන අවස්ථාවේ කොපමණ සංවරද? මෙවැනි ආකල්ප අදහස් මත මහණ නොවෙති. ඒ වකවානුවල නමක් හෝ දෙනමක් වැරදි කර තිබුණත්, මුළු මහත් සඟරුවන පන්සල්වල වැඩ සිටිමින් ධර්මානුයෝගීව බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ආගමික කටයුතුවල යෙදුනේය. බෞද්ධාගමේ උන්නතිය උදෙසා. එකල පන්සලකට ගොස් වැඳ පුදා ගන්න කල ස්වාමින් වහන්සේලා හට කොපමණ දැහැමි ගරු භක්තියක් සිත තුළ පහළවේද? අද එවන් තත්වයක් ඇත්දැයි ප්‍රහේලිකාවකි. දැන් දැකීමට ඇත්තේ සිවුරු දරාගෙන හිසේ කළු පටි බැඳගත් රවුල් වවාගත් යකඩ වැටවල් සහ තාප්ප උඩ නගින පරුෂ වදන් කියන සඟ පරපුරකි. තව කොටසක් සංවරශීලි බවෙන් තොර චණ්ඩින් මැරයන්සේ දේශපාලන පොර පිටියේ සිරමැදිරිතුළ. සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේ හට මෙසේ නොපවසමි. කොටසක් කිරීමෙන් මුළු මහත් ශාසනයටම නිගාවකි. කැළලකි. උපන් බෞද්ධයන් වශයෙන් අපටද ප්‍රශ්නයකි. නිගාවකි. හිමිවරුන් හට වෙනම විශ්වවිද්‍යාලයක් තිබීම සුදුසු යයි සිතමි. උසස් අධ්‍යාපනය සඳහා මිස රැකියා සඳහා නොව. අපේ උතුම් නිර්මල බුදුදහම පෙරසේ නැවත පැතිරේවා....

:       0       747

dhamneth Monday, 06 August 2018 12:24 PM

මේ විරෝධතාවයේ යෙදෙන චීවරධාරීන් අපේ හාමුදුරුවරු සමග ආගමික කටයුත්තකට පැමිණියොත් අපිට සිදුවෙනවා පය සෝදලා පිරුවට දාලා මහා සංඝයාට සලකන සැලකිල්ලම දක්වන්න. එ්කයි මට දුක...

:       0       148

Perera Monday, 06 August 2018 01:48 PM

ලංකාව ඇරෙන්න උපාධිදාරින්ට රැකියා දෙන්න බැඳිලා ඉන්න වෙනත් රටවල් වල ආණ්ඩුවක් ගැන කවුරුත් දන්නවද?

:       0       78

ධනුෂ්කMonday, 06 August 2018 02:35 PM

මාත් දැකලා නෑ. රැකියා වෙළඳපලට නොගැලපෙන අධ්‍යාපනයක් ලබා දෙන රටක්. අනික ඔබට පුළුවන්ද? ඉතිහාසය, දර්ශනය, සිංහල, පාලි,සංස්කෘත,බෞද්ධ දර්ශනය,දේශපාලනය. භූගෝලය,සමාජවිද්යාව වගේ උපාධිධාරීන්ට පුද්ගලික අංශයේ රැකියා දෙන එක තැනක් පෙන්වන්න. ඔබතුමාලා දකින විදියට නම් මේකට එකම විසඳුම කලා උපාධිය සීමා කිරීම. මොකද පුද්ගලික අංශයේ හිමිකරුවන්ට කලා උපාධි මොකටද? මේ උපාධිධාරීන් පුද්ගලික අංශයේ දැනටමත් ගොඩක් රැකියා කරනවා හැබැයි සා.පෙ හෝ උ.පෙ සහතික වලට... හැබැයි නියමිත උසස්වීමක්වත් ලබා දෙන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ.

