IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නන්දා මාලිනියට දර්ශනසූරී උපාධිය

(ගයාන් අමරසේකර)

සිංහල සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් කළ ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මියට අද(6) දර්ශනසූරී සම්මාන උපාධිය හිමිවිය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති සේවාර්ජිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අතින් ඇයට දර්ශනසූරී උපාධිය පිරිනැමිණි.

උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (32)

නන්දා මාලිනියට දර්ශනසූරී උපාධිය

kasun sandaruwan Friday, 06 October 2017 09:22 AM

ඔබට මහාචාර්ය උපාධිය දුන්නත් කමක් නැහැ. ඒ තරම් ඔබ තුමිය විශිෂ්ටයි... මිනිසුන් අතර සුවිශේෂී මිනිසෙක්.. තෙරුවන් සරණයි ඔබ තුමියට...

:       629       4036

maheeFriday, 06 October 2017 10:24 AM

කසුන්, ඔබ සමග මුළුමනින්ම එකඟයි. ඇත්තටම, එතුමියට මේ ගෞරවය ලැබිය යුතුව තිබුණේ බොහෝ කලකට පෙරයි. හෙළ සංගීතයට විශිෂ්ට මෙහෙවරක් කල /කරන නන්දා මාලිනි කලා රැජිනට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි.

:       285       3076

Dharme Friday, 06 October 2017 10:43 AM

කසුන්, මහාචාර්ය කියලා උපාධියක් නැහැ. මහාචාර්ය කියන්නේ, විශ්ව විද්‍යාලයක සුදුසුකම් අනුව ලැබෙන රැකියා නාමයක්.

:       0       195

kasun sandaruwanMonday, 09 October 2017 04:26 AM

ධර්මේ මහතා දැනුවත් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. එහෙත් මහාචාර්ය පදවියට එතුමිය සුදුසු බැව් මට හැඟේ....

:       0       0

Raveendra Friday, 06 October 2017 09:35 AM

ඔබතුමියට අපගේ උණුසුම් සුබ පැතුම්!!!!!!!!!!

:       1       2800

Bandu Friday, 06 October 2017 09:44 AM

සනත් නන්දසිරි මහත්මයාට වම් පැත්තේ ඉන්නේ ටෙනිසන් කුරේ මහත්මයා නේද ?

:       649       460

RuwanFriday, 06 October 2017 10:10 AM

නුගත් කම තිබුනට බුද්ධිමත් මිනිසුන්ට අපහාස කරන එක සිංහලකමට කොහෙත්ම ගැලපෙන්නේ නැති බව තේරුම් ගන්න. ඔබට එය තේරුම් ගැනීමට නුවනක් නැත්නම් මම ඔබෙන් සමාව අයදිමි.

:       9       303

abraaSaturday, 07 October 2017 03:31 AM

සමහරවිට ඒ ඉන්නේ අපේ රංගන කලාවට විශිෂ්ට සේවයක් කරපු ටෙනිසන් කුරේ මැතිතුමා විය හැකියි... බන්දු ඔබගේ අනුමානය හරි විය හැකියි....

:       109       16

RanSaturday, 07 October 2017 11:19 AM

ඒ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි. නාට්‍ය හා රංගකලාවේ ලංකාවේ ඉන්න විශිෂ්ටතමයෙක්. ඒ වගේම ඒ පිළිබඳ නව සොයා ගැනීම් කල උගත් මහත්මයෙක්...

:       4       51

upali Friday, 06 October 2017 09:48 AM

කසුන් සඳරුවන් කියන දෙයට මමත් එකඟයි. මේ තමයි සදාකාලික තරු ඔබතුමියට අපගේ උත්තමාචාරය....

:       1       101

RaveendraFriday, 06 October 2017 10:15 AM

උපාලි මයා වෙත, ඔබගේ අදහස්වලින් නව පරපුරේ " වල්ග තරුවලට " කලවැද්දන් හට භූමිතෙල් දැමුවා හා සමානය.

:       0       87

Ruwan Friday, 06 October 2017 09:56 AM

88-89 කාල පරිච්ඡේදයේදී ඔබගේ ගීත අකුණු සැරයක් වුණා පවතින රජයට. එතරම් ප්‍රබල එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව සටන් කරන්නට චන්ද්‍රිකා මැතිණියට එකම පිහිට වුනේ ඔබේ ගීතයන්ය. ඔවුන් රැස්වීම අැරඹුමට පෙර ඔබගේ ගී වාදනයෙන් මිනිසුන්ට නියම මාවතක් පෙන්නුම් කරන්න උත්සාහ ගත් බව අද වනවිට ඔවුන්ට අමතකවීම ගැන ඇත්තේ දුකකි. උදාහරණ ලෙස දෙතිස් වදය දී මරන්න......

