IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත අලි පැටවකුගේ සිරුරක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මාස තුනක් පමණ වයසැති අලි පැටවකුගේ සිරුරක් අද ( 28 ) කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත තිබි සොයා ගත්බව පුත්තලම වන ජීවි අලි පාලන ඒකකව පවසයි.

 මෙම අලි පැටවා මව් ඇතින්න හා අලි රංචුවක් සමග ජලාශය තරණය කරමින් ගොඩබිමට එමින්   සිටියදී දීයේ ගිලි මරණයට පත්වන්නට ඇතැයි වන ජීවි නිළධාරින් සැක කරයි.

අලි පැටවා දියේ ගිලීමෙන් පසුව මව් ඇතින්න හා අනිකුත් අලි රංචුව මහත් වෙහෙසක් දරමින් අලි පැටවා ජලයෙන් ගොඩ ගැනිමට උත්සහ කර තිබෙන ආකාරය ජලය බොර වීමේන් තහවුරු වන බවද වන ජීවී නිලධාරීන් සඳහන් කළේය.
 
රළපනාව මත මරණයට පත්ව සිටි අලි පැටවාගේ සිරුර ආසන්නයේ රැදි සිටිමින් ඇතින්න  ඒ මේ අත කළබලයෙන් ගමන් කරන අයුරු ඒ අසළින් ගමන් ගන්නා පිරිස දැක තිබේ.
 
 අදාල ස්ථානයට පැමිනි වනජීවි නිළධාරින් මරණයට පත්ව සිටි අලි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාම කළේය.



අදහස් (15)

කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත අලි පැටවකුගේ සිරුරක්

පූජා Sunday, 28 June 2020 09:08 AM

අද දවසේ අසන්නට ලැබුණු තවත් දුක්මුසු පුවතක්!... මව් සෙනෙහස මිනිසුන්ට වගේම සතුන්ටත් පොදුයි.. එයාලාට අපිට වගේ කතා කරන්න විතරයි බැරි... සමහර විට හැඟම්, දැනීම් අපටත් වඩා හොඳට දැනෙනවා ඇති.. මම අහලා තිබෙනවා, මව් ඇතින්නකට පැටියෙක් ලැබුණාම රැලේ ඉන්න අනිත් ඇතින්නියන්ටත් කිරි එරෙන බව... මෙහි විද්‍යාත්මක පසුබිම ගැන නම් කියන්න දන්නේ නැහැ. එයාලාගේ එකමුතුකම අපටත් ආදර්ශයක් නොවේද?

:       0       0

විජිත් Sunday, 28 June 2020 09:39 AM

මේ චූටි අලි පුතා, චූටිම චූටි වයසකදී.. ජීවිතය කියන්නේ කුමක්දැයි වත් අම්මගෙන් ඉගෙන ගන්න කලින්.. දියරකුසාට ගොදුරුවෙලා. ඔය හරහා යද්දී එයා අම්මගේ වලිගය එයාගේ චූටි හොඬවැලෙන් තදින් අල්ලාගෙන ඉන්න ඇති. මාමලා, නැන්දලා.. වටේම හිටි නිසා බය කියන්නේ කුමක්දැයි දන්නේවත් නැතුව ඇති. නමුත් පුතේ ඔයා දැනගෙන හිටියේ නැහැ.. ඔයා මේ යන්නේ ඔයාගේ ඉරණම් ගමනයි කියලා. දියරකුසා ඔයාව දැකලා.. වතුර කළඹන්න ඇති.. ඔයා බයවෙලා අම්ම දිහාබලලා.. අඬන්න ඇති. ඔයාගෙන් ගිලිහුණු කඳුළු කැට ඒ වතුරටම එකතුවෙන්න ඇති. දඟලපු නිසා.. අම්මගේ වලිගය ගිලිහුණා නේද..? ඔයාට වතුරත් පෙවෙන්න ඇති.. හුස්ම ගන්න අමාරුයි පුතේ වතුරේදී.. ඉන්පසු සිදුවුණු දේ මට හිතාගන්න පුළුවන්. මට ඔයාගේ ඒ ලතෝනිය හැමතැනම ඇහෙනවා. කවුරු උදව්වට එන්නද? අපි ඔක්කොම දාලා ඔයාවිතරක් ඒ ලස්සන ලෝකයට යන්නම යන්න ගියා. පුතේ ඔයා සසරගමනේ යම් භවයකදී මිනිසෙක් වෙලා ඉපදී.. ගොඩක් කුසල් රැස් කරගෙන, තවත් භවයකදී බුදුන් දැක නිවන් දකින්න.." කියලා පතලා මම කඳුළු පිරුණු දෑසින් ඔයාට සමුදෙන්නම්...