:       310       610

tommyMonday, 06 August 2018 04:23 PM

විශ්ව විද්‍යාලය තුළ පමණක් නොවේ. පාසල් තුලත් ඉතිහාසය, දර්ශනය, සිංහල, පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය, දේශපාලනය, භූගෝලය, සමාජවිද්‍යාව වැනි විෂයන් උගන්වනවා. පාසල් සහ විශ්ව විද්‍යාලවල මේ විෂයයන් ඉගැන්වීමේ පරමාර්ථය නම්, දැනුම සහ චින්තන ශක්තිය දියුණු කර සිසුන් හට පුළුල් ලෙස සිතීමේ හැකියාවක් ලබාදීමයි. එ්ක තමා ඕනෙම රටක අධ්‍යාපන ක්‍රමයේ පරමාර්ථය... ලංකාවේ වෘතීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද තිබෙන තත්වයට දියුණුවීමට ප්‍රථම, රැකියාවන් සඳහා මෙවැනි උපාධිධාරීන් හට රැකියා වෙළඳපොලේ ඉල්ලුමක් තිබුණි. නමුත් වර්තමානයේදී වෘතීය අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු වී රැකියා වෙළෙඳපලේ වෘතීය අධ්‍යාපනයක් ලද අයට ඇති ඉල්ලුම වැඩිවී ඇත. ඊට හේතුව විය හැක්කේ, වෘත්තීය අධ්‍යාපනයක් ලද කෙනෙක් රැකියාවකට පැමිණෙන විටම ඒ පිළිබඳව යම් ප්‍රයෝගික දැනුමක් තිබීම විය හැකියි. එබැවින් මේ උපාධිධාරීන් කළ යුත්තේ සුළු රැකියාවක් හෝ කර යම් වෘත්තීය අධ්‍යාපනයක් ලබා රැකියා වෙළඳපළට අැතුල්වීමයි.

:       0       2

මම1Tuesday, 07 August 2018 01:09 AM

මම අවුරුදු 30 ක් පුද්ගලික අංශයේ සේවය කරන්නේ. ඒකේ එක් කෙ කෙනාට ඕන උසස් වීම් දෙන්නේ නැහැ. ඒ වගේම සමාගමේ උන්නතියට කැපවෙන අයට නොදෙන දේකුත් නැහැ. සමාගමට වැඩ දායී කෙනෙක්ව ලේසියෙන් විශ්‍රාම ගන්නනෙත් නහැ. ඔබ ඔබගේ හැකියාවට උසස් වීමක් හෝ වැඩි පහසුකමක් ලැබිය යුතුයි සිතනවානම් සහ ඔබගේ රැකියාවෙ නොලැබෙනවානම් වෙන රැකියාවකට ඉල්ලුම් කරන්න.

:       4       3

casmir Tuesday, 07 August 2018 09:11 AM

දනුෂ්ක, ගාර්මන්ට් එකක ඇතුලට ගිහින් වැඩ කරලා, රටට ජාතියට ණයක් නොවී ජීවත් වෙන එක කොට්ච්චර වැදගත්ද මේ විදියට රටට බරක් වෙන්නේ නැතුව... පොඩ්ඩක් දැනේ නැත්තනම් හොයල බලන්ඩ ගර්මෙන්ට් වල වැඩකරන අය කොට්ච්ච්ර හොදට ජීවත් වෙනවද කියලා. ඔය බලෙන් රස්සාවල් අරගෙන රාජ්‍ය අංශයේ පරිපාලනයට ගිහිල්ලා රටම කනවට වැඩිය හොද නැද්ද තමුන් මහන්සියෙන් මොනවා හරි ඉගෙන ගන්නේ එක. මේ රට කන්නේ දේශපාලකයෝ විතරක් නොවේ. ලංකාව ගැන ඇත්තටම ගොඩක් දුකයි. අපි රට ජාතියට ණය නැහැ.

:       36       59

pakeer Monday, 06 August 2018 03:40 PM

කලා උපාධියට රැකියා නැහැ. කරන්න ඕනේ රැකියා අවස්ථා තියෙන උපාධියක්. එක්කෝ රට යන්න බලාගෙන....

:       0       1

Appuhami Monday, 06 August 2018 04:23 PM

අපේ රටේ මහජනතාව කැමැති උගතුන්ට තැන දෙන්න නෙමෙයි, මහබැංකුව හොරාකද්දී හොරුන්ට රටේ පාලනය අරන් දීමයි. ඔන්න ඕකයි ඇත්ත...

