IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පෙරටත් වඩා ජවයකින් ගීත ගයන්නේ යළිත් තාරුණ්‍යයට ගිහින්ද

 

සුභාවිත සංගීතයේ දී ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක කලාකරුවාට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ ගී අනන්‍යතාව වසර 53 ක් තිස්සේ අදටත් එකලෙස රඳවා ගැනීමට සමත්වීමම ඔහු ලැබූ ජයග්‍රහණයකි. එදා සිට අද දක්වා එක ලෙස තම ජනප්‍රියත්වය හිමිකරගෙන සිටින මේ ගාන්ධර්වයා පසුගියදා සිය 75 වැනි ජන්ම දිනය සැමරුවේ, තම රසික රසිකාවියන්ට උපන් දින තෑග්ගක් ලෙස “වික්ටර් වජ්‍ර ප්‍රභා” ගී ප්‍රසංගය ලබාදෙමිනි.

 

ජීවිතයේ බොහෝ හැල හැප්පීම් මැද, ඒවා සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන මුනිවරයකු ලෙස නොසැලී සිටින මේ ගාන්ධර්වයා, අද දවසේදී පෙරටත් වඩා ශක්තිමත්ව තම නිර්මාණ කටයුතුවල නිරත වී සිටින්නේ සැමටම ආදර්ශයක් වෙමිනි. ඔහු සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන ආරංචි සම්බන්ධයෙන් අප කළ විමසුම ඔහු කාරුණිකව ප්‍රතික්ෂේප කළේ තමාටද පෞද්ගලික ජීවිතයක් ඇති බව සඳහන් කරමිනි. එම ඉල්ලීමට ද ගරු කරමින් ආචාර්ය වික්ටර් රත්නායක නමැති ගාන්ධර්වයා සමඟ අපි කතාබහක නියැළුණෙමු. මේ එහි සටහනයි.

 


● ඔබගේ 75 වැනි උපන් දිනය නිමිත්තෙන් පසුගියදා “වජ්‍ර ප්‍රභා” නමින් ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. මේ ප්‍රසංගය පිළිබඳව ඔබට දැන් මොකද හිතෙන්නේ? ඇයි එවැන්නක් කිරීමට සිත් වුණේ?
අවුරුදු 75 ක් සපිරෙද්දීත් මගේ රසික රසිකාවියන් උදෙසා, ඔවුන් තෘප්තිමත් කිරීමේ අරමුණින් තමයි මේ ප්‍රසංගය පවත්වන්න මා තීරණය කළේ. තවම මට ගීත ගැයීමේ හැකියාව, කුසලතාව තිබෙනවා නම් ඇයි මම මෙවැන්නක් කිරීමට මැළිවන්නේ? “වජ්‍ර ප්‍රභා” කියන්නේ දියමන්තියේ දිස්නය කියන එකයි. 75 වැනි වියට පා තබලා සිටිද්දීත් මගේ ගීත ගයා, තවම ගී නිර්මාණයේ හා ශිල්පීය ජීවිතයේ ඉන්නවා කියලා පෙන්වන්නයි මේ ප්‍රසංගය පවත්වනු ලැබුවේ.


ඒ ප්‍රසංගය ඉතාම සාර්ථක ප්‍රසංගයක් වුණා. මොකද ශාලාව පිරී ඉතිරී ගියා. ප්‍රසංගයේදී ගී ගයන්න මට ශක්තිය, ඒ ආකාරයෙන්ම තිබුණා කියලා තමයි හැමෝම වගේ එදා මට සුබ පතමින් පැවසුවේ. ඒ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්වීමත් විශේෂත්වයක් වුණා. ඇත්තටම මට සතුටුයි ‘වජ්‍ර ප්‍රභා’ කියන අරුතට ගැළපෙන අයුරින් මට ඒ ප්‍රසංගය එදා කරන්න ලැබීම ගැන.

