IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොරෝනා පලවාහැරීමට කිරිකොරහ නටති

(ප්‍රසන්න පත්මසිරි සහ රංජිත් කරුණාවීර)

ගෝලීය වසංගතයක් වු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් මෙන්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවායි පතමින් දඹානේ ආදිවාසීහු අද (30) වැදි ගම්මානයේදි කිරි කොරහා නැටීමේ ශාන්ති කර්මය කළහ.  

දඹාන ආදිවාසි නායක, වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන්ගේ නායකත්වයෙන් මෙය පැවැත්විණි.

ශාන්ති කර්මයෙන් පසු දඹාන ගම්මානයේ පදිංචිව සිටින පවුල් 400 ක් පමණ වූ ආදිවාසීන්ට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනමන ලදි.



අදහස් (23)

කොරෝනා පලවාහැරීමට කිරිකොරහ නටති

මෝ Monday, 30 March 2020 07:19 AM

කිරි කොරහ නටපු එක වෙනම කතාවක්. ඒත් ඒක බලං ඉන්න අය එකට ගුලිවෙල බලන් ඉන්න කොට කෝ අර මීටරේ දුරස්ත බව... ගොබ්බ දේශපාලුවන් ටිකකුයි, ඇම්බැට්ටයින් ටිකකුයි ඔතන ඇති....

:       206       520

ChampaMonday, 30 March 2020 12:09 PM

මේ මිනිස්සු හිටන් ඉන්නේ දුරස්ථව බව නොපෙනෙන ඔබේ ඇසේ අමාරුවක් තියෙනව. ඇඳිරි නීතිය අයින් කරපු ගමන් වහාම ලඟම ඉන්න අක්ෂි වෛද්‍යවරයෙක් හමුවෙන්න.

:       531       8

දුෂ්මන්ත - පේරාදෙණියMonday, 30 March 2020 03:38 PM

හවුස්මෙඩ් නෝනා දැන් දොස්තර කෙනෙක් වෙලාද..? අනේ මේ අනුන්ගේ අදහස්වලට එක එක විකාර නොකියා තමන්ගේම අදහසක් දමන්නවත් ඔබට අධ්‍යාපනයක් නැතිබව ඔබගේ කතාවෙන්ම පෙනෙනවා.ඔබ හොඳ කරවල වාඩියක උයන්න.

:       181       571

ChampaMonday, 30 March 2020 05:07 PM

දුෂ්මන්ත - ඔබ වැනි තමන් සම්මතයෙහි පිහිට නොසිට පරහට ගරහන දුර්වල චරිත වලට මම අනුකම්පා කරනවා.

:       533       152

JEE Monday, 30 March 2020 08:24 AM

අපේ එවුන් ඉන්නේ තාම ගල්යුගයේ කියනඑකට හොදම උදාහරණයක් ඔක...

:       1761       673

JayMonday, 30 March 2020 09:35 AM

එහෙම කියන එක වැරදි. ඒ මිනිස්සු පාරම්පරික විදියට ඒ දේවල් කරපු එක අගය කරන්න ඕනි. අපේ මිනිස්සු ගල් යුගයේ කිව්වට ඒ මිනිස්සු ලංකාවේ ඉන්න ආදීවාසීන් කියල අමතක වුණාද? ලංකාවේ විතරක් නෙමේ ඕස්ට්‍රේලියාවෙත් පාරම්පරික මිනිස්සු තමුන්ට උරුම නැටීම් කළා ලැව් ගිනි වෙලාවේ. අපහාස කරන්න එපා.

:       82       370

WijesingheMonday, 30 March 2020 10:11 AM

නූතන යුගයේ සෙට් එකට තාම එන්නතක් හොයා ගන්න බැරි වුනා. මහලොකු විද්‍යාව. හඳට ගියාට හොඳ වෙච්ච ඔවුන්ගේ ප්‍රතිදේහ නිස්සාරණය කර ගන්න බෑ. මේ වගේ මහා ලොකු කොමෙන්ට් දාන උන් ඇත්තටම විද්‍යාව මෙලෝ දෙයක් දන්නෙ නැහැ. මොකද දන්න එකා දන්නව තවමත් විද්‍යාවට ඔප්පු කරන්න බැරි සංසිද්ධි මේ ලෝකෙ අනන්තවත් තියෙන බව.

:       19       246

ChampaMonday, 30 March 2020 12:07 PM

මොකක්ද ගල් යුගය කියන්නේ? මේ මිනිස්සු ලංකාවේ දැනට ජීවත්ව ඉන්න පැරණිම ජන කොට්ඨාශයකින් පැවත එන මිනිස්සු. මේ මිනිස්සු තමන්ගේ ඇවතුම් පැවතුම් අනිකුන්ට අවශ්‍ය විදිහට වෙනස් නොකර තමන්ගේ සංස්කෘතිය සහ ඇදහිලි විශ්වාස ඒ විදිහට පවත්වා ගෙන යන හොඳ ශක්තිමත් ජන වර්ගයක්. කිරි කොරහ නටන්න ඇත්තේ තමන්ට ආහාර ගෙනත් දීපු එකට කෘතඥතාවය පල කරන්න සහ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින රටේ අනිත් මිනිස්සු වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේ කරන්න. 1948 සුද්ද කළු සුද්දන්ට රට බාර නොදී කළු සිංහලයන්ට සහ වැද්දන්ට රට බාර දීල ගියා නම් මේ රට අද මේ විදිහට ලෝකෙට ණය වෙලා හිඟා කකා ඉන්නේ නැහැ.