:       0       1

සනත් Monday, 06 August 2018 06:33 PM

මෙයාලා මැති ඇමතිවරුන්ගේ කේවට්ටයෝ විධියට පත්කරලා දැම්මනම් ප්‍රශ්නේ විසඳෙනවා.

:       0       1

Nalaka Monday, 06 August 2018 07:47 PM

ලංකාවේ ඉන්න වැඩකරණ පන්තියේ ඉන්න අය වල කපන්නේ ඒ පන්තියේ කෙනෙක්ටම තමයි. වෙන රටක නම් මිනිස්සු හිතන්නේ අනේ කොහොම හරි මේ දරුවෝ රස්සාවක් හොයාගන්නවානම් හොඳයි නේද කියලා. ඒකට ලංකාවේ ඉන්න මිනිස්සු. රටක රජයකට වගකීමක් තියනවා පුරවැසියන්ට රැකියා දෙන්න. යුරෝපයේ පවා එහෙමයි.

:       12       245

Karunarathne Monday, 06 August 2018 08:00 PM

මෙතන වැඩියක් අය සිතන්නේ කලා උපාධි මොකටද කියලා. උපාධියක් සැලසුම් කරන්නේ රැකියාවක් කරන්න ඉලක්ක කරලා නොවේ. කිසිම රටක. උපාධියක් ඉලක්කය බුද්ධිමතෙක් බිහිකරන්න, එසේ නොමැතිනම් විද්යතකයෙක් බිහිකරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිඝනක ආයතනයේ නිර්මාතෘ (ICT ) කලා උපාධිධරයෙක් . මේ ලිපිය ලියන ,මාත් කලා උපාධි ධරයෙක්. නමුත් , මාත් අද යුරෝපයේ යම් රාජ්‍ය ආයතනයක විධායක නිලධාරියෙක්. යුරෝපයේ රටවල් රාජ්‍ය අංශයෙන්ම රැකියාවල් දෙනවා. ඔබලා සිතනවානම්, රැකියාවක් ඉලක්ක කොට අධ්‍යාපනයක් හැදෑරීමට, එසේනම්, අපොස සා.පෙ පසුව පුද්ගලික අංශයට සම්බන්ධ විය යුතුයි, එසේ නැතිනම්, වෘතීය පඨමාලාවක් හැදෑරිය යුතුයි. ඔබලා, අනෙකාට අපහාස කරන තාක් ලංකාව දියුණුවන්නේ නැත.

:       0       132

RuwanTuesday, 07 August 2018 08:53 AM

කලා උපාධිය ගන්නේ බුද්ධිමතෙක් වෙන්න නම් ඇයි එයාල ජොබ් ඉල්ලන්නේ....බුද්ධිමතෙක් වෙලා ගෙදරට වෙලා ඉන්න කියන්නකෝ. අපිත් කලා වලින් උසස් පෙළ කලේ. ඒ පැත්ත අතැරලා හොද පැත්තක් තෝරගත්ත...වැඩේ ඉවරයි.මුල් කාලේ ලේබර් ජොබ් කලේ උසස් පෙළ ඉවර වෙලා. දැන් එයාර්පෝට් එකක වැඩ.මහන්සි උනොත් ගොඩ යන්න පුළුවන් ඕන කෙනෙක්ට.....

:       18       19

Ravi Monday, 06 August 2018 08:57 PM

ධනුෂ්ක, ඔබට කිසිම රටක සතුටින් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ වගේ. ඔබට හරියන්නේ අභ්‍යාවකාශයේ පාලු රටක්. පුද්ගලික අංශයේ වැඩ කරන උදවියට ණය දෙන්නේ නැහැ කියලා බොරු කියන්න එපා. මට ලැබුනා. නිකම් වැඩි වෙලා හිටියාට කොහෙද උසස්වීම් ලැබෙන්නේ . පුද්ගලික අංශයේ කාර්යක්ෂම සේවකයන්ට උසස්වීම් පඩි වැඩි වීම් තිබෙනවා. සරසවියෙන් පිටවුණා ගමන් මහා ඒජන්ත පුටුවේ වාඩි වෙන්න ලැබෙන්නේ නැහැ. මම රැකියාවක් ලැබෙනතෙක් උපකාරක පන්ති කළා. ත්‍රී වීල් එකක් එලෙව්වා. මහන්තත්ත උපාධිදාරියාට කොයි රටකවත් සතුටින් ඉන්න බැහැ.

