IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා දේව කන්නලව්වක්

(දීපාල් ද සිල්වා)     
      
              
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට  ආශිර්වාද කිරිමටත් ජනාධිපති පොදු සමාව ලබාගැනීමටත් බොදුබල සේනා සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු ගිහි පැවිදි පිරිසක් සීනිගම දෙවොල් මහා දේවාලයේ දී දේව කන්නලව්වක නිරත විය.
 
පසුව දේවාලය තුළ දී පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණි.
 
දේවාලය අභියස පොල් ගසා ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස අයැද සිටියේය.



අදහස් (30)

ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා දේව කන්නලව්වක්

පියල් Friday, 10 August 2018 08:50 AM

හිරේ යවන්න එපා කියලා කළින් කළා නම් මොකද? දැන් කරන්නේ කරන අයගේ වාසියට වගෙයි පෙනෙන්නේ.

:       0       0

Arjuna Ranawana Friday, 10 August 2018 08:58 AM

ඇයි උන්වහන්සේගේ පන්සලේ දෙවියෝ අහක බලාගත්ත ද ? අද හෙටම වැලිකඩ දේවාලයේත් පොල් ගහන්න පුලුවන් නේ........

:       0       0

Mahee Friday, 10 August 2018 09:02 AM

අනේ බුදු හාමුදුරුවනේ, මෙන්න ඔබ වහන්සේගේ බුද්ධ පුත්‍රයෝ!

:       0       0

chandana Friday, 10 August 2018 09:03 AM

විහිළු පිට විහිළු.

:       38       223

BamunuarachchiSunday, 12 August 2018 04:58 PM

අරගොල්ලෝ දැන් දිස්ත්‍රික්කයක් ඉල්ලනවා තව ටික දවසකින් ඉල්ලන දේවල් දුටුවාම ඥානසාර හාමුදුරුවරු දාහක් මෙරට ඕනේ කියාවි. මේ අයට අනාගතයේ රටට වෙන්න යන දේ පෙනෙන්නේ නැත. එය දැන්ම තේරුම් නොගත්තොත් නුඹලාට තේරෙනකොට රට විනාශ වී හමාරය.

:       28       0

Ruwan Friday, 10 August 2018 09:07 AM

පොදු ජනතාව මේ යහපාලන රජය පත් කලේ පෙර රජය මෙන් වැරදි කරන පිරිසට පොදු සමාව දීමට නොවේ. එම නිසා කළ යුත්තේ පෙර මෙන් සමන් මහා දේවාලේ බස්නායකට මෙන් පොදුසමා නොදී වරදට දඬුවම් දී රටට අාදර්ශයක් සැපයීමයි...

:       14       267

sam Friday, 10 August 2018 09:07 AM

ජනාධිපති පොදු සමාව ලබාගන්න සීනිගම ගිහින් හරියනවද? ඒකට පොල් හරි ගල් හරි ගහන්න ඕනෑ ජනපති නිල නිවසටයි.

:       0       170

නාලක Friday, 10 August 2018 09:14 AM

පොල් ගැසිම්, දේව කන්නලව් වගේ දේ වලින් අපේ ස්වාමීන් වහන්සේලා බෞද්ධයින්ට දෙන ආදර්ශය මොකද්ද?

:       225       725

පෙරුමාල් Friday, 10 August 2018 09:15 AM

සියලුම මිනිසුන්ගේ ගෞරවයට පාත්‍රවූ සිවුර අවභාවිත කරන මෙවැනි අමනයින් ට සිර දඬුවම් නොව මරණය දෙන්න දෙවියනි!!!

:       68       253

erdiFriday, 10 August 2018 10:00 AM

පෙරුමාල්... කවදාවත් දෙමළෙක් ඔය විදිහට සිවුරකට ආගමකට අපහාස කරන්නේ නැහැ. ඔබ දෙමළ නමක් භාවිතා කරන මෝඩයෙක්. ඥානසාර හිමියන්ට ලිහිල් දඬුවමක් ලැබේවා ..!!!

:       358       78

nimalFriday, 10 August 2018 12:35 PM

එර්දි ඔබ කියන සියලු දේ අනුමත කරමි.

:       317       360

ප්‍රීති Friday, 10 August 2018 09:19 AM

සීනිගම දේවාලය බොදුබල නිකායේ මුදුන් මල්කඩ වගේ නේද? ඒ නිසා ඥානසාර හාමුදුරුවන්ව හිරෙන් නිදහස් කරගෙන එම දේවාලයේ ප්‍රධාන කපු තනතුරට පත් කිරීමේ කිසිදු වරදක් නැහැ.

