IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජෝඩු ඇල්ල සුන්දර වෙයි


(ශාන්ත චන්ද්‍රසිරි)

 
නකල්ස් වනාන්තර පද්ධතියේ තවත් එක් සොඳුරු නිර්මාණයක් වන  ජෝඩු දිය ඇල්ල මේ දිනවල එම කලාපය ආශ්‍රිතව පවතින වර්ෂාව හේතුවෙන් සුන්දර දසුන් මවමින් කඩා හැලෙමින් පවතී.
 
උසින් මීටර් 45 ක් වන ජෝඩු දිය ඇල්ලට එම නම වැටී ඇත්තේ එක සමාන දිය ඇලි දෙකක් එකම අයුරින් එකම ස්ථානයේ  කඩා හැලීම හේතුවෙනි.
 
වත්තේගම- බඹරැල්ල මාර්ගයේ තවලන්තැන්න, ප්‍රදේශයෙන්  ගොස් මෙම දිය ඇල්ල වඩාත් පහසුවෙන් නැරඹිය හැකි බව නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදි සමින්ද විදානගේ මහතා පවසයි.
 
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ පහස නොලැබු මෙම සුන්දර දියඇල්ල අවට ප්‍රදේශයට මේ වනවිට යළිත් සංචාරකයන් පැමිණෙමින්  පවතින බවත්, දියඇල්ල හා නකල්ස් සුන්දර වනාන්තර පද්ධතිය හා ඒ අවට අනෙකුත් දියඇලි නැරඹීමට ඒමේදි පොලිතීන්, ප්ලාස්ටීක් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය රැගෙන නොයන ලෙස ඒ  මහතා ඉල්ලා සිටී.
 
සංචාරකයන් නැරඹීමට පැමිණි කෙටි කාලයක්  තුළදී නකල්ස් වනාන්තර පද්ධතියේ දිය ඇලි අවට විවිධ අපද්‍රව්‍ය එක්රැස්ව ඇති බවත්, නකල්ස් වනාන්තර පද්ධතිය හා ඒ අවට ප්‍රදේශ පොලිතින් හා ප්ලාස්ටීක්වලින් තොර කලාපයක් ලෙස නම් කර ඇති බැවින් එවැනි අපද්‍රව්‍ය කිසිවක් එම ප්‍රදේශයට රැගෙන නොයන ලෙස සංචාරකයන්ගෙන් සමින්ද විදානගේ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.



අදහස් (30)

ජෝඩු ඇල්ල සුන්දර වෙයි

පූජා Tuesday, 30 June 2020 06:52 AM

මේ මනරම් දිය ඇලි දෙක දුටුව ගමන්ම මගේ සිතට නැඟුණා... අපූරු සිතුවිල්ලකි. සිලිසිලි සීතල ඇල්ලේ... දියරැලි යයි නැළැවිල්ලේ... නැහැවෙමු මේ කඳුරැල්ලේ... අපි ඔන්චිලි චිලි ඔන්චිල්ලේ... මම එහි මිහිර උපරිමයෙන්ම විඳින්නෙමි.

:       0       166

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 30 June 2020 07:48 AM

පූජා, ඔයා මේ මොහෙතේ අමතකව තිබූ ඒ සුන්දර ගීතය මතකයට දුන්නා. එයට ස්තූතියි. සීත දියඇලි.. නීල ගංගා.. සාර කෙත්වතු මැද ගලායයි. ඕලු මානෙල් නෙළුම් නැලවෙන වැව් පොකුණු ගම අලංකාරයි. පිදුරු සවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ.. (සිසිර සේනාරත්න මහතා ගැයූ ගීතය මට මතක් වුණා)