:       117       369

ධනුෂ්කWednesday, 08 August 2018 04:09 AM

කවුරුත් වලිගේ පාගාගන්න එපා.මට රජයේ රැකියා ඔ්නේ කියලා මම කියලා නෑනේ. මට හතලිස්දාහක පනස්දාහක වැටුපකටක කොටු වෙන්න වුවමනා නෑ. මම දැන් සේවය කරන අායතනයෙනුත් ඉදිරියේ ඉවත් වෙනවා.මෙච්චර කල් සේවය කලේ පටන් ගැනීමට නියමිත ගොවිපලක මූලික කටයුතු කර ගැනීමට. මගේ පියා වඩු වැඩ කරන්නේ. මම ලී වලින් විසිතුරු භාණ්ඩ හදනවා. එ් වගේම ඉදි කරීම් අංශයේ.කාර්මික අංශයේ සියලු දේවල් මම කරනවා.කැඩෙන මැෂින් එකක්වත් ගෙදර කිසිම වැඩක්වත් මම පිට අයට කියලා කරගන්නෑ.එ් කැම්පස් ගියකාලේ ඉදිකිරීම් සමාගමකත් සේවය කල නිසා.ඉතින් මට මොකටද රැකියා. උපාධි සහතිකේ පුස් කාලත් අැති. මම පැහැදිලි කලේ මෙතන තියන ගැටලුව. මම කිව්වේ පුද්ගලික අංශයට කලා උපාධියෙන් වැඩක් නෑ.කියලයි අධ්යාපනය නවීකරනය විය යුතු බවයි.

:       0       89

ධනුෂ්කWednesday, 08 August 2018 05:01 AM

කවුරුත් වලිගේ පාගාගන්න එපා. මට රජයේ රැකියා ඕනේ කියලා මම කියලා නෑනේ. මට රැකියා වලට ගිහින් හතලිස්දාහක පනස්දාහක වැටුපකටක කොටු වෙන්න වුවමනා නෑ. මම දැන් සේවය කරන අායතනයෙනුත් ඉදිරියේ ඉවත් වෙනවා. මෙච්චර කල් සේවය කලේ පටන් ගැනීමට නියමිත ගොවිපලක මූලික කටයුතු කර ගැනීමට. මගේ පියා වඩු වැඩ කරන්නේ. මම ලී වලින් විසිතුරු භාණ්ඩ හදනවා. එ් වගේම ඉදි කිරීම් අංශයේ. කාර්මික අංශයේ සියලු දේවල් මම කරනවා කැඩෙන මැෂින් එකක්වත් ගෙදර කිසිම වැඩක්වත් මම පිට අයට කියලා කරගන්නෑ. එ් කැම්පස් ගියකාලේ ඉදිකිරීම් සමාගමකත් සේවය කල නිසා. ඉතින් මට මොකටද රැකියා. උපාධි සහතිකේ පුස් කාලත් අැති. මම පැහැදිලි කලේ මෙතන තියන ගැටලුව. මම කිව්වේ පුද්ගලික අංශයට කලා උපාධියෙන් වැඩක් නෑ කියලයි අධ්‍යාපනය නවීකරනය විය යුතු බවයි.

:       0       28

ධනුෂ්කWednesday, 08 August 2018 05:12 AM

මේ මහත්තයා නේද අර පාසලක කටුමැටි ගහපු පන්ති කාමරයක ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්න පන්ති කාමරයක් හදලා දෙන්න කිව්වම ටැබ් එපාද කියලා අැහුවේ. මහත්තයෝ කොපමන ඉගෙන ගත්තත් කොපමන ඉහලට ගියත්. බුද්ධියත් හදවතත් එහි තෙතමනයත් තබා ගන්න අසරනයන්ව හෑල්ලු කරන්න එපා. සමාජ ගටලු දිහා විවෘතව බලන්න. මොකද අප සියල්ල මිනිසුන් නිසා අපි හැම අතින්ම හරි සහ වැරදි දෙකම වෙනවා. හරිම දේ පමනක් කරනවනම් ඔහු සාන්තු වරයෙක් වෙන්නෝන. මම සෑම තැනකම කෙලින්ම හෝ වක්‍රව කියා අැත්තේ අපි රටේ යහපත් පාලනයක් පිහිටුවා ගත යුතු බව. මගේ අදහස් දේශපාලනිකයි.

