IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංස්කරණයෙන් පසු දේව මෙහෙය කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන්

(ආරියරත්න රණබාහු)

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානය දින පනහකට අඩු කාලයක් තුළ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සිද්ධස්ථානය නැවත අභිෂේක කිරීමේ දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි.

පාස්කු ඉරුදින සිදුවූ එම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කතානායක කරු ජයසූරිය, ක්‍රිස්තියානි කටයුතු බාර අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයන් පැවැති අතර මිසම පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 



අදහස් (7)

කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංස්කරණයෙන් පසු දේව මෙහෙය කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන්

රජින්ද Wednesday, 12 June 2019 04:56 PM

කෝකටත් කියලා මැති ඇමතිලා ගෙන්නන එක හොදයි. මේ අය එන්නේ ආරක්ෂාවක් තියෙනවානම් විතරයිනේ. මේ වෙච්ච විනාශය කිසි කලෙක අමතක නොවේ. අතීශය පහත් දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස් ජීවිත බිලි දීමට තරම් මෙරටේ දේශපාලකයින් මිලේජ්ච වේ යයි අප කිසිවිටෙක සිතුවේ නැත. මියගිය සියලු ආත්මයෝ නිවි සැනසීම ලබත්වා...!!!

:       3       274

Raveendra Wednesday, 12 June 2019 05:01 PM

නැවත මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

:       0       178

Sanath KandyThursday, 13 June 2019 07:40 AM

මේ තරම් ඉක්මනින් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීම ඇත්තටම අගය කළ යුතුයි. මේ පුවත ලොව පුරා ප්‍රචාරය කළ යුතුයි.

:       11       104

JANAHITHA Wednesday, 12 June 2019 05:27 PM

නැවත මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. නමුත් අකාර්යක්ෂම පාලනය මෙහෙයවූ පාලනය අවුල් වෙන ලෙස අත් එසවූ පනත් සම්මත කල අය බලයෙන් පන්නා දැමීමට අත්පා අහිමි වුන මියගිය සියලුම දෙනා වෙනුවෙන් අපි අප කැප වෙමු

:       7       135

sarath Thursday, 13 June 2019 03:24 AM

දැන් කට්ටියට බෝම්බ ප්‍රහාරය හෝ ඊට වගකිවයුතු අන්තවාදීන් අමතක වෙලා. දැන් මතක තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණය.

:       24       125

mohan Thursday, 13 June 2019 02:28 PM

ප්‍රතිසංස්කරණය කරපු නාවික හමුදාවේ අයත් සම්බන්ධ කරගන්න තිබුනේ එයාලට කරන ගෞරවයක් හැටියට .

:       10       175

sharm warn Friday, 14 June 2019 06:50 AM

මොහාන් , ඔබේ අදහස ට මම ගෞරවයෙන් එකග වෙනවා . නාවික හමුදාවේ සොහොයුරන් ගේ නොනිමි කැපවීම සහ වටිනා ශ්‍රමය නිසා තමයි මේ තරම් ඉක්මනින් දෙව් මැදුර යතාතරම් දර්ශනියව තත්වයට පත් කරගන්න හැකි වුනේ . අර ඇමතියන් ගෙන්වපු එකත් කිව්වත් වගේ හොදයි මොකද එවුන්ගේ ආරක්ෂාවෙන් අහිංසක බැතිමතුන්ටත් ආරක්ෂාව ඉබේම ලැබුනා නේ .එහෙම වත් වැඩක් වෙන්න ... සමිදුන් තුරුලට ගිය සියලු දෙනා සහ තුවාල ලබා දිවි රැකුන සියලු දෙනා වෙනුවෙන් අපේ යැදුම් සමිදුන්ට පිදෙනවා .

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site