IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම පහළ බසී

 

 

(රංජිත් රාජපක්ෂ)                       

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබීම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව අද (9) තවදුරටත් පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි 9300 ක් වන අතර එම ජල ධාරිතාව මේ වන විට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහළ බැස තිබේ.

කාසල්රි ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 19,100 බවත් එය මේ වන විට අක්කර අඩි 114 (26.6) දක්වා පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

එම ජලාශ දෙකේම ජල ධාරිතාව පහළ බැස ඇති නිසා ජලාශ ඉදි කිරිමේදි යට වූ දුපත් සහ නටබුන් රැසක් මේ වන විට එම ජලාශවල රොන් මඩු තට්ටුව තුළ මල් වර්ග ද පිපි තිබේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාව විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි  උත්පාදනයට ජලය නිකුත් කර ඉදිරියේදි තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවතියහොත් එම ජලාශ දෙකේ ඉතිරිවන ජල ධාරිතාව පානීය ජලය සඳහා තැන්පත් කර ගත යුතු බවද විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (7)

මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම පහළ බසී

shan Tuesday, 09 July 2019 11:56 AM

තව කැලේ කපලා හේන් වවලා, ගෙවල් හදලා හෝටල් හදලා, සංචාරක ව්‍යාපාරය දියුණු කරලා ඉන්දියාවෙන් වතුර ගේමු. සියලුම වැව් ජලාශ රොන්මඩින් වැසී ඇත. ඒවා නිසි පරිමාවන්ට යලි පිරවීමට රජයට හෝ විපක්ෂයට හෝ උදේ හවස පාරේ කෑගහන්න කිසිම පක්ෂයකට වුවමනාවක් නැත. නමුත් ඔවුන්ට යන්න නවීන වාහන ගන්න කෝටි ප්‍රකෝටි ගණන් ඇස්තමේන්තු හදා පාස්කර ගැනීමට මහඑකාගේ සිට පොඩිඑකා දක්වා බොහොම උනන්දුයි. එදා ජලය අක්කර අඩි 150000ක් පුරවපු වැව අද අක්කර අඩි 50000 වත් පිරෙන්නේ නැත. ඒවා නඩත්තුවට මුදල් නැත. ගොවියාට වස බොන්න සිදුවී තිබේ. රටට හෝ ජනතාවට කිසිම වැඩක් නැති කලකන්නින්ගේ එක සැසියක් පවත්වන්නට කෝටි 3ක් වියදම් කළ හැකිය. මොවුන්ට ලෝකේවටේ සවාරි යන්න මුදල් තිබේ... හෙන හතම ගහන්න ඕනේ උපදින ආත්මයක් ගානේ...

:       0       516

විජිත්Tuesday, 09 July 2019 05:06 PM

ශාන් මල්ලි.., ඔබගේ සටහන ගැන මට කියන්න තියෙන්නේ එක දෙයයි... ඔබගේ අදහස් මම 100%ක් අනුමත කරනවා. එ්ත් අන්තිමට කිව්ව ..''හෙන හතම ගහන්න ඕනේ උපදින ආත්මයක් ගානේ..'' කියන එක මම අනුමත කරන්නේ නැහැ. ඇයි දන්නවාද.? .ඔබකිව දේශපාලුවන් ආයෙමත් මේ රටේ උපදිවී.. එ්ත් මිනිස් ආත්ම ඇතිව නොවෙයි ..