:       0       141

sam Tuesday, 07 August 2018 01:03 AM

ඉතිහාසය, දර්ශනය, සිංහල, පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය, දේශපාලනය. භූගෝලය, සමාජ විද්‍යාව වගේ උපාධි අඩු කරලා ඒ අරමුදල් විද්‍යා උපාධි වලට යොමු කරමු.

:       0       3

d.upul Tuesday, 07 August 2018 05:24 AM

හාමුදුරුවරු බණට දෙසන්නෙම "අත් හැරීම" පුරුදු වෙන්න කියල.

:       0       22

Gihaan Tuesday, 07 August 2018 08:07 AM

ධනුෂ්ක, පුද්ගලික අංශයේ රැකියා දියුණුවට මහන්සි වෙලා වැඩ කරන කාර්යක්ෂම සේවකයාට අවස්තා ඕන තරම් තිබෙනවා. උපාධි සහතිකය බෙල්ලේ එල්ලාගෙන , තමන්ට ලැබිය යුතු ප්‍රතිලාභ ගැන විතරක් හිතලා පුටු රත් කලාට උසස්වීම් ලැබෙන්නේ නැහැ.

:       48       1

degree Tuesday, 07 August 2018 08:33 AM

දෑන් ඔය උපාධිදාරී අයට බෑරිද හොද වඩු කාර්මිකයෙක් වෙන්න? යකඩ වෑඩ කරන්න? මේසන් වෑඩ , ඒ වගේ දේවල් කරන්න. පිටරටවල මේවා කරන්න උපාධි තියෙනවා. අලුත් ක්‍රම හදුන්වලා දෙනවා. අපේ ජර්මන් ටෙක් එක වගේ. වඩු කාර්මිකයෙක් ලංකාවේ ලක්ෂෙකට වඩා හොයන්න පුලුවන්

:       27       1

ධනුෂ්කWednesday, 08 August 2018 04:59 AM

මේකනේ යාලුවා මොන තරම් පුද්ගලීකරනය වුන රටක වුනත් රාජ්ය සේවය පවත්වාගෙන යන්න මිනිසුන් උවමනයි. එ් වගේම රටේ කලාව, සාහිත්‍ය, භාෂාව, ඉතිහාසය, සංස්කෘතිය, අාගම, දර්ශනය පවත්වාගෙන යාමට වැඩි දියුණූ කිරීමට කලා උපාධි වුවමනයි. එ් වගේම ගණිතය, විද්‍යාව, තාක්ෂණය, වැනි ශුද්ධ විද්‍යා ඉගැන් වූ පමනින් පරිපූරණ සමාජයක් හා මිනිසුන් හදන්න බෑ මෙතනම පේනවනේ. ගැටලුවක් දිහා පුලුල්ව බලන්න බෑ. අවුල තියෙන්නේ කලා උපාධියේ නෙමේ, භාවිතයේ හා කලමණාරණයේ, රුපියල් 2500 ට ගොවියගේ මුදලින් ගන්න පොහොර මිටිය රටින් ගෙන්නන්න බැරි රටක් මේ. පොල් ගහකට දාන්න රටේ තියන ෆොස්පේට් නිධිය කඩා ගන්න බැරි රටක් මේ. ඉතින් මේ ගැටලු වලට ප්‍රතිපත්ති හදන්න පුලුවන්ද? ඡන්දේ ලංවෙලා කඩේ යවලා කිසි සැලසුමක් නැතිව බඳවා ගනී .පස්සේ ගෙවන වැටුපට වැඩා ගන්නේ නැතුව පිංපඩි කාරයො කියනවා.

