(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ළඟදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට සහභාගි වන ලෙස දන්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයින්ට ලිපියක් යැවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරය ඉකුත් බ්‍රහස්පතින්දා (12) රාත්‍රියේ පැවැති ආණ්ඩුවේ ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.
එම ලිපිය ඉකුත් සිකුරාදා වනවිට සකස් කෙරෙමින් තිබූ අතර, එය මේ සතියේදී එකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂයෙ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයින්ට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට පක්ෂය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂය සූදානම් බැවින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙස දන්වමින් මෙම ලිපිය යැවෙනු ඇතැයි දැනගන්නට තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමතරව, ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට හා ආසන සංවිධායකයින්ට ද මෙම ලිපිය ලියාපදිංචි තැපෑලෙන් යැවීමට නියමිතව ඇත. පළාත් පාලන මැතිවරණයට සන්ධානයෙන් තරග කිරීම සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ ද අපේක්ෂක ලැයිස්තු සකස් කරන්නේ ද හා පක්ෂය සමග ඉදිරියට කටයුතු කිරීමට සූදානම් ද යන්න මෙමඟින් විමසීමක් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
එම විශේෂ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉතා නුදුරේදීම පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ හිටපු හා දැනට සිටින පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් ද ලබන සතියේ පැවැත්වීමට නියමිතව ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රීලනිපය එකතු කරන්න තීරණාත්මක වෑයමක්