:       0       165

විජිත් Thursday, 02 July 2020 03:44 AM

පුජා, ඔයාට ගොඩක් ස්තුතියි මට මගේ සහයට හැමදාම ලඟින්ම හිටියාට. හැමදාම මාව අගේ කලාට. ඉඳලා හිටලා දඟකාර කොමෙන්ට්ස් දැම්මාම අපි දෙදෙනාම එකම වයසක වුනත්. අම්මාකෙනෙක් වගේ මට අවවාද දුන්නට. ( මතකද අර නිව්යෝර්ක් වල කේස් එකට මම දැම්ම දිග කොමෙන්ට් එකට.. ඔයා දුන්න අමතක නොවන අවවාදය. කොමෙන්ට්ස් පළකරද්දී මම මටම රීති කිහිපයක් පනවාගෙන තියෙනවා. මම විවේචනය කරන්නේ දේශපාලුවන් සහ ව්‍යාජ පුජකයින් පමණමයි. වෙන කිසිමකෙනෙක්ව විවේචනය කරලා කොමෙන්ට්ස් පළකරන්නේ නැහැ. ඒ වගේමයි කොමෙන්ට්ස් පලකරන හිතවතුන් සමග " වලි " ඇදගන්නෙත් නැහැ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ බව ඔයා හොඳටම දන්නවානේ. මම හැමදාම ඉගෙන ගන්නවා.. හැමෝගෙන්ම.... ඔයාගෙනුත්.."... විඳින්නට දෑසේ ඉඩ මදි.. සොබා දහමේ.." කියලා මානෙල් මල් වලට පලකල කොමෙන්ට් එකෙන් කියලා තිබුනා." දෑසේ ඉඩ මදි.." කියන කොටස මට කියලාදුන්නේ ඔයයි.

:       0       165

පූජාThursday, 02 July 2020 08:14 AM

මේ මනරම් දියඇලි..., වැසිවසින කාලයට දනන්ගේ සිත් වසඟයට පත් කලත්, ඉඩෝර කාලයට සිඳී, බිඳී යන්නේ අපගේ සිත්මහත් තැවුලට පත් කරමින්... අපගේ මේ අනිත්‍ය ජීවිතත් මේ වාගෙ යයි මට සිතෙනවා. විටෙක ලස්සනයි, විටෙක වැහැරී යනවා. හේතුවක් නිසා ඵලයක් හටගෙන, මිනිස් සිත විඳින වේදනාවක්.. අප සම්මා සම්බුදු පියණන් වැඩ සිටි කාලයක, විසූ මිනිසුන් කෙතරම් භාග්‍යවන්තයින්ද කියා මට සිතෙනවා. බුදුහිමියනේ, අප සිත්සතන් නිවා සනහාලන්නට නැවත වඩිනු මැනවී.!!!

:       0       10005

පූජාThursday, 09 July 2020 05:53 AM

ලස්සන සැමදේ මොහොතට සුවදේ... එහි කෙළවර දුකදේ....

:       0       113

විජිත් Tuesday, 30 June 2020 07:27 AM

එකම තැනකින් ඇරඹී පසුව දෙපසට වෙන්වී... දිය ඇලි දෙකක් ලෙස කඩාවැටෙමින්... නරඹන්නන් වශීකළ මේ දෙදෙනා අවසානයේදී යලිත් එක්වුණා.. එක්වී අපමණ වූ ගල් පර්වත.. බාධක මැදින්.. ගඟක් කරාත්.. ඒ ගඟත් සමග අවසානයේදී ගං මෝයෙන් මුහුදට එක්වෙන තෙක්ම අත්නොහැර දැත් බැඳගෙන ඒ ගමන ගියා. මේ දෙදෙනා යුවලක් නම් ඒ සුන්දර යුවතිය අසන්න ඇති ඔහුගෙන්.." මේ හැටි දුරපියමන් කරලා - ඇයි මා ඔබ ළඟ නතරවුණේ...?" කියලා. දියඇලි කියන්නේ සොබාදහම් අම්මාගේ සතුටු කඳුළු.. එයා දුක්වුණාම කඳුළු වියැළෙනවා. ඇයත්.., මිනිසුන් වුණු අපත් අතර ඇති වෙනස එපමණයි.