:       0       170

විජිත් Friday, 10 August 2018 10:41 AM

හොඳ අදහසක් ප්‍රීති, මෙයාගේ වැරදි එකක් නොවෙයිනේ තියෙන්නේ. පෙර වැරදි කීයක් තියෙනවද? හැබැයි හිරෙන් නිදහස් වූ වහාම උපැවිදි විය යුතුයි. දුශ්ශීල චීවරධාරීන් සියල්ලන්ම සමාජ විරෝධී නීතිවිරෝධී වැඩ කරන්නේ සිවුරට මුවා වෙලා. සිවුර අයිති උතුම් වූ ධර්මය අනුව තම ඒකායන අරමුණ නිවනම කරගත් ශිල්වත් සුපේක්ෂකාමී හිමිවරුන්ට පමණයි. කවදාක හරි ධර්ම සංගායනාවක් පැවැත්වූවොත් මේ දුෂිතයින්ට යන්න එන්න තැන් නැතිවෙනවා. 1948න් පසු රට පාලනය කරමින් රට නැත්තටම නැතිකළ අන්ත දූෂිත දේශපාලුවන් රැලට " බොරු බණ " කියකියා තමයි උන්ට ඉන්න වෙන්නේ... තව දෙයක් .. මේ දුශ්ශීලයින් මිය ගිය පසු තමයිලු " පොලියත් " එක්කම දඬුවම් ලැබෙන්නේ.

:       150       270

samFriday, 10 August 2018 11:51 AM

විජිත්, ඔබගේ ප්‍රතිචාරය ඉහළින් අගයමි. බීලා, ලයිසන් නැතුව වාහන එළවලා, පදිකයින්ගේ අතපය කඩාපු කෙනෙකුට ලැබෙන දඬුවම මොකක්ද? චීවරයක් දරාගෙන ජාතියේ මුර දේවතාවුන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන අය උපැවිදි කර බුද්ධ ශාසනයට වන අගෞරවය වලක්වා නොගැනීමෙන්, මහානායක හිමිවරුන් සහ අධිකරණ සංඝනායක හිමිවරුන් තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරනවා නොවේද?

:       1       295

erdi Friday, 10 August 2018 09:32 AM

ඒකටත් කපුවන්ට කියලා නොදැක්ක දෙවියන්ට දේව කනල්ලව්වක් වැදගත් පාර්ශවයන් රටේ පාලකයන් සමග සාකච්ඡ කිරීමෙන් ඥානසාර හිමියන්ට සහනයක් ඉල්ලාගැනීම වැදගත්. මොකද මීට වඩා දරුණු අපරාධකාරයෝ එයාර්පෝර්ට් වහල දඬුකඳේ ගහනවා කියපු රටක් මේක.

:       0       37

manoja Friday, 10 August 2018 09:43 AM

මෛත්‍රී දෙවියන්ගේ බැල්ම ලැබෙයිද බලමු... පත්තරේ දාපු එක හොඳයි දෙවියන්ට දැනගන්නත් එක්ක..

:       0       211

sirimal Friday, 10 August 2018 10:12 AM

දේව කන්නලව්ව කරන්න තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාට චීවරය දරාගත්තේ මොන කාරණයකටද කියා වැටහී ආණ්ඩු පෙරලනු වෙනුවට බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා වැඩ කිරීමට නුවණැස පහල වේවා කියලයි...

:       0       24

කරුණාපාල Friday, 10 August 2018 10:24 AM

බොහෝ දෙනෙකුට තවමත් නොවැටහුණාට, ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුතුව දෙවියන් අදහන බුද්ධාගම් කාරයින් ජීවත් වෙන එකම රට මේ සිරිලංකාවයි. සීනිගම දේවාලයේ දෙවියන්ගේ පිහිටෙන් රටට හා අපේ රටේ සමහරක් දේශපාලකයින් හට මේ ස්වාමින් වහන්සේලා කරන සේවය දන්නේ, සීනිගම දේවාලයේ දෙයියන් හා මේ ස්වාමින් වහන්සේලා පමණයි. අවාසනාවකට ඒ විශිෂ්ඨ සේවාව, බඩ ගොස්තරයෙනුත් එහා ගිය සේවාවක් බව තේරුම් අරන් තිබෙන්නේ මේ රටේ කීයෙන් කී දෙනාද?

