IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම පහළ බසී

(වසන්ත චන්ද්‍රපාල)

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට නියමිත අයුරින් වැසි නොලැබීමෙන් ජල මට්ටම අක්කර අඩි 25,800 දක්වා පහළ බැස තිබේ.

සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර  අඩි 770,000 කි. අක්කර අඩි 744,200 ක ජල ප්‍රමාණයක් සමුද්‍රයෙන් අඩුවී ඇත.

මේ හේතුව නිසා යල කන්නයේ කරන ලද කුඹුරු වලට අවසන් වතුර මුරය ලබාදීමේ ගැටලුවක් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. ගමගේ මහතා පැවසීය.

ජලාශයේ වතුර අඩුවීම සමඟ මසුන් දිය කාවුන් විශාල වශයෙන් මිය යෑමට පටන් ගෙන තිබේ.

ජලාශයෙන් ජලය නිකුත් කිරීම අද (10) දිනයෙන් අවසන් කරන අතර  කුඹුරු වලින් 40% පමණ එය සෘජුවම බලපාන බවද වාර්මාර්ග දෙපාර්මේන්තුව කියයි.

ඉදිරියේ දී ජලාශයට වතුර එකතු නොවුණහොත් ජලය නිකුත් කිරිමට නොහැකි වන අතර එසේ නිකුත් කළ හොත් පානීය ජලය ලබාදීමට ගැටලුවක් වෙන අතර විවිධ පාරිසරික ගැටලු මතුවිය හැකි බවද අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්.ගමගේ මහතා පැවසීය.

පවතින නියං තත්වය සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාකරන ලද ගොවියන් මහත් අසීරුතාවයට පත්වී තිබේ.

 



අදහස් (7)

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම පහළ බසී

shan Wednesday, 10 July 2019 06:04 AM

අපි ලෝකයේ කිසිවෙක් මෙතුවක් නොකළ අලුත්ම සංචාරක ප්‍රවර්දන වැඩසටහනක් දියත් කරමු ඒ මන්ද යත් ලෝකයේ පළමු වරට වසරේ වැඩිම කාලයක් සිදී පවතින වැවු අමුණු ජලාශ මෙන්ම ජලය නොමැතිව කිරිවදින ගොයම ගිනි තබන දර්ශන ලෝකයට පෙන්වීම හා දැක බලා ගැනීමට වැඩසටහනක් කරමු...... මෙය වැඩි අදායමක් ලබා ගත හැකිය එසේ කරනවා මිස වෙනත් විකල්පයක් නැත ඒවා නිසි පරිමාවන්ට යලි පිරවීමට රජයට හෝ විපක්ෂයට හෝ උදේ හවස පාරේ කෑගහන්න කිසිම පක්ෂයකට වුවමනාවක් නැත. නමුත් ඔවුන්ට යන්න නවීන වාහන ගන්න කෝටි ප්‍රකෝටි ගණන් ඇස්තමේන්තු හදා පාස්කර ගැනීමට මහඑකාගේ සිට පොඩිඑකා දක්වා බොහොම උනන්දුයි. එදා ජලය අක්කර අඩි 150000ක් පුරවපු වැව අද අක්කර අඩි 50000 වත් පිරෙන්නේ නැත. ඒවා නඩත්තුවට මුදල් නැත. ගොවියාට වස බොන්න සිදුවී තිබේ. රටට හෝ ජනතාවට කිසිම වැඩක් නැති කලකන්නින්ගේ එක සැසියක් පවත්වන්නට කෝටි 3ක් වියදම් කළ හැකිය. මොවුන්ට ලෝකේවටේ සවාරි යන්න මුදල් තිබේ.

:       2       30

shan Wednesday, 10 July 2019 06:15 AM

අඩුම තරමේ මේ නියන් කාලවලදී මේ ජලාශ අලුත් වැඩියාවක් කර යම් තරමකට රොන්මඩ ඉවත් කර වැඩි ජල පරිමාවක් පිරවීමට සලස්වා ගැනීමටවත් උවමනාවක්, ඒ සදහා මොලයක් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවන්ට නැහැ.

