IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


උත්තර දේවී ගමන් අරඹයි

 


 

 ( ලහිරු හර්ෂණ )
 
 කොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව අද (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරිණි.
 
 එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 
 උත්තර දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ආනයනය කළේ ඉන්දියාවෙන් වන අතර  එහි මැදිරි සංඛ්‍යාව හයකි.
 
 එයින් වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද මෙම දුම්රියට අයත් වේ.
 
 පළමු පංතියේ මැදිරියේ ආසන 52ක් ඇත. දෙවැනි පංතියේ ආසන 64කි. තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් වේ. ඒ අනුව මෙ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724 කි.
 

 පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර, මැදවච්චිය, වව්නියා, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමන්, යාපනය සහ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා වූ සියලු දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වනු ලබයි.
 
 මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්හට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු කලින් දැනගැනීමේ හැකියාවක්ද පවතී.



අදහස් (15)

උත්තර දේවී ගමන් අරඹයි

Raveendra Sunday, 27 January 2019 06:49 AM

බොහොම හොදද වැඩක්. අප මේ සියලුම මහජන නියෝජිතයන්ගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. මෙම උත්සවය සදහා මහජන බදු මුදල් කොපමණ ප්‍රමාණයක් වැය උනේද යන්න? රජයේ යාන වාහන, සහභාගිවු රජයේ නිලදාරීන්ගේ වටිනා කාලය, වැටුප්, අතිකාල දීමනා, ආරක්ෂක නිලදාරීන්ගේ වටිනා කාලය වාහන ඉන්ධන වැනි " එකී මෙකි නොකී " සියලුම වියදම් මහජනතාවට දැනගනීමට හැකි ඉක්මනින් සදහන් කරන්නේනම් එය සියල්ලොගේම ඉදිරියට හොද වෙනු ඇත. " අප තදින්ම විස්වාස කරනවා මෙය අප රටේ මුල් පුරවැසියා පුද්ගලිකව කියවා බලා" මෙම පුවත් පතේම සියලු වියදම් සදහන් කරයි යන්න.

:       7       275

බන්දුල Sunday, 27 January 2019 07:24 AM

ඉන්දියාවේ දුම්රිය සේවය කියන්නේ ලංකාවට වඩා ඉතාම ඉහල, දියුණු මට්ටමේ එකක්. පැයට කිලෝමීටර් 150 ට වඩා වේගයෙන් යන දුම්රිය එහෙ සාමාන්‍යයෙන් තියෙන්නේ. කිලෝමීටර් 1800 ක් තරම් දුරක් එක දිගෙට දිවෙන දුමිරිය එහෙ තියෙනවා. ඒ රටෙන් පුළුවන් තරම් උදව් අරං අපේ රටේ තියෙන යල්පැන ගිය දුම්රිය සේවාව නවීකරණය වෙනවා නං හොදයි. ලංකාවේ කිලෝමීටර් 300 ක් දිවෙන දුම්රිය නැහැ. එහෙම තියෙද්දිත් ඒ පොඩි දුරකටවත් සේවාව හරියට ලබා දෙන්න බැහැ.

:       55       383

janatha anura Sunday, 27 January 2019 07:50 AM

රටේ දුප්පත් කම සහ රාජ්‍ය මුදල් වංචා කිරීම නිසා අපිට මේ ව දියුණු ලිරීමට නොහැක

:       0       163

menna Sunday, 27 January 2019 07:42 AM

ස්ටේෂන්වල වැසිකිලිත් පිරිසිදුව තියෙන ක්‍රමයක් ඕනේ.

:       0       204

janatha anura Sunday, 27 January 2019 07:49 AM

මේවා විදුලි දුම්රියන් දක්වා වර්දනය කලයුතු වෙනවා කොටුව මරදාන දුම්රිය අංගන අනතුරු වලින් මිය යන දහස් ගණනකගේ ජීවිත ගැන සලක බලා වේදිකාවේ ආරක්ෂක දොර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ඉංජිනේරුවන්ට බැරි නම් විදේශ රටකින් උපදෙස් ලබාගන්නේ නම් මැනවි

:       0       11

sena Sunday, 27 January 2019 07:55 AM

විකාරයක් - මැදිරි 6 ක් විතරක් තියෙන දුම්රියක් එකෙනුත් දෙකක් පළමු පන්තිය සහ දෙවෙනි පන්තිය (වොරන්ට් වලින් යන කට්ටියට) කන්කසන්තුරේට දාන එකෙන් ඇති වැඩේ මොකක්ද? සල්ලි දීලා යන තුන්වෙනි පන්තියේ මගින් යන්නේ වහල උඩද?