:       0       0

isurandi Sunday, 28 June 2020 10:17 AM

හරිම දුකයි අලිපැංචාගේ මරණය...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 28 June 2020 12:41 PM

අනේ දෙවියනේ !!! .... මේ පුංචි මාස තුනේ කිරිසප්පයාවත් අරන් ජලයෙන් එගොඩවීමට මේ අලි අම්මා ක්‍රියා කළේ ඇයි දැයි නොදැනේ.. මේ අයට හොඳට පරිසරය ගැන ප්‍රායෝගික දැනීමක් තියෙනවා. ඒත්, සැඩ ජලපහරට මේ අලි පුංචා හසුවී දියේ ගිළී මියයන්නට ඇති.. අම්මා ඇතුළු නෑ අලි රංචුව ගොඩගන්නට බොහෝ වෙහෙස වුණත්, එසේ බැරිවෙන්නට ඇති... පුංචි හොඬ පොඩ්ඩේ ඇති පුංචි නාස් කුහරය දිගේ ජලය ගොස් පෙනහළු ජලයෙන් පිරී හුස්ම හිරවෙන්නට ඇති.. අනේ අම්මේ ... මට මොකක්දෝ වෙනවා කියා හයියෙන් කීවත් හඬ පිටවෙන්න ජල රකුසා ඉඩ නොදෙන්නට ඇති.. මොකෝ මිනිසාට වගේ මේ අම්මාට මේ අලිපුංචාව ගෙනියන්නට රෝහලක් නැති නිසා අවුල්වු සිතින් වෙන කිසිවක් කළ නොහැකි නිසා ඒ මේ අත වේගයෙන් දිවයන්න ඇති .. අනේ ! මේ ක්ෂීරපායී දැවැන්ත මවට මේ දුක කෙසේ දරාගන්නට හැකිවේද ..? මේ සුරතල් පැංචාගේ අවසන් ගමනට භික්ෂූන් වහන්සේ නමක්ද වැඩමවීම කෙතරම් වාසනාවක්ද...? අනේ සුරතල් අලි පැන්චෝ ...

:       0       111

විජිත් Saturday, 25 July 2020 03:23 PM

සමිත, ඔයා ලස්සනට ඒ වගේම දුක හිතෙන විදිහට මේ සටහන ලියලා තියෙනවා. මේ සටහනත් එක්ක බලද්දී මම ලියපු සටහන මොකක්ද කියලා හිතෙනවා."...අනේ අම්මේ මට මොකක්දෝ වෙනවා කියා හයියෙන් කීවත් හඬ පිටවන්න ජල රකුසා ඉඩ නොදෙන්න ඇති ..." කියන කොටස මේ මට සිදුවනවා වගේ හැඟෙනවා. දුක හදවතේ පතුලටම කැන්දන් යන විදිහට ඔබ එය ලියලා තියෙනවා. නියමයි...!!! පසුව හමුවෙමු.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 28 June 2020 12:53 PM

ඔයාගේ.. පුංචි නිසල දේහය වනජීවී එකේ මාමලා අදාළ පරීක්ෂණය සඳහා ගෙනයාවි.. පසුව එය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට තීරණය කරාවි.. පසුව ඔයාගේ පුංචි දේහය මිහිදන් කරාවි.. අනේ..!!! හය හතර නොතේරෙන පුංචි ඔයා කොහොම මරණය ගැන තේරුම් ගන්නද..? පුංචි ඔයාට වූ මේ විපත ගැන හදවතින්ම දුක්වෙනවා හොඳේ අපේ පැටියෝ... ඔයාට අප සැවොම නිවන් සුව පතනවා.. අපේ මුළු හදවත් වලින්ම අපේ පුංචි හුරතල් පැටියෝ..

:       0       111

විජිත් Tuesday, 30 June 2020 05:55 AM

මේ චූටි අලි පුතා, චූටිම චූටි වයසකදී.. ජීවිතය කියන්නේ කුමක්දැයිවත් අම්මාගෙන් ඉගෙනගන්න කලින්.. දියරකුසාට ගොදුරුවෙලා. ඔය හරහා යද්දී එයා අම්මාගේ වලිගය එයාගේ චූටි හොඬවැලෙන් තදින් අල්ලාගෙන ඉන්න ඇති. මාමලා, නැන්දලා ..වටේම හිටි නිසා බියක් දැනෙන්නවත් නැතුව ඇති. නමුත් පුතේ ඔයා දැනගෙන හිටියේ නැහැ.. ඔයා මේ යන්නේ ඔයාගේ ඉරණම් ගමනයි කියලා. දිය රකුසා ඔයාව දැකලා.. වතුර කළඹන්න ඇති.. ඔයා බයවෙලා අම්මදිහා බලලා.. අඬන්න ඇති.. ඔයාගෙන් ගිලිහුණු කඳුළු කැට ඒ වතුරටම එකතුවෙන්න ඇති. දඟලපු නිසා .. අම්මගේ වලිගය ගිලිහුණා නේද..? ඔයාට වතුරත් පෙවෙන්න ඇති.. හුස්ම ගන්න අමාරුයි පුතේ වතුරේදී... ඉන්පසු සිදුවුණු දේ මට හිතාගන්න පුළුවන්. මට ඔයාගේ ඒ ලතෝනිය හැම තැනම ඇහෙනවා. කවුරු උදව්වට එන්නද..? අපි ඔක්කොම දාලා ඔයාවිතරක් ඒ ලස්සන ලෝකයට යන්නම යන්න ගියා. පුතේ ඔයා සසරගමනේ යම් භවයකදී මිනිසෙක් වෙලා ඉපදී.. ගොඩක් කුසල් රැස් කරගෙන, තවත් භවයකදී බුදුන් දැක නිවන් දකින්න.." කියලා පතලා මම කඳුළු පිරුන දෑසින් ඔයාට සමුදෙන්නම්...