:       0       18

shan Wednesday, 10 July 2019 05:57 AM

විජිත අයිය 1977 සිට පත් උන සියලු දේශපාලන පක්ෂ තමන්ගේ සුඛ විහරණ හා තම පරපුර ගොඩනගා ගැනීම හා තමන්ගේ බලය සාදා ගැනීම වෙනුවෙන් කල අසික්කිත අසමජ්ජාති ක්‍රියා කලාපයන් නිසා රටට උන විනාසය කොතරම්ද කියා කිසිවෙකුට ගන්න බලා කිව නොහැක. කණගාටුවෙන් උවද කිවයුතුය අපේ රටේ ජනතාව කොයිතරම් අනුවනද කියන එක කිසිවෙකුට කිව නොහැක. මන්ද තමන් විසින් පත් කරන පුත්ගලයා ඔහුට අයිති ප්‍රදේශයේ ජනතාවට කිසිම වැඩක් නොකර සිටියෙදී ඔහුම යලි පත් කරන්න තරම් ජනතාව මෝඩ වනේය. එය එසේ නොවුනානම් අද මේ දේසපාලුවන් කිසිවෙක් අද පාර්ලිමේන්තුවේ නැත එක දේශපාලකයෙකුට රුපියල් ලක්ෂ 50 වර්ෂයකට ලැබෙන්නේ ඔහුගේ ප්‍රදේශයේ ජනතාවට අවැසි කාරයන් කිරීමටය නමුත් එම මුදලට වෙන දෙයක් හෝ කරන දෙයක්කි සිවෙක් නොදනී 1977 සිට එක වසරකට එක වැව බැගින් නිසි පරිදි නඩත්තු කලානම් නියමිත ප්‍රමාණයට රොන්මඩ ඉවත් කර සකසුවනම් අද අපි මේ ගැටලුවට මුහුණදෙන්න සිදු නොවේ කුබුරු පිටි පාලු නොවේ කිරිවැදුණු ගොයම වෙලී ගිනි තබන්නට සිදු නොවේ මගේ ආයාචනය ජනතාවනි පොඩ්ඩක් හිතන්න මෙය වෙනස් කල හැක්කේ ඔබට පමණයි අපි වෙනස් වෙමු එදාට අනෙක් අයට වෙනස් වන්නට සිදුවනු ඇත

:       0       40

vipula Tuesday, 09 July 2019 12:54 PM

ඉස්සර මෙම රූප දැක්කේ බොහෝ කලකට පස්සේ... දැන් මේ රූප අවුරුද්දෙන් අවුරුද්දට දකින්න ලැබෙනවා.

:       0       54

දිමුත්Friday, 12 July 2019 06:39 AM

ඒකෙන්ම තේරෙනවා අපි බරපතල තත්වයකට ළං වෙමින් තියෙනවා කියලා.

:       0       0

Thusitha Tuesday, 09 July 2019 11:22 PM

අක්කර අඩි 9300 ක් අක්කර අඩි 39.5 දක්වා අඩු වුනාම 26.7%, අක්කර අඩි 19,100 අක්කර අඩි 114 දක්වා අඩු වුනාම 26.6% වෙන්නේ කොහොමද කියල කවුරු හරි මට කියල දෙනවද?

:       0       8

shan Wednesday, 10 July 2019 12:05 PM

අක්කර අඩි 9300ක් අක්කර අඩි 39.5 දක්වා අඩුවුණාම 26.7%, වන්නේ නැහැ. අක්කර අඩි 19,100 අක්කර අඩි 114 දක්වා අඩු වුණාම 26.6% වන්නේ නැහැ. එ්ක ඕනෙම කෙනෙකුට තේරෙනවා. හැබැයි මේ දත්ත මට හැඟෙන විදිහට මුළු ජල ධාරිතාවයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ අක්කර අඩි 9300ක් අක්කර අඩි 39.5ක් දක්වා අඩු වුණාම 0.4247% අක්කර අඩි 19,100 අක්කර අඩි 114 දක්වා අඩු වුනාම 0.5968% මෙයාලා කියල තියෙන්නේ දැනට මාස කීපයකට පෙර පැවතුණු ජල ධාරිතාවයෙන් සිට මේ දක්වා අඩුවෙලා තියන පරිමා ප්‍රතිශතය.. හැබැයි මේ දත්ත එහෙම නෙවේ කියනවා නම් මේ දත්ත හදලා තියෙන්නේ නගර සභා නෝනා එක්ක එක පන්තියේ උන්නු කෙනෙක්... අපි බලමු කොයිකද හරි කියලා...

:       0       31

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site