:       312       250

anuraMonday, 30 March 2020 12:37 PM

එක් එක් දේවල් ඇදහීම තමන්ගේ පෞද්ගලික දෙයක්. ජපානය, ඇමෙරිකාව දියුණු යයි කියාගන්නා රටවල් උනත් නොයෙක් දේවල් අදහන අය එමට ඉන්නවා. සමහරු දෙවියන් නැතිව ගායකයන් නළුවන් අදහති. එම දේවල් අදහන්නෝ සමහර විට එයින් මානසික සුවයක් ලබා ගන්නවා විය හැක. තවකෙකුගේ විශ්වාසයකට තවකෙක් හිනා උනාට එම හිනාවෙන අයත් අදහන දේවල් හරිදැයි ඇසීමට හැක. තමන් කුමන දේවල් ඇදැහුවත් බලහත් කාරයෙන් ඒවා අනෙකුත් අයගේ කරමත පටවන්නේ නැතිව හා තමන්ගේ විශ්වාසයන්ට එකඟ නොවන්නන්ට හිරි හැර නොකරන තාක් කල් කවුරු මොනවා ඇදහුවත් ප්‍රශ්ණයක් නැත.

:       12       46

karuMonday, 30 March 2020 02:06 PM

එතකොට නව යුගයේ දියුණු රටවලුත් දැන් යන්නේ හොම්බෙන්.

:       1       116

KumarMonday, 30 March 2020 04:04 PM

මම ඉන්න රට නම් හොම්බෙන් ගිහිල්ල නැහැ. දියුණු රටවල් හොම්බෙන් ගියොත් ඔයගොල්ලන්ගේ නිෂ්පාදන විකුනන්නෙ චීනයටද? ඔය නැටිලි නටනකොට ඔයගොල්ලන්ගේ දියුණුවට දායක වෙන දියුණු රටවල්වලටත් සෙත් පතන්න. ලංකාවේ ඔය කියනවාට වඩා කොරනා කාරයෝ ඉන්න වග සිතන්න පුළුවනි... හේතුව අසදියන්ගේ දත්ත සගවන නිසා. ඇත්ත කියන්න බයද?

:       217       27

Nihal Monday, 30 March 2020 10:22 AM

මේක හරි ගියොත් අපිට ජාත්‍යන්තර වශයෙන් කිරිකොරහ නටන්න පුලුවන්

:       4       58

k.jayan Monday, 30 March 2020 11:21 AM

මේ අය හිතාගෙන ඉන්නේ දෙයියන්ගේ දේවල්වලට වෛරස් සහභාගි වෙන්නේ නෑ කියලා ...

:       4       10

damithTuesday, 31 March 2020 06:13 AM

මේ අය වඳින්නේ දෙවියන් නෙවේ යකුන්.

:       0       0

banda Monday, 30 March 2020 11:54 AM

අපි මෙ මිථ්‍යා දෘෂ්ඨිකයින්ට සහ ඊට අනුබල දෙන දේශපාලන අම්බරුවන්ට අනුකම්පා කරමු.

:       24       18

Anura Monday, 30 March 2020 12:10 PM

කිරිකොරහ ලංකාවේ නටවලා වහාම ඔය කට්ටිය ඉතාලි යවන්න.

:       3       20

Binkunndaa Monday, 30 March 2020 06:20 PM

කවුද මේ?

:       0       0

Maheshika Monday, 30 March 2020 06:58 PM

පෙනෙන විදියට දේශපාලන අම්බරුවන්ගේ උවමනාවට නටපු නැටුමක්.

:       0       0

Siri Tuesday, 31 March 2020 04:06 AM

ඔය සුදු ඇඳගෙන ඇවිත් ඉන්නේ ඌරු වරිගේ නායක ඇත්තෝ ‌වෙන්න ඇති. කැමරාකාරයෝ ‌කොහෙන් මංගැච්චුවාද මන්දන්නේ නෑ.

:       0       132

naliya Tuesday, 31 March 2020 03:00 PM

මිනිසුන්ට තමන් කැමති දෙයක් කරාවේ.... මට ප‍්‍රශ්නේ, අපේ චන්දෙන්, අපේ මුදලින් රැකෙන, අර මහත හාදයා, මොකද ඔතන කරන්නේ. වෙන වැඩ නැද්ද?

:       0       1

ravi Wednesday, 01 April 2020 07:08 AM

ලංකාව කියන රටවට කරලා තාප්පයක් බන්දලා "" පිස්සන්කොටුව "" කියන නම දාගත්තනම් හොඳයි කියා හිතුනා. ගොරකයෝ .. ගොරකයෝ.. ගොරකයෝ ..

:       0       1

kusal Wednesday, 01 April 2020 08:40 AM

එකතුවෙලා කල්ලිගැහිලා කාලය ගතකරන්න එපා කියලා කියපු නිසා වෙන්න ඇති ‌මේ අය එකතුවෙලා උඩ පැන පැන නටන්නේ.

:       0       1

Kumar Wednesday, 01 April 2020 03:48 PM

ඔය නැටුම් නටන්න පැමිණි අය කොරෝනාව තමන්ගේ ගම්වලටත් ගෙනියන්න ඇති. මෙරට සුලුදෙනෙක් විශ්වාස කරන අන්දමට A වර්ගයේ ලේ ඇති අයට කොරෝනාව පහසුවෙන් බෝවෙනවා කියලයි. මම අසා ඇති ඇත්තේ වන්නියේ ඇත්තන්ට මෙ ලේ වර්ගය තිබෙනවා කියලයි. මෙ ඇත්තෝ ගමවලම සිටියානම් තමා හොඳ. පසුව මෙ කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්න.

:       35       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site