 


● ඔබ පෙරටත් වඩා ජවයකින් දැන් ගීත ගයන බවයි බොහෝ දෙනා කියන්නේ. ඒ කියන්නේ ඔබ යළිත් තාරුණ්‍යයට ගිහින් වගේ නේද?
ඔව්. ඇත්තෙන්ම එහෙම කියන කොටත් තාරුණ්‍යය කරා අප පොළඹවන බවක් පෙනෙනවා. නිර්මාණකරණයට, ගීත ගායනයට ඒ පැවසීමත් යම් දිරියක් ලැබෙන බව කිව යුතුයි. රසිකයාත් එක්ක භාව භාෂණය ඉක්මවන ඒ කියන්නේ මේ රසය බෙදාගැනීමට මම සිතන්නේ අපිව තව තෘප්තිමත් වෙනවා කියලයි. ඒ තෘප්තිය සඳහා තව තවත් කුසලතාවය වර්ධනය වෙනවා කියන තත්ත්වය තමයි මා දකින්නේ. ඒ නිසා තමයි මම නැවතත් තාරුණ්‍යට එළැඹී ඇති බවක් බොහෝ දෙනා දකිනවා ඇත්තේ.

 


● මේ ප්‍රසංගයේදී ඔබගේ වෙබ් අඩවියද එළිදක්වනු ලැබුවා. එයින් බලාපොරොත්තු වුණේ කුමන කාරණයක්ද?
ඇත්තෙන්ම වෙබ් අඩවිය ආරම්භ කිරීමේ පරම චේතනාව තමයි තව වසර ගණනාවක් මේ හරහා පරම්පරා ගණනාවකට ඒ කියන්නේ නූතන පරම්පරාවටත් ඉදිරියේදී බිහිවන පරම්පරාවටත් අපගේ නිර්මාණ පිළිබඳව කිසියම් අවබෝධයක්, දැනුමක්, අධ්‍යනයක් කරන්න තරම් මේ වෙබ් අඩවියේ අපි දත්ත සපයලා තිබෙනවා. මගේ නිර්මාණ, මා විසින් තවත් අයට කළ නිර්මාණ, මගේ චිත්‍රපට පසුබිම් සංගීතයෙන් වූ සේවය, මගේ වෘත්තිය කුසලතා, ගේය පද රචකයන් ගැන, සංගීතඥයන් පිළිබඳව යන සියලු දත්ත අඅඅගඩසජඑදරර්එයබ්හ්න්ගකන වෙබ් අඩවියෙන් අපි රසිකයන්ට සපයා තිබෙනවා. මා හිතනවා අපි නැති කාලෙක හෝ ගීත පිළිබඳව යම් දැනුමක් ලබාගැනීමට වුවමනා නම් අධ්‍යාපනික මට්ටමකින් හෝ කරන්න පුළුවන් ආකාරයේ දායාදයක් තමයි මේ අප දීලා තියෙන්නේ.

 

 


● ඔබගේ අවුරුදු 75 ක ජීවිත කාලය තුළ මේ සමාජයේ විවිධ හැල හැප්පීම්වලට ලක්වෙන්න ඇති. ඒ දෙස බලද්දී ඔබට අද මොකද හිතෙන්නේ?
සහතිකයෙන්ම මම නිතරම කියන කතාවක් තමයි මගේ වෘත්තීය සංගීත දිවියට වසර 53ක් දැන් ගෙවිලා ඉවරයි. එතකොට මේ අවුරුදු 53 දෙස ආපසු හැරිලා බලනවිට, මට හිතෙනවා මා හරිම වාසනාවන්ත කලාකරුවෙක් කියලා. මොකද මා විතරක්, මගේ නිර්මාණකරණය හරහා ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් අරගෙන ආවා කියන තැන නොවෙයි ඉන්නේ. මගේ නිර්මාණ තවත් අය අතරේ දායාද කරලා තිබෙනවා. තවත් අයට බෙදලා දීලා තිබෙනවා. ඒ හරහා ඔවුන් ලැබූ තෘප්තිය, ඔවුන් ලැබූ කිසියම් ජනප්‍රියත්වයක්, ප්‍රසිද්ධියක් කීර්තියක් තිබෙනවා නම් ඒ සියලු දෙනාගේ සතුට ගැන තමයි මා නිතරම කල්පනා කරන්නේ.