:       0       49

sharm warn Wednesday, 10 July 2019 09:19 AM

අද වෙද්දී ජලාශ කීයක් හිඳිලද? මේවා හදනකොටත් පාරිසරික ප්‍රශ්න සේරම දේශපාලනයෙන් වැහුවා.. අදාළ කොමිස් මුදල් නිසි ලෙස ලබා ගත්තා. කඩිනම් මහවැලි ව්‍යාපාරය කියලා 30 අවුරුදු සැලැස්මක් 6 අවුරුද්දකින් ඉවර කළා. ගහන්න තියෙන පම්පෝරි සේරම ගහලා පරිසරයට කරන්න පුලුවන් උපරිම හානිය කළා. අද වෙද්දී මුළු රටම එක හැටියට දුක් විඳිනවා. ඊට විපාක වශයෙන්. හිටපු එවුන් විතරක් නෙමේ අද දක්වාම ඉන්න ඔක්කොම ඒවාට වග කියන්න ඕනෑ.. අර ලොකුවට පරිසර ඇමති කියාගන්න එකාත් ඇතුළුව..

:       15       39

shanWednesday, 10 July 2019 12:55 PM

මේක කඩිනම් සංවර්ධනයේ වරදක් නෙවේ. මේවා වසර 30හෝ 40 යනකල් කාලය අරන් හැදුවත් මේ වෙලා තියන විනාසේ වෙනවමයි.. මොකද වැවක්, ජලාශයක් වුනාම එ්කේ පිරෙන්න ජලය එන්නේ ගංගා, ඇලදොළ වලින් ඒ ජලය වාර්ෂිකව වැසි සමය සමග ගලා එන ජල ධාරාවන් සමග එන මඩවලින් වැව හෝ ජලාශය ගොඩ වීම සිදුවෙනවා. එ්ක නිසා තමයි එදා රජවරු වසරකට වරක් වැව අලි ඇතුන් ලවා මඩකර මඩ සොරොව්ව විවෘත්ත කර වැවේ මඩ ඉවත් කලේ.. ඒ මඩ තමා ගොවිබිම් සරු කලේ එ්ක නිසා තමයි. රසායනික පොහොර භාවිතා නොකර එදා ගොවිබිම් සරු වුනේ මේවා දැනුම් තේරුම් ඇති උන් අද රටේ නැහැ. 8 පාස් නැති උන් පාර්ලිමේන්තු යවලා මේවා ගොඩදාන්න බැහැ. මහලොකුවට උපාධි ගැහුවට පොතෙන් පිට දාන්න මගුලක් නැහැ. එදා රජවරු ගාව උන්න සොල්දාදුවෙකුට තියන දැනුමක් නැහැ. දන්න එකම දේ ජනතාව ගොනාට අන්දලා රටේ දේපල, මුදල් හොරකම් කරලා රජවෙන එක විතරයි.. අද වැවේ නැත්නම් ජලාශයේ මඩ ටික යන්න වැව් බැම්ම හෝ ජලාශයේ බැම්ම කඩාගෙන යන්නම ඕනේ.. ඉතින් වහින වැස්සෙන් වැවේ කලක් පිරිලා රටක් ගොවිතැන් කරන්නේ කොහොමද ඉතුරු වතුර ටික හැමදාම මුහුදට ගලා යන එක රැඳෙන්න තැනක් නැතුව කතා කලොත් විශාරදයෝ තාම වැවක් පුරෝගන්න බැහැ. මේවා හැදු අය උන්නා නම් සියදිවි හානිකර ගන්නවා.

:       8       92

දිමුත් Friday, 12 July 2019 06:31 AM

ඉන්දියාවේ ප්‍රධාන නගරත් අද වනවිට උග්‍ර ජල හිඟයකට මුහුණ පා ඇත. ලංකාවටත් ඒ දිනය වැඩි ඈතක නැහැ. තියෙන කැලෑ විනාශ කර කර බොරුවට තිරසාර සංවර්ධනය කියලා උත්සව පැවැත්වුවාට වැඩක් නැහැ.

:       0       0

ගරු කර්තෘ Sunday, 14 July 2019 05:30 AM

ඉන්දියාව මේකට ඇඳා ගන්න එපා. මේ පළමු අවවාදයයි.

:       0       0

සංජීව Tuesday, 16 July 2019 04:46 AM

පින්තුරයේ පෙනෙන විදිහට වැහි වලාකුළු තියෙනවා. ඉතින් අර කලින් කරා වගේ කෘතීම වැසි හදන්න පුළුවන්නේ. ඕව කරන්නත් ආණ්ඩුවලට වෙලාවක් තියෙන එකක් යෑ නේ?.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site