:       0       205

පූජාWednesday, 01 July 2020 05:19 AM

"අපමණ වූ ගල් පර්වත.. බාධක මැදින්.. ගඟක් කරාත්.. ඒ ගඟත් සමග අවසානයේදී ගං මෝයෙන් මුහුදට එක්වෙන තෙක්ම අත්නොහැර දෑත් බැඳගෙන ඒ ගමන ගියා." එක තැන පල් වෙන ජල දහරාවකට වඩා එම ජල කඳ පිරිසිඳුයි. ආත්ම ගණනාවක් තිස්සේ පතාගෙන ආපු හැටි වෙන්නැති... ඒත් ඒ යුවතියට අසන්නට දහසක් ප්‍රශ්න සිතේ මැවුණත්, සිත ගොලුවී හිත ඇතුලෙන් හඬන තරම්...."ඇයි ඔයා දුකින් ඉන්නේ"? ඔහු නිහඬයි.. කමක් නැහැ, සියලු දුක් කරදර විඳ දරාගෙන, අවසානයේ මෝය කටින් මහ මුහුදට වැටී ඒ මහා ජලකඳ හා නොපෙනී ගියත්, තවත් භවයකදී අප මෙහිදී හමුවූ ලෙසින් හමුවේවා යනුවෙන් පතන්නට, මට ඔබෙන් පතන්නට අවසරයිද? අප බොහෝ දෙනෙකුගේ ජීවිතයේ එළියට නොපෙනෙන ජීවිතයක්, ඇතුළතින් සැඟවී ඇති බවක් මට දැනේ. විශ්වීය බැඳීමකින් හදවත් බැඳී තිබෙන කෙනෙකුට, සියුම් වූ ඉවකින් එය හඳුනා ගැනීමට අපහසු නොවේ.

:       102       3001

විජිත්Wednesday, 01 July 2020 10:47 AM

ඒ යුවතිය ඔහුගෙන් විමසුවා ඇයි ඔයා දුකෙන් ඉන්නේ කියලා..? ඇයගේ අත තදින් අල්ලාගත් ඔහු කීවා.. ඉස්සර ආත්මවල වගේම මේ ආත්මෙත් මම දවසක මැරුණම ඔයා තනිවේවි.. ඒකයි මම මේ කල්පනා කලේ. ඊළඟ ආත්මෙත් මට ඔයාව මුණ ගැහෙන කම්ම අපි දෙන්නා අපි දෙදෙනා ගැන හිතහිතා දුක් වේවි... ඉන්න වේවි.. ඒකයි මගේ හිතපාරන එකම දුක රත්තරන්, කියලා. ඒ හැර මේ තනිකඩ මම මොනවා ගැන දුක්වෙන්නද කියලා.. ඔහු සුපුරුදු ලෙස සැහැල්ලුවෙන් සිනාසුණා...

:       5000       130

විජිත් Thursday, 02 July 2020 04:43 AM

ඔබ කියවන්න අකමැති නිසා ..මේ කොමෙන්ට් එක මම දුකෙන් හෝ ඉවත්කරගන්නම්. එත් අමතක කරන්න එපා, මේ ලෝකයේ පරම සත්‍යය එයයි. ඔබ යමෙකුට ආදරය කරනවානම් හැමදාම සිතන්නේ ඇගේ ආරක්ෂාව ගැනයි, ඔබ ඇති විටත් කවදාහො ඔබ මේ ලොව නැති විටත් ... මම දැනටමත් සිතින් මැරිලා .........

:       0       130

සාවිත්‍රි ඩයස් බණ්ඩාරනායක. Tuesday, 30 June 2020 11:36 AM

මම ශ්‍රී ලංකාවෙන් බොහෝ දුර ලෝකයේ එහා කෙළවරක ජීවත්වන එහෙත් අපේ රටට පණමෙන් ආදරේ කරන කෙනෙක්... උදෑසන රැකියාවට යන්න කලින් මම ලංකාදීප ඔන්ලයින් බලනවා එහෙන් මෙහෙන්. එහි නිතරම මම දකින නමක් තියෙනවා විජිත් කියලා. එයාගේ කොමෙන්ට්ස් අපේ පවුලේ හැමෝම කියවනවා. එයාගේ කොමෙන්ට්ස් හරිම වෙනස්. එයා ලියනවා කියලා අපිට හැඟෙන්නේ නැහැ. අපිට හැඟෙන්නේ විජිත් අපි ලඟට ඇවිල්ලා කතන්දරයක් කියනවා වගෙයි. අලි පැටියෙකුගේ මරණයක් ගැන අද විජිත්ගේ කොමෙන්ට් එක මගේ දුවලා දෙන්නවම හැඬවූවා. මම ඒක දුටුවේ දැන්... ඇත්තටම මමත් ඇඬුවා. "ඔයා බයවෙලා අම්මදිහා බලලා.. අඬන්න ඇති.. ඔයාගෙන් ගිලිහුණු කඳුළු කැට ඒ වතුරටම එකතුවෙන්න ඇති. " කියන කොටස හැබැහින් සිදුවෙනවා මට පෙනෙනවා වගෙයි.. විජිත්, අපි ඔයත් එක්ක අමනාප නැහැ අපිව හැඬවූවාට. අපිට මැවී පෙනෙනවා මේ ලෝකයේ ඉන්න සොඳුරු මිනිසෙක් ඔබ තුළින්. ඔබ වැනි අය මේ ලෝකයට වාසනාවක්.... ඉදිරියටත් අපි ඔයාගේ කමෙන්ට්ස් එනකම් බලාගෙන ඉන්නවා. කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකික අපේ පවුලෙන්ම ඔයාටත්, ලංකාදීප ඔන්ලයින් පුවත්පතටත්, සියලුම ශ්‍රී ලාංකිකයින්ටත්, සුබ පැතුම්...!!!

