IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආහාර එතීමට පරිසර හිතකාමී ඇසුරුමක් සොයාගත් සිසුවියට ලක්ෂ 15 ක්

(විනීතා එම් ගමගේ)

තහනම් ලන්ච් ෂීට් වෙනුවට ආහාර එතීමේ පරිසර හිතකාමී ඇසුරුමක්  සොයාගත් රත්නපුර සුමන බාලිකාවේ තරුෂි විදුෂිකා සිසුවියට එම නිර්මාණය ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලදී.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අද (06) පැවති ජාතික පරිසර උත්සවයේ දී මෙම පරිත්‍යාගය කරනු ලැබීය.

එම සිසුවිය සොයාගත් ආහාර ඇසුරුමේ කඩදාසි හෝ ප්ලාස්ටික් පොලිතින් කිසිවක් නොමැති අතර ආහාර එතීමට භාවිතා වන කොලය රෙදිවලින් සකසන ලද්දකි.

එමෙන්ම එහි ආහාර පාර්සලය දැමීමට බෑගයක්  පවා තිබේ.

මෙම නිර්මාණය වෙනුවෙන් මේ වනවිට පේටන්ට් බලපත‍්‍රය ඉල්ලා අයඳුම් කර ඇතිබවද තරුෂි විදුෂිකා සිසුවිය ලංකාදීපයට කීවාය.

 

(ඡායාරූප : චතුර එස් .කොඩිකාර )

 



අදහස් (19)

ආහාර එතීමට පරිසර හිතකාමී ඇසුරුමක් සොයාගත් සිසුවියට ලක්ෂ 15 ක්

lanka Thursday, 06 June 2019 12:36 PM

ඔය අපේ විශ්ව විද්‍යාල වල ඉන්න "විද්වතුන්ට" මේ වගේ දෙයක් හොයා ගන්නට බැරි ඇයි?

:       114       154

Raveendra Thursday, 06 June 2019 12:37 PM

රත්තරන් දුවේ ඔබගේ සොයා ගැනීම අපට නම් මිල කළ නොහැක. අපගේ ලංකා මාතාවට ඔබ වැනි දු දරුවන් තව තවත් බිහි වේවා!! තව තවත් අලුත් දේ සොයා ගැනීමට ඔබට හැකි වේවා !!!! පුතේ නුබට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.

:       1       269

janatha anura Thursday, 06 June 2019 12:44 PM

සුබපැතුම්

:       1       105

ravi Thursday, 06 June 2019 01:01 PM

අනාගතයට ඉතාමත් ප්‍රයෝජනවත් " ආයෝජනයක් "

:       0       93

chandima Thursday, 06 June 2019 04:38 PM

මුලින්ම ගන්න ඕන පේටන්ට් බලපත්තරේ තමයි. ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් රට වලත්. නැතිනම් හෙට වෙනකොට කට්ටිය වැඩ පටන්ගන්නවා වෙන නමකුත් දාලා.

:       0       206

Anuradha. Thursday, 06 June 2019 08:03 PM

පුංචි දුවේ, මේ ගැන කියන්න වචන නැති තරම්.ඔබගේ සොයා ගැනීම ඒ තරම්ම විශිෂ්ටයි.

:       0       51

jayath Friday, 07 June 2019 03:10 AM

මේ මාධ්‍යය සංදර්ශනය ඉවර වෙලා තව වසරකින් බලන්න මේ දැරිය ඉන්නේ කොහෙද, මොකද උනේ කියලා. මේ රටේ මෙච්චර කාලෙකට මේ වගේ දේවල් වලට උනේ එහෙමයි මේකත් බලමු නේද

:       0       139

hira Friday, 07 June 2019 03:24 AM

නියමයි දුව. තව තවත් නව නිර්මාණ බිහි කරන්න ශක්තිය, ධෛර්‍යය, වාසනාව ලැබේවා. බුදු සරණයි !!!!

:       0       86

ලලිත් පෙරේරා Friday, 07 June 2019 04:49 AM

මේ දරුවගේ අතට කීයක් හරි දීලා ඔන්න අපි කලා ඉතුරු ටික උඹම බලාගනින් කියලා අයින් වෙන එකද මේ දේශපාලන ය සංදර්ශන කාරයින්ගේ වගකීම? ඇයි මේ අයට බැරි මේ දරුවට මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන්න. මේ සොයාගැනීම් අපේ රටේ දියුණුවට යොදා ගත හැකි නේද.? අනේ ඉතිං මේ අපේ ශ්‍රී ලංකාවනේ....