:       313       16

upaliFriday, 10 August 2018 12:33 PM

කරුණාපාල, තමන්ට සිදුවමින් පවතින හානියවත් නොදකින අනුවණයන් සිටින රටක් ඔබ වැන්නවුන් සිටීමත් සතුටක්... ඉක්මණින් ගරු ස්වාමීන් වහන්සේට සහනයක් ලැබේවා !!!

:       207       0

රවිඳු Friday, 10 August 2018 02:47 PM

කරුණාපාලගේ අඥකොරොස් කතාවට, උපාලි මඤ්ඤං වෙලා වගේ කියලා හිතෙන්නේ මට විතරද?

:       0       92

BamunuarachchiSunday, 12 August 2018 11:58 PM

මේ කතාවයි අපේ හාමුදුවෝයි අතර ඇති සම්බන්දය මොකක්ද?

:       0       0

ෆෙරෝස් Friday, 10 August 2018 10:51 AM

ඒ කියන්නේ බුදුන්ට වඩා දෙවියන් බලවත් බවයි...

:       0       152

රවීන්ද්‍ර Friday, 10 August 2018 10:53 AM

සිව්රත් කපුවෙකුටම ඇන්දුවා නම් ඉවරයි.. පුදුම බෞද්ධ හාමුදුරුවරු තමයි.. ඥානසාර හිමිගේ දඬුවම අඩුකර ගන්න නම් නිකම් බයිලා නැතිව ඇපෑල් කරපල්ලා..!

:       0       172

නාසා Friday, 10 August 2018 10:57 AM

අධිකරණයට අපහ‍ාස කිරීමේ චෝදනා යටතේ රන්ජන් රාමනායකට නඩු ගොනුකළ මාගල්කන්දේ සුදත්ත හාමුදුරුවෝම එම චෝදනා යටතේම දඬුවම් නියමවූ ගලබොඩඅත්තේ හාමුදුරුවො වෙනුවෙන් " ජනපති සමාව" ඉල්ලනවා !!! නියම විහිළුව....

:       0       300

indika Friday, 10 August 2018 11:43 AM

අපි නම් අහලා තියෙන්නේ, බුද්ධාගමට අනුව දෙවිවරුත් පින් ලබාගන්නේ මිනිසුන්ගෙන් කියලයි. අනේ මන්දා මේ ගොල්ලෝ දෙවිවරු පස්සේ යන්නේ මොකද?

:       0       27

ගයාන් Friday, 10 August 2018 01:38 PM

ඇතැම් චීවරධාරීන්ගෙන් නිර්මල බුදු දහම බේරා ගනිමු. ධර්ම විනය සංග්‍රහයක් සඳහා බලකරමු.

:       0       68

Chanak Los angeles Friday, 10 August 2018 02:47 PM

දෙවියන්ටත් පිහිට වුනේ බුදුරදුන්.. ඇතැම් බුද්ධ පුත්‍රයින් බුදුහාමුදුරුවන්ටත් නිග්‍රහ කරනවා ..

:       62       114

niresh Saturday, 11 August 2018 05:07 AM

අනේ මෙහෙමත් මිනිස්සු ටිකක්. වෙන වැඩක් නැද්ද මෙහෙම සමාව ඉල්ලන්නේ? එහෙම වුනොත් හැම වැරදි කරන කෙනාටම සමාව දෙන්න ඕනෑ.

:       0       0

BamunuarachchiSunday, 12 August 2018 11:53 PM

එහෙනම් හිටපු ජනාධිපතිවරු එල්ලුම්ගහට නියමවුණු මිනිසුන්ට නිදහස දුන්නේ... ඒගැන මොකද කියන්නේ? මේ හාමුදුරුවෝ කතා කලේ ජාතිය ආගම වෙනුවෙන් මිස තම පුද්ගලික වාසියට නොවේ. දේශපාලකයන් සිංහල ජාතිය බුද්ධාගම වෙනුවෙන් ඔය කොටස කරන්නේ නැත.

:       0       0

mani Thursday, 16 August 2018 03:18 AM

හොද වැඩක් කරනවානම් කවුරුත් දොස් කියන්නේ නැහැ මන් හිතන විදිහට තමන්ගේ ස්ථානය රැකගෙන ඉනවානම් . ඒක ඒ උන්වහන්සේගේ වැරද්ද නෙවේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ වැරදි එයාව උසිගන්වනේ මිනිස්සු මන්දා මන් දන්නේනැහැ මන් වැරදිද කියලා මමත් දහම් පාසල් ගිහිල්ල තියෙනවා එදා අපිට පෙන්නපු මෛත්‍රී කරුණාව මේ නම ලග නැහැ කියන ඒක තමයි මම කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site