:       0       133

පූජාTuesday, 30 June 2020 12:49 PM

සාවිත්‍රි ඩයස් බණ්ඩාරනායක මහත්මියනේ, ඔබගේ කමන්ට් එක දුටුවාම මගේ දෑසට කඳුලක් ඉනුවේ, අලි පැටියාව මතක් වෙලාම නොවෙයී. විජිත් මහතාට, ලංකාදීප පාඨකයින් මොනතරම් ආදරයක්, කරුණාවක් දක්වනවද කියා ඔබේ සටහනෙන් මනාව පෙනෙන බැවින්.. ඔහුගේ රසවත් මෙන්ම ,සංවේදී සටහන් කියවා කී දෙනෙක් නම් (මාද ඇතුලුව) මේ වෙත ඇදී ගියාද? ඔහු ලංකාදීප පුවත්පතට ආභරණයකි. ඔහුට බොහෝ කලක් මෙහි වැජඹෙන්නට වාසනාව ලැබේවා කියා මමද ඔහුට සුබ පැතුම් එක්කරමි...!

:       0       123

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 30 June 2020 02:18 PM

සාවිත්‍රී මහත්මිය..., ඔබතුමියට බොහෝමත්ම ස්තූතියි !!! අපගේ මිත්‍ර විජිත් මහතා අපවද හඬවනවා. ඒ වගේම මගේ සංවේදීත්වය ගැන කියා එය අගය කිරීමට පවා ඔහු නිහතමානී කෙනෙක්.. විජිත්, පූජා, මා ඇතුළු සංවේදී පරිසර මිතුරු මිතුරියන් විජිත් වෙනුවෙන් ඔබතුමියට නැවතත් අපගේ ප්‍රශංසාව පුදදෙමු.

:       0       123

විජිත් Wednesday, 01 July 2020 06:42 AM

සමිත, ගොඩක් සතුටුයි... ඒ වගේම හරිම ආඩම්බරයි ඔබ වැනි මිතුරෙක් මේ අපේ ලංකාදීපයෙන් හමුවීම ගැන. ඔයා ලස්සන කියමනක් කියලා තිබුණා බණ්ඩාරනායක මහත්මියට මගේ ගැන"..විජිත් මහතා අපවද හඬවනවා.." කියලා. එතුමිය හිතයිද දන්නේ නැහැ " ..අර මනුස්සයාගේ වැඩේ මිනිස්සු අඬවන එකමද..." කියලා (මම විහිළුවක් කලේ) මම සතුටින් ඉන්න කෙනෙක්. ඒ වගේමයි.. අදින් පසු මගේ නමට පස්සේ දමන මහතා කියන කෑල්ල අයින්කර ගන්න. අපි හොඳ මිතුරෝ. මිතුරන්ට අපි මහත්මයා කියන්නේ නැහැනේ. මම ගිය සතියෙත්.. කියෙව්වා ඔයා ලියලා තියෙන කවි පේලි වගයක්... හරිම ලස්සනයි. ඒ වගේම ඔයා මගේ අදහසකුත් ලස්සනට කවියට නැගුවා ගියසුමානේ... ඒවා දැක්කම මට හරිම සතුටක් දැනෙනවා. මේ මනුස්සයා මොනතරම් ලස්සනට කවි ලියනවද " කියලා. ඒ වගේම මම මටම කියාගන්නවා විජිත්.. නුඹ... කවියක්වත් ලියාගන්න බැරි මෝඩයෙක් කියලා. ජීවිතය එහෙම තමයි.. අපි කැමති හැමදේම කරන්න බැහැ.. අපි එහෙ ඉඳලා මෙහෙට එනකොට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ටික විතරයි.. ඒක තමයි කර්මය කියන්නේ.