:       0       161

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 30 June 2020 07:53 AM

හරිම දුක්බර සිද්ධියක් නේද විජිත්... මාත් ලිව්වා...

:       0       161

සමිත සේනක අලුත්ගමගේ.Friday, 03 July 2020 06:48 AM

විජිත්, ඒක නෙමෙයි විජිත් මං මේ කල්පනා කලේ... එදා මං ලිව්ව එකක් ඔයාගේ ලියපු එක වගේමයි. බොහෝ සමානකම් තිබෙනවා. අප දෙදෙනා ලොව දෙතැනක සිටියත් එකම මොහොතක දී මේ අහිංසක පුංචි පැටියා ගැන අපගේ සිත් වලට එකම අදහස තමයි ඇවිත් තිබෙන්නේ.. ඒ නිසා මා ලියූ එක ඔයාගේ එක හා සමාන ඇති... මට සතුටුයි.

:       0       65

විජිත්Friday, 03 July 2020 07:30 AM

ස්තුතියි සමිත, ඔයා මට මේ දවස් වල ගොඩක් උදව් කළා.මම හිතනවා පුජාට ඇත්ත තත්වය වැටහෙන්න ඇති කියා.මට " දැනෙනවා " පුජා දැන් සන්සුන් කියලා. මම පස්සේ ඔයාට ලියනවා. ඉක්මනටම හමුවෙමු. අලිපැටියා ගැන වෙනම කතාකරමු.. ඒක දිග මාතෘකාවක්.. පුදුම වෙන්න දෙයක් නැහැ.. ඒක ඇත්තක්...

:       0       65

පූඡා Tuesday, 30 June 2020 07:54 AM

හරිම දුකයි... ඒ අලි අම්මාගේ සිත කොතරම් දුක් වේදනාවකින් පෙලෙනවා ඇතිද? අපි නම් මෙවැනි දුක්ඛිත අවස්ථාවකට මුහුණ දුන්විට හඬා වැලපී සිතට නැඟෙන දුක තුනී කර ගත්තත්, මේ අසරණිය නිහඬවම කඳුලු සලමින් වැළපෙනවා ඇති.. අලිඅම්මේ, ඔයත් සමඟ අපිත් වැළපෙනවා හැරෙන්නට වෙන කුමක් කරන්නද? චූටි පුතා අප සැවොම අතහැර එයාලාටම සොඳුරු වූ එයාලාගේ ලෝකෙට යන්න ගිහින්...

:       0       162

gagana Thursday, 02 July 2020 04:36 AM

මම හොඳට මේ පුවත කියවා හිටියා. එත් විජිත් ගේ ලියවිල්ල් දැක්කම කදුළු ආවා

:       0       63

පූජා Thursday, 02 July 2020 07:03 AM

ගගන, ඔහු දෑසට කඳුළු එන විදියට සටහන් ලියන්නට දක්‍ෂයි.. හැම කෙනාටම ඒ සුවිශේෂී හැකියාව නැහැ..

:       0       162

විජිත් Friday, 03 July 2020 05:41 AM

නොඑන ගමන් ගිය චුටි අලි පුතේ , billy joel කියන ගායකයාගේ ගීතයක් තියෙනවා - Only the good die young කියලා. ගොඩක් සංවේදී ගීතයක්. ඒ නිසාමයි මම කියන්නේ පුතේ ඔයා හරිම වාසනාවන්තයි මේ නොමිනිසුන් වැඩි ලෝකයට ඉක්මනින්ම සමුදී... ඔයා අයිති ලස්සන ලෝකයට යෑම ගැන.

:       0       161

පූජා Saturday, 04 July 2020 01:19 AM

Billy joel ගායනා කරන ඒ ගීතය හරීම සංවේදීයි. හරිම දුක හිතෙනවා. එයාගෙ තවත් ගීතයක් තියෙනවා .( In the middle of night .) the river of dreems කියන ගීතය. ඒක අහපුවාම දුක ටිකක් විතර අඩු වෙයි. මම ආස කරන ගීතයක් .අහලා බලන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site