IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුතු පන්තිය මුහුදට දියවෙයි

(පුත්තලම - ජුඩ් සමන්ත)


පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හුදකලා දූපත් අතරින් එක්ක වන ආරච්චිකට්ටුව - මුතුපන්තිය දූපත ක්‍රමයෙන් මුහුදට දිය වෙමින් පවතින බව දූපත් වාසීන් පවසයි.


ආනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්යෙන් පිහිටා ඇති මෙම දූපත නැගෙනහිරින් හැමිල්ටන් ඇලටද බටහිරින් මහ මුහුදටද මැදිව පිහිටා ඇත.


පවුල් 150 ක් පමණ මෙම දූපතේ ධීවත් වන අතර ඒ සියළුම දෙනාගේ එකම ජීවන වෘත්තිය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.ආනවිළුන්දාව කුරුළු අභය භූමියට දෙස් විදෙස් සංචාරකයින් පැමිණීමට පටන් ගැනීමත් සමග සංචාරක හෝටල් කීපයක්ද මේ වන විට මුතුපන්තිය දූපත තුල ඉදිවෙමින් පවතින බවක් දක්නට ඇත.


වසර කීපයක සිට මුතුපන්තිය දූපත මුහුදට බිලිවීමේ අවදානමක් තිබුණි.මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විටින් විට හෙලි කිරීමත්,දූපත් වාසීන්ගේ දැණුම් දීමත් නිසා මුහුදු ඛාදනය අවම කිරීම සදහා ගල් වැට යෙදීමක්ද සිදු කර ඇත. නමුත් එම ගල් වැටි කීපයක්ද මේ වන විට මුහුදට ගසාගෙන යාමේ අවදානමක් මතුවී ඇති බව දූපත්වාසීන් කියයි.
මුතුපන්තිය දූපතේ අඩි 50 කට වැඩි ප්‍රමාණයක් මීටර් 500 ක පමණ දුරක් මේ වන විට මුහුදට පිලිවී ඇත.


ස්ථීර ගල් වැටී යෙදීමක් තුළින් මුහුදු ඛාදනය වැළැක්වීමට හැකියාවක් ඇති බවත්,එසේ නොවුනහොත් අනාතයේ දිනක මුතුපන්තිය දූපත සිතියමින් මැකී යාමට ඉඩ ඇති බවද දූපත් වාසීන් කියා සිටී.



අදහස් (5)

මුතු පන්තිය මුහුදට දියවෙයි

පෙරියසාමි Monday, 29 January 2018 12:00 AM

ගොඩබිමේ හැඩය ගොඩකර වෙනස්කරනවිට එම වෙනස් කිරීම නිසා කිසියම් ප්‍රදේශයක භුමිය සයුර විසින් ඛාදනය වේ.

:       142       32

Pradeep Liyanage Monday, 29 January 2018 02:58 AM

පාලකයිනි, මුහුදු ඛාදනය සාර්ථකව වලක්වා ගන්නේ කෙසේදැයි සියැසින් දැක බලා ගැනීමට මාල දිවයින වෙත පැමිණෙන්න. කළුගල් සහ එවැනි ස්වභාවික සම්පත් කිසිත් නැති මාල දිවයින් රාජ්‍ය ඉතාමත් සාර්ථකව මුහුදු ඛාදනය වලක්වා ගෙන තිබෙනවා පමණක් නොව දිනෙන් දින මුහුද ගොඩ කරමින් ඔහුන්ගේ ගොඩබිම් ප්‍රමාණයද වැඩිකර ගනිමින් සිටිනවා.

:       40       165

chamal Monday, 29 January 2018 08:04 AM

ලංකාවේ මුහුදු ඛාදනය අද, ඊයේ එකක් නොව, හැමදාම සිදුවන දෙයක්. මුහුද ගොඩ කිරීමෙයි, මේකෙයි මුකුත් නැහැ. ප්‍රදීප් මහත්තයා​, මාලදිවයිනේ මුහුද නොගැඹුරු සහ රළු නොවන මුහුදක්... ඒ නිසා මුහුදු ඛාදනයක් වෙන්නේ නැහැ...

:       52       79

කුමාර් (ගල්ෆ්) Tuesday, 30 January 2018 06:46 AM

කඩොලාන හිටවන්න ගන්න, කඩොලාන ප්‍රජාව මුහුදු කෑම නතර කරනවා පමණක් නොවේ මුදු ජලසම්පත්ද වර්ධනය කරනවා.

:       0       0

Vipula Tuesday, 30 January 2018 06:55 AM

පෙරියසාමිල සහ ප්‍රදීප්ල වගේ අයගේ අදහස් ගැනත් හොයල බැලුවොත් නේද හොඳ

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site