(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා බහුතර බලය පෙන්වීමට ප්‍රධාන අමාත්‍යවරයාට පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති.
ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළ කරන බව මන්ත්‍රීවරුන් 15 දෙනකු මේ වනවිටත් දිවුරුම් පෙත්සම් මගින් දැනුම් දී ඇත. බහුතර බලය පෙන්වීම සඳහා තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.
ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිපත් කළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 21 දෙනකු අත්සන් කළ බව ප්‍රකාශ කළත් එයට අත්සන් කර ඇත්තේ 15 දෙනකු පමණක් බව වාර්තා වෙයි. සෙසු මන්ත්‍රීවරුන් 6 දෙනා දිවුරුම් පෙත්සම්වලට අත්සන් කර නැතැයි උතුරේ ආරංචි මාර්ග පවසයි. මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළ කිරීම සඳහා සෙසු මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බව සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.
ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් එම පෙත්සම් ඉවත්කර ගැනීමේ සූදානමක් පවතී. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරම් මහතා හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අතර පැවැති දුරකථන සංවාදයකදී මන්ත්‍රීවරුන් බහුතරයක් ප්‍රධාන අමාත්‍යවරයාට සහාය පළ කරන බවට සම්පන්දන් මහතා දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මේ අතර ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළ කරමින් උතුරේ දිස්ත්‍රික්ක 5 ක හර්තාල් ව්‍යාපාරයක් පසුගිය සිකුරාදා පැවැත්විණි.
ප්‍රදේශයේ කඩ සාප්පු වසා ජනතාව වීදි බැස මහ ඇමැතිවරයාට සහයෝගය පළකර ඇතැයි වාර්තාවෙයි.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විග්නේෂ්වරන්ගේ උදව්වට සිවාජිලිංගම් එයි