:       0       128

දිලුම් Friday, 07 June 2019 05:15 AM

දේශපාලුවන් විසින් ජරා ජීර්ණ කර ලෝකය තුළ කුජීත කර ඇති අපේ රටේ දුප්පත් නමට ඔබ වැනි දූවරුන් මහත් අස්වැසිල්ලකි. පිටරටවල සිටින අපි ඔවුන් අසන අපේ රටේ කාලකන්නි දේශපාලකයන් විසින් සපයන විහිලු දැක අසන ප්‍රශ්න වලින් අසරණ ව මුහුණ හංගා ගන්නා අපට ඔබ මැණිකකි. ඔබට ජය දියණියනි.

:       0       201

RaveendraFriday, 07 June 2019 06:35 AM

සත්තකින්ම ඔබගේ අදහස් 10000000000000000% නිවැරදිය. මෙම රිලව් 225 ම අපගේ මාතෘභූමිය කෙළසා ඇත. ඔබ පවසා ඇති වැදගත් ගැටලුවට අපද සැමදා මුහුණ දෙන්නෝය. අප අවට සිටින විදේශිකයන් මෙම රිලව් 225 ගැන අපගෙන් අසන ප්‍රශ්නවලට අපට පිළිතුරු දීමට නොහැකිව අප අසරණවූ අවස්ථා ඕන තරම්ය. " අප නිසා තුන් වේල නිකම්ම ගිලදමන මෙම අමනයන් 225 " පිනට ගිලින කෑම වෙලටවත් ගරුසරුවක් නැති පිරිසක්.ජාති ජාතිත් සාප වේවා!!!!

:       0       238

silva Friday, 07 June 2019 07:41 AM

මේ 8 පාස් අය ඉදිරියට මෙවන් බුද්ධිමත් දරුවන් ගෙනියන්න එපා. එක උගත්කමට කරන අගෞරවයක්. ඕකත් පතරෙන්ම දැනගන්න දුන්නනම් ඊට වඩා වැදගත්.

:       0       93

desapalaka anura Friday, 07 June 2019 01:27 PM

මෙතන තමා අපිට වැරදුනේ. අයින්සටයින් කිසිදිනෙක විශ්ව විද්‍යාලයට තේරුනේවත් ගියේවත් නැහැ. නමුත් විශ්මිත සොයා ගැනීම් කල අනෙකුත් අයට නුගත් යැයි කිසිවීටකත් කියා නැහැ

:       2       25

leel gunawardena Friday, 07 June 2019 02:57 PM

පොලිතින් මාරයට හොඳ පාඩමක් පෙන්වන්න මේ දුව, ගත්ත උත්සාහයට මගෙන් සුබපැතුම් ඔබට ජය !!!

:       0       14

gunarathana himi Friday, 07 June 2019 03:47 PM

දුවණිය ඔබ රුවන්පුරයට පමණක් නොව අපේ රටටම ආඩම්බරයක්. වාසනාවන්ත අනාගතයක් තෙරුවන් සරණයි.

:       87       116

ලංකාපුත්‍රSaturday, 08 June 2019 03:23 AM

මෙවැනි සොයාගැනීමක් කල දැරියකට සුභ පැතුවාම ඩිස් ලයික් දාන අයගෙන් නොපමාව මේ රට බේරාගැනීමට සිදුවනු ඇත එසේ නොකලොත් අප රටට කිසිදා ඉදිරියට යා නොහැක

:       1       0

චමින්ද Saturday, 08 June 2019 12:48 AM

දියණියට හදපිරි සුභපැතුම් පිරිනමමි. මේ දියණියගේ කාර්යය රජයේ නිළධාරීන්ගේ කරදර වලින් බේරී ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.

:       0       0

චමින්දTuesday, 11 June 2019 08:50 AM

මම සුබපැතුවේ එම පාසැලේ දරුවන්ගේ අභිමානවත් වචනයක් වන සු බා වි යන්න මුලට යොදා වුවත්, එම අකුරු 3 ඉවත්කිරීම ගැන... කණගාටුයි.

:       0       0

Anurudda karunathilaka Saturday, 08 June 2019 03:06 AM

ආදරණිය දියණියනි ඔබට සුබ පතමි. ඔබ වැනි දිරිය දරුවන් දහස් ගණනින් මගේ මව්බිමට පහල වේවා. මගේ රට තවම හදන්න පුළුවන් කියල හිතෙන්නේ මේ වගේ දේවල් දැක්කමයි. සතුටුයි හදවතින්ම.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site