IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොකු පුටුවක් පෙරළෙයි

(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එකඟතාවකට පැමිණ ඇත.


ඒ අනුව ඉදිරි දින කිහිපයේ සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන පෙළේ අමාත්‍යධුරයකද වෙනසක් සිදුවනු ඇතැයි වාර්තාවේ.

මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනය ඉතා නුදුරේදී ස්ථිර වශයෙන්ම සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.


කැබිනට් සංශෝධනය සමඟ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වෙනසක් ද සිදු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.


කැබිනට් සංශෝධනයට අගමැතිවරයාත්, ආණ්ඩුවේ දේශපාලන පක්ෂත් එකඟ වී ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා ඊට කිසිවකුගේ විරුද්ධත්වයක් නැතැයි කීවේය.


ආණ්ඩුවේ සහ රටේ යහපත සඳහා කැබිනට් සංශෝධනයක් සිදුකිරීම ආණ්ඩුව බලයට පත් කළ පාර්ශ්වවල, සංවිධානවල පොදු ඉල්ලීමක් බවට පත්ව තිබෙන බව කී ජනාධිපතිවරයා, ඒ ගැන කිසිවකුත් කලබල විය යුතු නැති බව සඳහන් කළේය.


ඇමැති සංශෝධනය හා අමාත්‍යංශ ලේකම්වරුන් වෙනස් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.



අදහස් (6)

ලොකු පුටුවක් පෙරළෙයි

sampath Monday, 15 May 2017 06:06 AM

අමාත්‍ය මණ්ඩල අමත්‍යංශ ලේකම්වරු වගේම ස්ථා සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල වලත් කාර්ය සාධනය සලකා බලා වෙනස්කම් කිරීම ඕනීම රජයක් කලයුතු දෙයක් අමත්‍යංශවල තීරණ ක්‍රියාත්මක වෙන්නේ ආයතන ප්‍රධානීන් මගින් ජනතාවට ආයතන සේවකයන්ට හා රටට උපරිම ප්‍රතිපල ලැබිය යුතුයි

:       0       1

Chanak Los angeles Tuesday, 16 May 2017 06:05 AM

දේශපාලකයන්ගේ බල අරගලය නිසාවෙන් රටේ සංවර්ධනය සම්පුර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා .

:       1       0

savanth Tuesday, 16 May 2017 09:27 AM

මේවට තමයි කටින් බතල කියන්නේ, හැමදාම බාලගිරි.

:       0       25

saleem Wednesday, 17 May 2017 12:48 AM

ඇමති මාරුවට හොදම කාලය

:       0       0

Abaran Wednesday, 17 May 2017 12:06 PM

මහජනතාව පුටු ටික පෙරලලා දෙයි . ටිකක් ඉවසන්න

:       0       0

de silva Wednesday, 17 May 2017 07:13 PM

ඕකත් අර දිවුලපිටියේ පස් හොරකමට සම්බන්ධ නිලධාරීන්ට දඩුවම් කලා වගේ, ගෝල්ෆේස් ගිය අයට තිබ්බ විනය පරීක්ෂණය වගේ එකක් වේවිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 32 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 166 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 162 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 97 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 100 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1534 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site