:       0       133

බද්රානි Tuesday, 07 August 2018 01:01 PM

අනේ! මෙතන අදහස් පලකොට තිබෙන ධනුෂ්ක නමැති පුද්ගලයා ජීවත් වන මනෝ ලෝකය තුල ඔහුගේ සොඳුරු සිහිනය ඔහුට තනිවම රස විඳින්න ඉඩ හරින්න. පෞද්ගලික අංශයේ රැකියාවකට තරම් සුදුසු නොවන උපාධියක් හිමි ඔහු, රජයේ රැකියාවකට නම් ඕනෑවටත් වඩා සුදුසුකම් තිබෙන බව පැහැදිලියි. නමුත් ඔහු එක කාරණාවක් අවබෝධ කර ගත යුතුයි. ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් කලා උපාධියක් හිමි අයට වඩා, විනයක් සහිත උසස් පෙළ සමත් අයගෙන් රාජ්‍ය සේවයට හෝ රටට යම් සේවයක් සිදුවෙන බවයි.

:       196       36

ධනුෂ්කWednesday, 08 August 2018 04:37 AM

සෑම මිනිසෙකුටම තමන්ට අාවේනික මනෝ ලෝකයක් හා සොඳුරු සිහින පවතිනවා. සෑම කෙනෙක්ම එ් පසු පස හඹා යනවා. මමත් එහෙමයි. මගේ දෙමාපියන් හා ගුරුවරුන්ගේ නාමයෙන් මම එ් සියල්ල සැබෑ කර ගත්තා. දැන් තියෙන්නේ වැඩි දියුනු කිරීම පමනයි. හැබැයි සමහර වෙලාවට අප ගොඩ නැගූ සියල්ල එක තප්පරෙන් වැටෙන බවත් මා දන්නවා. මම අට ලෝ දහමට අනූව නිසා මට සියල්ල අහිමිව ගියත් කවදාවත් දුක හිතෙන කෙනුකුත් නෙමේ. හැමෝටම හීන හැබැ කරගන්නත් බෑ. හබැ කරගත් දේ කඩා වැටෙන වෙලාවලුත් තියනවා. එ් නිසා අනුන්ට ඊර්ෂයා කරමින්. අඳෝනා නගනවට වඩා තමන්ගේ සිහින සැබෑ කරගන්න උත්සාහ වෙනවනම් හොඳයි.

:       0       87

ධනුෂ්කWednesday, 08 August 2018 05:27 AM

මම සිහින ලෝකයක මනෝ ලෝකයක ඉන්නවා කිව්වට මම අය බැලුවා මම එහෙම අදහසක් දාලද කියලා. එ්ත් එහෙම නෑ. මම උඩ දාපු අදහස් දේශපාලනිකයි.(පහල එ්වා නොවේ) මම ගොඩක් වෙලාවට සමාජ ගැටලු හරහා දෙන අදහස තමා අපේ රටේ යහපත් පාලනයක් අැති කල යුතු බව. මේ සියලු ගැටලු පාලකයන්ගේ නිරමාණ බව.සමහර වෙලාවට කෙලින්ම නොකියන දේ.සමහර අයට තේරුම් ගන්න බැරිවෙලා අන්දුන් කුන්දුං වුනාම මෙහෙම කමෙන්ට් වැටෙනවා. හැබැයි තේරුම් ගන්න අය ගන්නවා.මම අදේවවාදියෙක් හා භෞතිකවාදියෙක් නිසා සමාජ ගැටලු බලන්නේ දේශපාලනිකව. මේකත් තේරෙන් නැත්නම් මට කරන්න දෙයක් නෑ.

