රොමේෂ් මධුෂංඛ
යාපනය සුලිපුරම්හි ඝාතනය කෙරුණු 06 හැවිරිදි පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ට උපරිම දඬුවම වූ මරණ දඬුවම ලබාදිය යුතු බව පවසමින් අද (3) මන්නාරම මාන්තෙයි නැගෙනහිර විරෝධතාවක් සංවිධානය කෙරිණි.
මාන්තෙයි නැගෙනහිර අරනේරි පාසලේ සිසු දැරියන් හා ප්‍රදේශවාසීන් එක්ව විරෝධතාව සංවිධානය කර තිබිණි.
මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම් එස්.ආර්.මන්සන්ධියේ සිට මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් ද සංවිධානය කෙරිණි.
විරෝධතාවයේ යෙදී සිටි පිරිස මෙසේ පැවසීය.
‘යාපනයේ ඝාතනයට ලක් වූ ශිවනේස්වරන් රෙජීනා දැරියත් පුන්කුඩතිව්හී විද්‍යා දැරියත් අකාලයේ මියගිය බවටත් විද්‍යා දැරියගේ ඝාතකයින්ට මරණ දඩුවම නියම වූ අයුරින් රෙජීනා දැරියගේ ඝාතකයින්ටද මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවටත්ය.
එමෙන්ම රෙජීනා දැරියගේ නඩුව ද විද්‍යා දැරියගේ නඩුව මෙන් මහාධිකරණයට පවරා නඩු ඇසීම ඉක්මන් කර වරදකරුවන්ට නිසි දඬුවම් දීමට රජය පියවර ගත යුතු බවටද මෙහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යාපන පාසල් දැරියගේ ඝාතකයින්ට නීතිය ඉල්ලා විරෝධතාවයක්
sunanda Tuesday, 03 July 2018 07:45 AM
විජයකලා විද්‍යා ඝාතකයන්ව නිදහස් කෙරුවා මතකද? කණුවේ ගැට ගහල ඉන්නකොට?