:       0       110

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 01 July 2020 07:48 AM

ස්තූතියි..! විජිත් ඔයාට. විචාර සිද්ධාන්තවලදී කියැවෙන දෙයක් තමයි, කවියෙකු වීමට වඩා අසීරු හොඳ රසවිඳින කෙනෙකු වීම කියා. ඒ කියන්නේ, රසවිඳින්නෙකු ඒ තරම්ම උසස් හා වටිනා කෙනෙක්... ඉහතදී විචාර කලාවේ කවියා යනුවෙන්, ඇරිස්ටෝටල්, භරත ආදී පඬිවරුන් අර්ථදක්වා ඇත්තේ කවියා, සංගීතවේදියා, සාහිත්‍යවේදියා, සිනමාවේදියා, නාට්‍යවේදියා, ජනසන්නිවේදකයා, ගීත රචකයා ආදී සැමටයි. රසවිඳින්නා, ප්‍රේක්ෂකයා, ශ්‍රාවකයා, සහෘදයා ආදී වශයෙන් අදාළ මාධ්‍යය අනුව වෙනස් වේ. මට කියන්න ඕනෑ වුණේ ඔයා වගේ හොඳ රසවින්දනය තියෙන කෙනෙකු, කවි ගීත, සාහිත්‍ය නිර්මාණ, පුවත්පත් ලිපිකරන මාහට වඩා උසස් කෙනෙකු බවයි. ඉතින් උත්සාහ කළොත්, කවි ලියන එක ඔයා වගේ සංවේදී බුද්ධිමතෙකු හට එතරම් දෙයක් නොවෙයි... ඔයාට ජය ..!!!

:       0       109

විජිත්Wednesday, 01 July 2020 10:59 AM

ස්තුතියි සමිත, මගේ ඔලුව අවුල් ගොඩක් අද.. කියාගන්න දහසක් දේ තිබුණත්, කියන්න ක්‍රමයක් නැහැ... මම අසරණවෙලා. පස්සේ හමුවෙමු

:       0       76

.පූජාWednesday, 01 July 2020 11:51 AM

සමිත මහත්මයා, අපි ඊයේ දැමූ කමෙන්ට් විජිත් මහත්මයා දැකලා නැතුව ඇති මම හිතන්නේ... නැත්නම් එයා මාව දැකලා නැතුව ඇති... පව් සමිත, ඔයා එයාගේ යාලුවා නේද? මොකද කියලා බලලා පුලුවන් උදව්වක් කරන්න. මම ඉතින් අසරණයිනේ..

:       0       58

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 01 July 2020 01:16 PM

පූජා, විජිත් මට කිව්වා විස්තරේ... මං හිතන්නේ පූජා මෙහි ගැටලුව තියෙන්නේ පුවත්පතකට අපට පුද්ගලිකව උදව් කිරීමේ සීමාවක් තියෙනවා. ඒ නිසා මොන හෝ ක්‍රමයකින් විජිත්ගේ ඊමේල් එක ගෙන්වා ගන්න. එය තමයි පිළිතුර...

:       0       57

විජිත්Wednesday, 01 July 2020 04:06 PM

පුජාට, කියන්න වැරැද්ද මගේ නොවුනත්, මට සමාවෙන්න කියලා.

:       0       57

පූජාWednesday, 01 July 2020 08:06 PM

අවශ්‍යවෙන්නේ නැහැ සමිත. නිහඬ වීම හොඳම පිළිතුරයී.. පුද්ගලික උදව් කවදාකමත් බලාපොරත්තු උනේ නැහැ. කෙනෙක් ගැන වර්ණනා කරාම එයට ප්‍රතිචාරයක් ලෙස වචනයක් දෙකක් සඳහන් කිරීම ශිෂ්ට මිනිසුන්ගේ සිරිතයි. එයට පුද්ගලිත්වයක් ආරූඩ කලේ කුමකටද යන්න මට නොතේරේ. මම ලංකාදීපයට ආදරෙයී. එහි කිසිම වෙනසක් නොවෙයි.