:       0       84

බද්රානි Wednesday, 08 August 2018 09:05 AM

ධනුෂ්ක මහත්තයෝ, මම ලීවෙත්, ඔබ තුල පවතින දේශපාලන මනෝභාවය ගැනම තමයි. ලොව තුළ නොපවතින, ඔබගේ මනස තුල පමණක් පවතින ඒ දේශපාලන මනෝභාවයෙන් තමයි ඔබ ඔය අදහස් යොමු කරන්නේ. අදේවවාදියෙක් යයි පවසන ඔබ අහේතුක වාදියෙක් බව ඔබගේ අදහස් තුල ගැබ් වෙනවා. ඒ වගේම භෞතික වාදියෙක් යයි කියා ගන්නා ඔබ, අභියෝග හමුවේ විශාල භීතිකාවකින් පෙලෙන අයෙකු ලෙසයි මට නම් වැටහෙන්නේ. වචන පමණක් දැන, එහි අර්ථය නොදැන භාවිතයේ ආදීනව ඔබට නොවැටහීම ගැන මම නම් පුදුම වන්නේ නැහැ. ඔබ වැනි අය, රටේ දේශපාලනය ගැන කතාකිරීම වෙනුවට, තමන්ගේ දේහය පාලනය කරගැනීමේ ක්‍රම වේදයකට අවතීර්ණවීම වඩා අර්ථවත් යයි මට හැඟේ. ඒ කෙසේ වෙතත්, අඩුතරමේ, ලංකාවේ රජයේ ආයතන වලට අනවශ්‍ය ආකාරයෙන් සංඛ්‍යාත්මකව වැඩි සේවකයින් පිරිසක් බඳවා ගැනීමේ බර දැරීමට සිදුවන්නේ, මෙරට බදු ගෙවන අසරණ ජනතාව මත බවවත් තේරුම් ගැනීමට උත්සාහ ගන්න.

:       120       1

ධනුෂ්කWednesday, 08 August 2018 12:41 PM

ඔබ සිතනවා අැති මම මනෝරාජික සමාජවාදියෙක් කියලා. අැත්තෙන්ම නෑ මම ලෝක නැති පාලනයක් ඉල්ලා නෑ. ගොඩක් රටවල් වල හොඳ පාලන විධි තියනවා. මම කියන්නේ පොළවේ පවතින්න පුළුවන් යහපත් පාලනයක් ගැන. මම කිව්වේ ධනවාදය එපා සමාජවාදය ඕනෑ කියලා නොවේ. හේගල් කියපු විදියට වාදයේ ප්‍රතිවාදයේ ගැටුම තුලින් අැති වන සහවාදය වශයන් එ් දෙකම අද ලෝකයේ එකතුවෙලා පවතිනවා සමාජප්‍රජාතන්ත්‍රවාදය නමින්. එ් දෙකටම තනි පැවැත්මක් නෑ. අපට වුවමනා ජනතාවාදි පාලනයක් හැබැයි තියෙන්නේ බඩගෝ්ස්තරවාදයක්. හැබැයි ඔබේ වචන ටිකෙන්ම තේරෙනවා වචනවල තේරුම පිළිබඳ ඔබේ දුගීභාවය. අනික මම මොනවටද, කාටද බය වෙන්නේ.. මට කිසිම අභියෝගයක් නෑ. මම මේ දැනුත් වල් අලි යන එන පාරක මිතුරන් සමග ගහක් උඩ ඉන්නේ අලි එනකන් ඡායාරූප ගන්න. එතැන අලි පැටව් දෙන්නෙක් ඉන්නවා. මම සතුටින් ඉන්නේ. මට කිසිම භීතිකාවක් නෑ.

:       0       0

ධනුෂ්කWednesday, 08 August 2018 01:06 PM

ඔබට තියෙන්නේ මම කුමක් කීවත් ඊට විරුද්ධ වීමේ මේනියාව. එ්ක හොඳයි වඩා යහපත් අදහසක් එන්නේ එතකොටයි. විතණ්ඩවාදය හා අරාජකවාදයට එරෙහි බලවාදයත්. ධනවාදයට එරෙහි සමාජවාදයත්. මේ දෙකටම එරෙහිව ෆැසිස්ට්වාදයත්, විඤ්ඤාණවාදයට එරෙහිව භෞතිකවාදයත්. දේවවාදයට එරෙහිව අදේවවාදයත් අඳුරු යුගයට එරෙහිව පුනරුදයත් මිථ්‍යාවට එරෙහිව විද්‍යාවත්. අාවා හේගල් අනූව මේ සියලු වාදයන් හා ප්‍රතිවාදයන්ගේ ගැටීම මත අැති වන සහවාදය මතින් තමා මේ ලෝකය මෙතක් දියුනු වුනේ. හැබැයි අපේ රටේ තියන්නේ දේශපාලන බඩගෝස්තරවාදය පමණයි. මම ඉදිරිපත් කරන්නේ ඊට එරෙහි මතවාදයක් පමණයි. අනික මම මේවාගේ තේරුම හොඳට දැනගෙන කතා කරන්නේ. මට සීයක් විරුද්ධ වෙලා දහදෙනෙක් එකඟ වෙනවා නම් එ් වැඩිත් එක්ක...

