හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා
කල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිළධාරින් විසින් නිර්විදනය කර අල්ලා ගනු ලැබු ඇතා හොරෝව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යාම අද (3) සිදුවිණි.
පසුගිය 29 වැනි දා කොට්ටුකච්චිය කිවුල අංක 4 ගම්මානයේ 68 හැවිරිදි කාන්තාවක් නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේ දී මරා දමා තිබු බව වනජිවී නිලධාරින් පවසයි.
එසේම මෙම ඇතා ගම්මාන වලට කඩා වැදී භෝග වගාවන් වනසමින් ජනතාව භීතියට පත්කරමින් සිටින බවද කියයි.
වනජීවී පශු වෛද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතා පැවසුවේ මෙම ඇතා අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන බවත් උස අඩි නවයකට ආසන්න බවයි.
වනජිවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා මෙම ඇතා ඊයේ (2) අලුයම කල්අඩිය සිමෙන්ති ගම ගම්මානයේ සැරිසරමින් සිටියදී වනජීවී පශු වෛද්‍ය එච්.ඒ.ඉසුරු ලොකුහෙට්ටි මහතා ඇතුළත් කණ්ඩායම නිර්වින්දන එන්නත් කර අල්ලා ගෙන තිබු අතර එසේ අල්ලා ගත් ඇතා අද වනජීවී නිලධාරින් විසින් හොරෝව්පතානට රැගෙන යාම සිදුවිණි.
කෙසේ නමුත් ඇතා රැගෙන යන අවස්ථාවේ 500 කට ආසන්න ජනතාවක් එය දැක බලා ගැනීමට ද පැමිණ තිබිණි. එසේම ඇතා බැද දමා තිබු ස්ථානයට කොස්, අඹ ඇතුළු පළතුරු රැගෙන විත් ඇතාට ලබාදෙන ආකාරයත් රැගෙන යාමට පෙර ඇතා නැවීමට අවශ්‍ය ජලය ලබාදීමටද කටයුතු කර තිබිණි.
ඡායාරූප - රෝවන් පෙරේරා
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කල්අඩියේ ඇතා හොරෝව්පතානට
sam Wednesday, 04 July 2018 07:09 AM
අර සිංහරාජයේ ඉන්නා අලි දෙන්නට බලපාන නීතිය මේ ඇතාට බලපාන්නේ නැත්තේ දළ දෙකේ වටිනාකම නිසාද ??
tommy Thursday, 05 July 2018 10:19 AM
මේ ගම්මානයේ වාසය කල 68 හැවිරිදි මාතාව මරා දැමීමට පෙරයි මේ අලියාව හොරෝව්පතානට ගෙන යාමටයි තිබුණේ. මෙවැනි හේන් ගොවිතැනින් ජිවත්වන ගම්වාසීන් හිරිහැර කර භීතියට පත් කරන අලින් හට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.