:       0       57

විජිත් Thursday, 02 July 2020 03:54 AM

මේ ඇත්තමයි සමිත, මගේ ඔලුව පැලෙන්න තරම් හිසේ අමාරුවක්...... පුජාට කියන්න වැරැද්ද මගේ නොවුනත් , මට සමාවෙන්න කියලා.

:       0       57

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 02 July 2020 07:27 AM

පූජා, ඔයා වරදවා සිතලා.. විජිත්ගේ අදහසක් තිබුණා මට ඊමේල් එක එවන්න. මාත් සිතන්ඉන්නේ එය ගෙන්වා ගන්න. අපි ලියන හැම අදහසක්ම පොදු ඒවා නොවේ. ඒ නිසා ඒවා අපට ඉතා වැදගත්. ඒත්, ඒ සියල්ල පලකරන්න පුවත්පතකට බැහැ. මා එය අත්දැකීමෙන් දන්නා ජන සන්නිවේදකයෙක්.... ඒ නිසා ඒ ගැන වරදවා සිතන්නට එපා. මා එය කීවේ අහිතකින් නොවේ. විජිත් මෙන්ම ඔයාත්, මගේ හිත දන්නවා. අපි හොඳ යාළුවන්... අපි දෙන්නාම විජිත්ගේ ඊමේල් එක ගෙන්වා ගනිමු නේද? එය අපේ මිතුදමට හොඳ හයියක්...

:       0       60

පූජාFriday, 03 July 2020 03:37 AM

ස්තුතියි සමිත... මම ඔයාව වරදවා හිතුවේ නැහැ, කුකුසක් ඇතිවුණා පමණයි.. මමත් ඔබ හිතන විදිහටම හිතුවා.. අවසාන සහ එකම විසඳුම ඔබ කීව වැඩ පිළිවෙලයි. අපි එහෙම නම් ඒ විදිහට කරමු. බලමු විජිත් ඒ ගැන මොනවද කියන්නේ කියලා. ඔහු කාර්ය බහුල කෙනෙක් වුණත් කල්පනා කර සුදුසු වැඩ පිළිවෙලක් කරයි කියා මා සිතනවා. ඔබ ජනසන්නිවේදකයෙක් කියලා කීවාම මා ඉතාමත් සතුටට පත්වුණා. ඒ විතරක් නොවෙයි. ඔබට ලස්සනට කවි ලියන්නත් පුලුවන්.. මාත් ඒවා රස විඳින රසිකාවියක්...විජිත් සහ ඔබ නිසාත් ,සටහන් ලියන අනෙකුත් පාටක භවතුන් නිසාත් මේ පිටුව තවත් ලස්සන වෙලා කියලයි මට හිතෙන්නේ.. අපිත් පුලුවන් කාලයක් මෙහි රැඳී සිට එහි මිහිර අත්විඳිමු.

:       0       111

විජිත් Friday, 03 July 2020 10:55 AM

පුජා, ඔයාට කොහොමද...?

:       1091       111

විජිත් Wednesday, 01 July 2020 06:43 AM

ප්‍රිය මහත්මියනි, මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියගේ සුබ පැතුම් ප්‍රකාශයට... මට එය විශ්මය දනවන්නක්, කිව්වොත් වඩාත් නිවැරදියි. ඇත්තටම ලංකාදීප ඔන්ලයින් වෙබ් පිටුවේ යම්කිසි සංවේදී වාර්තාවක් දුටුවොත් මමත්, පූජා, සමිත... ඇතුළු ශ්‍රී ලංකාවේත්, ලෝකය පුරාමත් විසිරි සිටින මිතුරු මිතුරියන් රැසක් ඒ වාර්තාවන්ට නොයෙක් කොමෙන්ට්ස් පළකරනවා. මෙය අපේ විනෝදාංශයක් ලෙස කලක් තිස්සේ කරගෙන එන්නක්. ඒ අතරතුරදී ඔබතුමිය වැනි ලංකාදීපය රටෙන් පිට සිට නරඹන අපේම රටේ කෙනෙකුගෙන් මෙවැනි " අගය කිරීමක් " ලද විට එය ඇත්තටම අපව තවතවත් දිරිගැන්වීමක් ලෙසයි මම සලකන්නේ. මම කැමතියි ඔබතුමියටත් ආරාධනාවක් කරන්න විවේක වෙලාවට ඔබටත් හැකිනම් කුඩා හෝ කොමෙන්ට් එකක් පලකරන්න ලංකාදීපය එය බොහෝ අගේ කරනවා. අලි පැටියා ගැන අහලා අඬපු දුවලා දෙන්නාවත් ඊට දායක කරගන්න. එය ඔබට වගේම අපටත් මහත් වින්දනයක් වේවි... පූජා සහ සමිත සමග නැවත වතාවක් කියන්නේ, බොහොමත්ම ස්තුතියි...!!! අපි අයෙත් දවසක ලංකාදීපයෙන් හමුවෙමු.