ඉතිං බුදුදහමේ කියන විදියට “සන්තුෂ්ටි පරමං ධනං” කියන ආකාරයට ඒ සතුට පරම ධනය විදියට මට ලැබී තිබෙනවා කියන එක තමයි මා ආපසු හැරිලා මගේ ජීවිතය දිහා බැලුවාම මට පේන්නේ. ජීවිතයේ හැල හැප්පීම් ඝට්ටනවලට ලක්වෙනවාට වඩා හොඳයි නේද ප්‍රශ්නවලට මුහුණ දෙමින්, ඒ ප්‍රශ්නවලට උත්තර සොයාගෙන ඉදිරියට ගමන් කරන එක. ලාබය විතරක් නොව අලාබයද අප අත්විඳිය යුතුයි නේද? මේ අත්විඳීම හරහා අපේ ශක්තිය, ධෛර්ය වඩාත් වැඩිකර ගන්නවා කියලා තමයි මට කියන්න තිබෙන්නේ. ජීවිතයේ කිසිම දෙයකින් මා වැටිලත් නෑ. වැටෙන්නෙත් නෑ. ඒ සියල්ල මට ඉදිරි ගමනට තව තවත් ශක්තිය සපයනවා.

 


● ඔබ ජීවිතයේ යම් ආකාරයට සතුටු වුවත් පොදුවේ සමස්ත කලා ක්ෂේත්‍රය ගැන සතුටුවෙන්න බැහැ නේද?
ඇත්ත ඒ පිළිබඳව සතුටෙන් කතාකරන්න බැරි බව. අපේ රටේ තිබෙන මාධ්‍ය මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් බැලුවාම නම් සංගීතය, ගීතය කියන කලා මාධ්‍යය විශාල පරිහානියකට ලක්වී ඇති බවයි පෙනෙන්නේ. ඒ ගැන ඇත්ත වශයෙන්ම දුක්වෙන්න ඕනෑ. දුක්වෙනවා කියලා අපි කරපු දේවල් ගැන පසුතැවෙන්න අවශ්‍ය නෑ. අපි කළ කී දෑ පිළිබඳව සතුටුයි. අපේ රටට උචිත නොවන අයුරින් විද්‍යුත් මාධ්‍ය වැඩිවීම මේ කලා ක්ෂේත්‍රයේ විනාශය ඉක්මන් උනා කියලයි මට හිතෙන්නේ. අපට මාධ්‍ය මධ්‍යස්ථාන හොඳටම වැඩියි. මේවා වැඩිවන්න වැඩිවන්න අපේ කලාව අවර ගණයට යන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒවා පිළිබඳව රටක බලධාරීන් ඇස්, කන් පියාගෙන සිටීම විශාල ඛේදවාචකයක්. පාලකයන් මේ පිළිබඳව අවධානය යොමුකර ඒවාට ප්‍රමිතියක් සැලසිය යුතුයි. නමුත් ඔවුන් ඒ ගැන නොබැලීම කනගාටුවක්. මේ විනාශ වෙන්නේ රටක හැදියාව, සංස්කෘතිය නේද?

 


● ඔබට එල්ලවෙන කටකතා මඩ ප්‍රහාර දෙස ඔබ බලන්නේ සානුකම්පිත හැඟීමකින්. කොහොමද මේ තරම් ඔබේ සිත රඳවාගන්නට සමත්වුණේ?
ඇත්තෙන්ම බෞද්ධයකු හැටියට මට එල්ලවන චෝදනා දෙස උපේක්ෂාව වඩවා ගන්න තරම් ශක්තියක් මට තිබෙනවා කියලා. අප ගන්න පියවරකට වෙනත් අය දැඩි විවේචන එල්ල කරන්න පුළුවන්. මගේ සංගීත දිවිය ගැන වෙන්න පුළුවන්, පෞද්ගලික ජීවිතය ගැන වෙන්න පුළුවන්. එවැනි චෝදනා එල්ල කරන්නේ කොහොම වුණත් ඒවා විඳ දරා ගැනීමේ ශක්තිය, උපේක්ෂාව උපදවා ගැනීමේ පුළුවන් හැකියාව මා හිතන්නේ දියුණු කරගෙන තියෙන බවයි. එහෙම ශක්තිය මට ලැබී තිබෙන්නේ මා උගතුන් ඇසුරු කරන කෙනෙක්. පොතපත පරිශීලනය කරන කෙනෙක්. ඒ වගේම මම දහම පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන බෞද්ධයෙක්. එතකොට අපට දැනෙන, විඳින කම්පනයට පත්වන දෙයක් ඇහුවත්, ඒවා ඉවසා දරාගන්න පුළුවන්. ඒ වගේම සතුට දනවන, ප්‍රීතිය දනවන දෙයක් ලැබුණත් මේ සියලු දේ අපට එක වගේ ගන්න පුළුවන් නම්, මා හිතන්නේ ඒ කලාකරුවා නිතරම දිනපු කෙනෙක් කියලයි. අධික දුකට හා අධික සැපයට එහිදී මා පත්වෙන්නේ නෑ. මේ කිසිම දෙයකින් මා කම්පාවට පත්වෙන්නේත් නෑ. එය මට තවත් අලුත් ශක්තියක් ලබාදෙන බවයි මා දකින්නේ.


