IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නියගයෙන් පීඩා විදින කිලිනොච්චිය වැසියන්ට යුද හමුදාවෙන් පානීය ජලය

(රොමේෂ් මධුෂංඛ)


කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මේ දින වල බලපා ඇති නියං තත්වය හේතුවෙන් එහි ජනතාව දැඩි පානීය ගැටලුවකට මුහුණ පා ඇති හෙයින් එම ජනතාවට පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන   තිබේ.


කිලිනොච්චියේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන කරච්චි, කණ්ඩාවලෙයි, පච්චිලිප්පලෙයි,  පූනකරී කොට්ඨාශයන්හි සාමාන්‍ය වැසියන් පවුල් 25,000 කට අයත් පුද්ගලයින් 100,000 කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බවට කිලිනොච්චිය ආපදා කලමණකරන ඒකකය පවසයි.


මේ අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 වන සේනාංකයේ 571 වන බලසේනාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් ප්‍රදේශයේ පවුල් 350 කට අධික පිරිසකට පළමු පියවර වශයෙන් අවශ්‍ය පානීය ජලය ලබාදීම සිදු කළ අතර ඊට අමතරව භාරතී පුරම් සහ අන්නායි සාරදා පාසල්හි සිසු දරුවන් වෙනුවෙන්ද පානීය ජලය ලබා දීමට පියවර ගෙන තිබුණි.



අදහස් (8)

නියගයෙන් පීඩා විදින කිලිනොච්චිය වැසියන්ට යුද හමුදාවෙන් පානීය ජලය

nuwan Wednesday, 12 September 2018 05:38 AM

හමුදාව එපා කියල කෑ ගහන මිනිස්සු හමුදාව දෙන වතුර බොනවද?

:       281       468

Hafeel Wednesday, 12 September 2018 07:35 AM

හමුදාව එපා කියල කෑ ගහන්නේ ඇඟිල්ලෙන් ගණන් කරන්න තරම් ඉතා සුළු පිරිසක්. ඔවුන්ටත් ආරක්ෂාව සපයන්නෙත් ඔවුන් එපා කියන අපේ පොලීසිය සහ ආරක්ෂක හමුදාව. උතුරේ ජනතාව දන්නවා හදිසි ආපදාවලදී ඔවුන්ට උදව් කරන්නේ හමුදාව බව. පහුගිය ගං වතුර තත්ත්වයෙදීත්, මුලතීව් වැව කඩයාමට ඔන්න මෙන්න තියද්දී, මුලතීව් ජනතාව එම වැව අරාක්ෂා කරන්න හමුදා ආධාර ඉල්ලුවා. අදත් එහෙමයි.....

:       17       124

nuwanWednesday, 12 September 2018 08:40 AM

එහෙනම් බහුතර ජනතාව ඔය කියන සුළු පිරිසට විරුද්දව පාරට බහින්න ඕනේ. ඕක වෙන්නේ නැති නිසා ජාත්‍යන්තරේ විශ්වාස කරන්නේ සුළුතර කට්ටිය කියන දේ.

:       232       436

HafeelWednesday, 12 September 2018 02:14 PM

මෙහමයි නුවන්. අපේ රටේ මිනිස්සු අසාධාරයට විරුද්ධව පාරට බහිනවනං, රට මෙතරම් ප්‍රපාතයට යනවද? හොඳ උදාරණයක් තමයි, මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න පුරෝගාමීවූ ෆොන්සේකාව අසාධාරණ ලෙස හිරේ දාන්නකොට, මේ රටේ ම්නිස්සුන්ගෙන් සීයට කීයක්ද පාරට බැස්සේ? තවද ජාත්‍යන්තරය අපිව නොපිළිගන්නා හේතුව, අපේ විදේශ ප්‍රතිපත්තිවල සහ අපේ විදේශ ඇමතිවරුන්ගේ දුර්වලකම නිසා. ඔය ඩයස් පෝරා ඇතුළු බෙදුන්වාදීන්ට විරුද්ධව ජාත්‍යන්තරයට කියන්න අපිට ඕනේ තරම් කරුණු කාරණාවල් තියනව. කොටින් විසින් අහිංසක මිනිස්සු අමු අමුවේ මරාදාපු, ඔවුන් විසින්ම මරාදාපු දෙමල නායකයෝ, අවසන් සටනේදී කොටින්ගෙන් බේරිල ආපූ ඔවුන්ගෙන්ම මිනිස්සුන්ට ප්‍රහාර ඇල්ල කළා. නමුත් අපේ රණවිරුවන් එසේ ආපූ මිනිස්සුන්ට කන්න බොන්න දීල, වෛද්‍ය පහසුකම් දීල සැලකුව. මෙවැනි කරුණු කාරණාවල් තියද්දීත්, අපේ ජනීව යන පිරිස් මොනවාද කරන්නේ? කීර්තිමත් අපේ තානාපතිවරයක්ට ජනාධිපති ඉදිරියේ පහර දෙනවා, විනෝද වෙනවා, විදේශ ණය ගන්න ජනීව අසාධාරණ ඉල්ලීම්වලට එකඟ වෙනවා, දැන් ඊයේ කැබිනෙට් එකේ ත්‍රස්ත මර්දන පනත වෙනස් කරන්න ඉදිරිපත් කළා. මේවා අපේ දුර්වලකම. මෙගමනට සරත් වීරසේකරව හරි සම්බන්ද කළ යුතුයි.

:       172       321

prabha Wednesday, 12 September 2018 09:29 AM

නුවන් ඒ මිනිස්සු හැපෙන්නේ එදා වේල හොයාගන්න. පාරවල් දිගේ කෑගහන්නේ වැඩක් කරන්නැති මිනිස්සු ...

:       60       79

nuwanWednesday, 12 September 2018 09:55 AM

කතාව ඇත්ත. කාගේද එහෙනම් වැරැද්ද? සුළුතර කට්ටියගේද නැත්නම් ඒ කට්ටියට නටන්න දෙන පාලකයින්ගේද?

:       78       32

HafeelWednesday, 12 September 2018 04:41 PM

ඒ ඒ ජන කොටස් මෙහයවන නායකයෝ කියන අය. ඒ ජනතාවත් ඒ වලට අහුවෙනවා.

:       0       2

krish Wednesday, 12 September 2018 09:50 AM

මොනවා කළත් උතුරට හමුදාව එපා. එල්.ටී.ටී.ඊ. තමයි හොඳ...

:       123       103

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site