:       0       332

ලුම්බිණි Friday, 06 October 2017 11:12 AM

මට මතක් වුණා අමරදේව ශූරින් සමග පටන් ගත් ''ආරාධනා"' ප්‍රසංගය.

:       0       80

ශලනි Friday, 06 October 2017 11:15 AM

හැබැයි අර කොනේ හිටන් ඉන්න බවලතී නම් මේ දෙයට එච්චර කැමැත්තක් නෑ වගේ පේන්නේ.

:       10       40

abaranFriday, 06 October 2017 12:25 PM

මටත් ඒකම හිතුනා...

:       1       14

savanthSaturday, 07 October 2017 08:26 AM

දැක්කම එහෙම හිතුනට ඒ පින්තුරය ගත්තේ එයාගේ අවධානය වෙන අතක තිබෙන වෙලාවේ නේද?

:       0       2

MAHINDA PIYASIRI Friday, 06 October 2017 01:38 PM

ඔබ තුමියට මහාචාර්ය උපාධිය දුන්නත් කමක් නැහැ. ඒ තරම් ඔබ තුමිය විශිෂ්ටයි... මිනිසුන් අතර සුවිශේෂී කෙනෙක් .. තෙරුවන් සරණයි ඔබ තුමියට...

:       1       28

ලක්ෂි Friday, 06 October 2017 02:23 PM

රටම භීෂණයෙන් වෙලීගිය කාලයේ "පවන" ප්‍රසංගයේ අභීත ගැහැණියගේ ශ්‍රේෂ්ඨ හඬ තාමත් අපේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙනවා...."යදමින් බැඳ විලංගුලා..මගේ පුතා රැගෙන යන්න.."

:       0       27

Kumari Friday, 06 October 2017 03:29 PM

ඔබතුමියට අපගේ උණුසුම් සුබපැතුම්.. !!!

:       0       22

Dr. Edward Perera Germany Friday, 06 October 2017 03:31 PM

ඔබ වැනි ශ්‍රේෂ්ඨ කලාකාරිණියක් යුග මෙහෙවරක යෙදීම සඳහා අපේ යුගයේ ශ්‍රී ලංකාද්වීපයේ ජන්මය ලැබීම අප ලැබූ භාග්‍යයක්. ජාතියේ මහා ගාන්ධර්ව දිවංගත පණ්ඩිත් අමරදේවයන් ඔබට ගුරු වීමත් අප මිත්‍ර මහාචාර්ය සුනිල් ආරියරත්නගේ දාර්ශනික සිතුවිලින් විධාරණය වූ කාව්‍යකරණය ඔබගේ හඬ පෞරුෂයට මුසුව පහළට ගළා බසින විට ඒ ගීත විශේෂයෙන් තරුණ පරපුරේ හදවත්වල ගැඹුරින් සනිටුහන් වුණා. ඒ තුළින් ඔබ අපට අමර දේවියක් වුණා. මගේ මතකය 1975 නැගෙනහිර බර්ලිනයේ සතියක් පුරා පැවති ලෝක තරුණ සම්මේලනය වෙත නිතැතින් දිව යන විට ඔබට දරන්න පුළුවන් මට්ටමේ චාම් කැමරාවක් මිළදී ගැනීමට ඔබ මාගේ සහය පැතු අන්දම මට අද මෙන් සිහිපත් වෙනවා. ලෝක සමාජ වාදයක් පිළිබඳ අප සියලු දෙනා එදා එක්වන්ව පැතු ලෝකය සිහිනයක් බවට පත් වන්න ගත වී ඇත්තේ දශක 2 ක පමණ කාලයක්. තවලම ඉදිරියට ඇදෙද්දී බල්ලන් බිරුවත්, තවලම යායුතු තැනට ඔබ විසින් එය ගෙනත් ඇත. ඒ සිහින යළි පණ ගැන්වෙන අලුත් ලෝකයකට පණ දෙන්න අපි නැවත ලක්දෙරණේම යළි උපදින්නට ප්‍රාර්ථනා කර ගනිමු.