:       5       47

sandy123 Sunday, 27 January 2019 08:03 AM

ඇති යන්තම් රට සවාරිවලට පොඩි විවේකයක් දීලා පොඩි විනෝදෙකට පොඩිම පොඩි ඕපනින් එකක්. විගහට යන්නත් ඕනේ ඊළඟ ගැසට් එක ගහන්න.

:       1       13

sirimal Sunday, 27 January 2019 08:53 AM

අලුතෙන් එක්කරන දුම්රිය මැදිරි ජරා නොකර වගකීමකින් සහ අභිමානයකින් යුතුව පාවිච්චි කිරීමට ඒවායේ ගමන් ගන්නා මන්ගීන්ට නැණ නුවන මෙන්ම උවමනාව පහල වේවා.

:       9       232

RaveendraSunday, 27 January 2019 10:28 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය. මම විතරක් නොවේ තවත් මිනිසුන් මේවා පාවිච්චි කළයුතුය යන හැඟීම සියලුම පුරවැසියන්ට පහළ වේවා යන්න ඔබේ මෙන් අපගේද ප්‍රාර්ථනයයි !!

:       0       15

nihal c k Sunday, 27 January 2019 10:25 AM

මේවා සෝබන වැඩ... මේ දේවල් රජයක යුතුකම්.. ඔබලා බැඳීසිටින්නේ මහජන සුබ සිද්ධීන් සඳහා සේවය කිරීමටයි. රටේ මාධ්‍ය මගින් ඔයදේවල් ගැන රටට ප්‍රචාරය ලබාදේවි. ජනතාවගේ බදුමුදල් වියදම් කරලා ප්‍රචාරය දෙනවාට වඩා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම අංගනයන්ට ගොස් පරීක්ෂාකර අඩුපාඩු සේවකයන්ගේ අඩුපාඩු සොයාබලා මහජනතාවට හොඳ දුම්රිය සේවයක් ලබාදීමට කැපවීමයි කළයුත්තේ.

:       2       18

menna Sunday, 27 January 2019 10:34 AM

උත්තර දේවී... ඉදිරියේදී හොඳ උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

:       0       68

vipula Monday, 28 January 2019 08:08 AM

මෙම මැදිරි නිසිපරිදි සැමදාම පිරිසිදු කරන්න සේවකයන්ද, මෙහි තිබෙන උපකරණවල ආරක්ෂාවද සහතික කරන සේවක මඩුල්ලක් පත්කරන්න. නැත්නම් මෙය මරදානේ යාර්ඩ් එකේ නැවැත්තුවම කුඩු කාරයෝ ඇවිල්ලා ගලවාගෙන යනවා.

:       0       103

ROSHAN Monday, 28 January 2019 02:24 PM

අපි හදපු දුම්රිය එයාලගේ වගේ රිබන් කපලා, උත්සව තියලා ඇතුළට යනවා. ඉන්දියාවේ මනුස්සයා අනේ මෝඩ හරක් කියලා හිනාවෙනවා.

:       0       1

Kirthi Tuesday, 29 January 2019 01:54 AM

උතුරට උත්තර දේවී දකුණට ප්‍රශ්න දේවී ! හා හා

:       0       1

tikiri Tuesday, 29 January 2019 06:59 AM

ගම්පහ අපි අනුරාධපුරේ වඳින්න ගියේ උත්තරදේවියේ. අලුත් කෝච්චිය නවත්වන්නේ පොල්ගහවෙල. පරණ උත්තර දේවි ඒ විදියටම දුවද්දී අලුත් කෝච්චිය වෙන නමකින් හරි කමක් නැහැ දැම්මනම් සාධාරණයි. අනුරාධපුරේ යන අය ගැනත් හිතන්නයි තිබුනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site