:       0       55

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 30 June 2020 12:00 PM

නකල්ස්හි ජෝඩුඇල්ල ඔබත් හිමිහින් නරඹලා පරිස්සමින් ඒ සීතල වතුරට කකුලත් ඔබලා ගෙනියන දේ නැවත රැගෙන හරිතැන විසිකරලා රැකගන්නකෝ... ඒ ඇල්ලත් තම දරුවෙක් කියලා...

:       0       27

විජිත් Wednesday, 01 July 2020 06:36 AM

ඔහු තවමත් කිසිම බැඳීමක් නැති කෙනෙක්.. හැබැහින් කවදාවත් නොදුටු ඇය.. ඔහුගේ සිත් පැහැර ගත්තේ ඔවුන් අතර ඇති ඒ ආත්මීය බැඳීම වෙන්න ඇති.. ඉහත අාත්ම ගාණකම ඇය ඔහුගේම වෙන්න ඇති. ඔහු ඇගේම වෙන්න ඇති.. ඔවුන් තවමත් ගං මෝය කට අසලකටවත් නෑවිත් නම්.. ඇය කුමක් කියාවිද..? ඔහු නිහඬයි... දෑස් දල්වා සවන් යොමා සිටින්නේ.. ඇයගෙන් පිළිතුරු පතයි.

:       2022       526

විජිත්Wednesday, 01 July 2020 09:36 AM

මේ ආත්මගත බැඳීම ඔවුන් දෙදෙනා ලංකළා.. ඔහුගේ පරම පිවිතුරු පැතුම.. වෙන කිසිවක්ම නොව.." ඇයයි ". ඇය නොමැති ලෝකයක් ගැන ඔහුට හිතන්නවත් බැහැ.. ඔහුගේ ජීවිත කුටියේ වසා දමා තිබූ කවුළුපියන් පත්.. ඇය විවෘත කළා.. සිහිල් සුළං රැලි එකින් එක කුටියට කාන්දු වී.. ඒ ජීවිත වලට නව ජීවයක් දුන්නා..

:       2015       526

පූජා Thursday, 02 July 2020 06:19 AM

මේ කමන්ට් වලට මෙතරම් ඩිස්ලයික් දාපු අය කවරහුද? මම දැම්මේ නැත..

:       10       526

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 02 July 2020 12:27 PM

පූජා, ඕවා ඔහොම තමයි.. ඒ ගැන වැඩිය හිතන්න එපා.. ඔයා දන්නවද? දළදා හාමුදුරුවෝ වැඩම කළ හස්තියා ගැන මා ලිව්ව එකටත්, අන්ලයික් දමා තිබුණා. ඒ මේ රටේ සමහර දෙනාගේ හැටි..

:       0       105

පූජා Saturday, 04 July 2020 01:52 AM

එයා ලියලා තියෙන්නේ, කාලයක් හිතේ තදකරගෙන තිබුණු සිතුවිලි... එහෙම ලියපු එක හොඳයි. මේ ජීවත් වෙන ඩිංගට මොනවටද තැවිතැවී ඉන්නේ? ඇයට දැන් තේරුම් ගන්න පුළුවන් ඔහුගේ සොඳුරු හදවත. තවකලිකව ඊමේල් ලිපිනයක් දෙන්න. පසුව වෙනස් කරගන්න පුළුවන්නේ. අන්ලයික් කරන අය ඔහේ කරපුවාවේ සමිත.. අපේ ඇඟේ වදින්නේ නැහැනේ...

:       0       111

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site