:       0       260

sarath mallikage Saturday, 07 October 2017 12:10 AM

පුජාච පුජනීයනන්

:       0       9

dasun Saturday, 07 October 2017 02:17 AM

සුදුස්සෙක් වේ නම් යමකට එය ලැබිය යුතුය කියන කතාව කියවුනේ හුණු වටයේ කතාව නාට්‍යයේ නේද. මෙන්න සුදුස්සෙක්ට දෙයක් ලැබුනා. සමහරක් තැන්වලදී ඔබ තුමිය සමග මා එකඟ නොවුන මුත් ඔබගෙන් අපේ සිංහල සංගීතයට සිදුවුණු මෙහෙවර කියා නිමකල නොහැක. ජීවිතේ ඔබට රිදුනු තැනක් ඇත්නම් ඒ ලැබුණු දුක් මේ ලැබුණු සතුට නිසා කෙළවර වේවා කියා පතමි.

:       0       17

emerson Saturday, 07 October 2017 04:04 AM

ඔබතුමියට දීර්ගායුෂ. පුලුවන්නම් මේ අලුත් ගායකයින්ට ඉගෙන ගන්න පන්තියක් දාන්න

:       0       10

ramanSaturday, 07 October 2017 05:51 AM

අපෝ දැන් කාලේ ඉන්න සමහර අවුරුදු 2 - 3 ප්‍රවීණයෝ මෙතුමියට විතරක් නෙවෙයි මුළු සංගීත ලෝකෙටම උගන්වාවි.

:       0       3

piyal batuwangala Saturday, 07 October 2017 04:41 AM

ඔබතුමියට තෙරුවන් සරණයි ස්තුතියි...

:       0       8

sena Saturday, 07 October 2017 04:50 AM

බොහෝ ප්‍රමාදවෙලා හරි එතුමියට ලැබිය යුතු සම්මානය ලැබුනා - හරිම සතුටුයි

:       0       3

ramani Saturday, 07 October 2017 05:56 AM

සැන්දෑ කළුවර නිසා පැල්පත් දසුනෙන් ඈත් වුවත් සරා සඳ ඔබ තනි කරේ නැත. හෙළ දෙරණේ කඳුල සුසුම වගේම සිනහව සොම්නසත් ඔබේම වේවා.!!!

:       0       5

Sunil Saturday, 07 October 2017 10:04 AM

මම අතිශයින් අගය කරනවා .. එතුමිය දුෂ්කර මාර්ගයක් ඇවිත් සිංහල සංගීතයට සිදුකර තිබෙන දායකත්වයට.

:       0       1

PRADEEP MANJULA Saturday, 07 October 2017 02:43 PM

ඔබට මහාචාර්ය උපාධිය දුන්නත් කමක් නැහැ. ඒ තරම් ඔබතුමිය විශිෂ්ටයි... මිනිසුන් අතර සුවිශේෂී මිනිසෙක්.. තෙරුවන් සරණයි ඔබ තුමියට...

:       0       6

L w Bope Saturday, 07 October 2017 03:16 PM

සනත් නන්දසිරි මැතිතුමාට වම්පසින් සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර පාලි සහ සංස්කෘතික පීඨයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයි.

:       0       13

ashok, Doha Saturday, 07 October 2017 07:02 PM

මගෙ උණුසුම් සුබපැතුම්

:       0       3

emerson Sunday, 08 October 2017 12:28 AM

දේශාබිමානි ගීතයෙන් { මගේය මා ගයනා මේ ගී }පටන් ගත් ඔබ වරෙක පෙම් ගී {ආලය නම් }ගැයුවේය. වරෙක ජීවිතයේ තනිවූ ඔබ විරහ ගීතද {තනිවෙලා මා තනිවෙලා }ගැයුවේය.පීඩිත මිනිසුන් ගැන ගී ගැයූ ඔබ නන්නාදුන තුවක්කු කරුවන්ගේ ඉලක්කය වීද සිටියේය ඔබ ජීවිතය ජයගත් අයුරු සෙසු කාන්තාවන්ට අදර්ශයක්ය අවසන් වශයෙන් කීමට ඇත්තේ ඔබ ඇමෙරිකාවේ හෝ බටහිර යුරෝපයේ ඉපදුනානම් අද ලෝකාප්‍රසිද්ද ගිකාවක් බවය

:       0       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site