:       0       0

Hasith Tuesday, 07 August 2018 04:20 PM

ධනුෂ්කලා වගේ උදවිය හිතන්නේ මම උපාධිදාරී කියපු සැනින් ඔක්කොම වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕන කියලා. පොඩ්ඩක් තේරුම් ගන්න. උපාධිය සහ රැකියා කුසලතා වෙනස්. උපාධිය කියන්නේ රැකියා කුසලතාව වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට රැකියා කුසලතා පිහිටන්න උපාධියක් තිබීම අත්‍යාවශ්‍ය නැහැ. මම දන්නා ලාංකික දොස්තර කෙනෙක් සුදුසු රැකියාවක් ලැබෙන තෙක් ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක කම්කරු රැකියාවක් කළා. ඔක්කොම නිකම් ඉඳලා පිනට බලාපොරොත්තු වෙන්න එපා. රැකියා වෙළඳ පොලට හරියන විදියට විෂය ධාරාව තෝරා ගැනීම තමන්ගේ වගකීමක්. ඒකටත් මෙතන රජයට ඇඟිලි දික් කරනවා. තමන්ට කිවිසුමක් ගියත් ආණ්ඩුවටයි රටේ අනෙක් මිනිස්සුන්ටයි බනිමින් කාලය කන මිනිස්සු කොට්ටාශයක් මේ රටේ ඉන්නවා.

:       56       252

Dulmi Tuesday, 07 August 2018 07:08 PM

ධනුෂ්ක බලාපොරොත්තු වෙන්නේ සර්ව සම්පූර්ණ රැකියා අවස්තාවක් නම් අන්න අඟහරු ලෝකේ සිට අහසේ තරු ගනින රැකියා ඇබෑර්තුවක් තිබෙනවා. හැමෝම හැම අතින්ම සතුටු කෙරෙන රැකියා අවස්ථා මේ පෘතුවියේ නැහැ.

:       42       0

Channa Tuesday, 07 August 2018 07:20 PM

මේ ධනුෂ්ක නරකද ඔබ පාර්ලිමේන්තුවට ගිහින් මේ රැකියා ප්‍රශ්නය විසඳුවොත්. එතකොට ඔබට පුළුවන් උපාධිදාරීන් නමැති උගතුන් සහ අනෙකුත් නුගතුන් ලෙස රටේ මිනිස්සු දෙකට බෙදා ගෙන වැඩ පටන් ගන්න.

:       31       0

Yasiru Tuesday, 07 August 2018 07:43 PM

ඕනෑම රැකියාවකට අදාළ වෘත්තීය කුසලතා තිබෙනවා. ඒවා නැති නම් උසස්වීම් පඩි වැඩි වීම් නැහැ. සමහරු පුද්ගලික අංශයේ රැකියාවකට ගිහින් මම සියල්ල දන්නා උපාධිදාරියෙක් කියා සිතමින් එතන අදාළ වැඩ හරියට ඉගෙන ගන්නේ නැහැ . මේ මොහොතේ හරියට අදාළ වැඩේ නොකර රැකියාවට ගිය පළමු දවසේ සිටම ඊළඟ උසස් වීම සහ පඩි වැඩිවීම ගැන කතා කරමින කාලය කනවා. අලුත් කුසලතා වර්දනය කර ගැනීමට කිසිම උනන්දුවක් නැහැ . පාරිභෝගිකයාට සුහදව විනීතව කතා කරන්න දන්නේ නැහැ . සාමුහිකව කණ්ඩායමක් ලෙස වැඩ කරන්න හැකියාවක් නැහැ . මේවා තමන්ගේ ආකල්පමය ප්‍රශ්න මිසක් උපාධියේ විෂය සටහන් වලින් ගොඩ යාමට පුළුවන් ප්‍රශ්න නෙවෙයි.

:       30       0

gallage Wednesday, 08 August 2018 03:26 AM

නිකන් කාලේ නාස්ති කරන වෙලේ රස්ස්සාවක් හොයාගන්න බැලුවන් නරකද ?.

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site