මාව මේ රටේ මිනිසුන් හඳුනාගත්තේ සංගීතවේදියෙක් ගායකයෙක් විදිහටයි. මම ඔවුන්ට සැමවිටම සාධාරණය ඉටුකරලා තිබෙනවා. ඔවුන් සතුටට පත්කරලා තිබෙනවා. මගේ කටහඬින් මම හා රසිකයන් අතර තිබෙන සම්බන්ධයට කිසිවිටෙක අසාධාරණයක් කරලා නෑ. ඕනෑම කෙනකුට මාව විවේචනය කරන්න අයිතියක් තිබෙනවා. ඒ ඔවුන් හා මා අතර ඇති සංගීතය පිළිබඳ කාරණවලදී විතරයි කියා මා හිතන්නේ. මගේ පෞද්ගලික ජීවිතය හා දරුවන් ගැන කරන විවේචනවලට ඇත්තේ කනගාටුවක්. මේක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඉතිං ඕක අපි තේරුම් ගත යුතුයි. මා ඒවා පිළිබඳව උපේක්ෂාවෙන් තමයි බලන්නේ.

 


● ඉදිරියේදී ඔබගේ සංගීත ගමන් මග කොයි ආකාරයටද සැලසුම් කරගෙන තිබෙන්නේ?
ඇත්ත වශයෙන්ම මා නිතරම ප්‍රාර්ථනා කරන්නෙ මගේ දැනුමෙන් මගේ කුසලතාවයෙන් මගේ හැකියාවෙන් තවත් අයට ආලෝකයක් ලබාදෙන්න පුළුවන් නම් අන්න ඒකයි මගේ පරම චේතනාව හා පැතුම වෙන්නේ. එයින් මා විශාල සතුටක් ලබනවා. මා ගීතයක් හදලා, සංගීතය යොදා එය ගායනා කරනවාටත් වඩා තවත් කෙනකුට එය දානය කරලා, ඔහු හෝ ඇය ක්ෂේත්‍රයේ යම් ජනප්‍රියත්වයක් ලබනවා නම්, ඒ ලබන සතුට තරම් තවත් සතුටක් කොයින්ද? මගෙන් බලාපොරොත්තු වෙනවා නම් කිසියම් කෙනෙක් තනු නිර්මාණය කරගන්න, සංගීතවත් කරගන්න, ඒ සියලු දෙනාට නිතරම අතහිත දෙන්න සූදානම්.


ඒ වගේම මගේ ගායන කටයුතු පෙරටත් වඩා හොඳින් මා කරගෙන යනවා. ප්‍රසංග ගණනාවක් ඇවිත් තියෙනවා. මා හිතන්නේ යළිත් සුභාවිත ගීතයට රසිකයන්ගේ ඇල්ම, ආශාව දැන් වැඩිවී තිබෙනවා. ඉතිං මා ඔවුන්ට කියන්නේ මම ඔවුන් වෙනුවෙන් යළිත් වඩාත් ශක්තිමත් ගීත ගයන බවයි. 


ඔවුන්ගේ ආදරය, ලැබෙනවිට මා තව තවත් තාරුණ්‍යයට යන බවක් තමයි පෙනෙන්නේ. මා මුලින් කීවාක් මෙන් ජීවිතයේ බොහෝ ප්‍රශ්න එන්න එන්න එයින් මා තෘප්තිමත් වී තවත් අලුත් ශක්තියෙන් ඉදිරියට යන බවක් තමයි වැටහෙන්නේ.

කතාබහ : සමන්ත යහම්පත්



අදහස් (13)

පෙරටත් වඩා ජවයකින් ගීත ගයන්නේ යළිත් තාරුණ්‍යයට ගිහින්ද

nilmini Monday, 13 March 2017 08:54 AM

මෙයා එපාර ආගමත් වාසියට යොදා ගන්නවා

:       23       17

MP Wednesday, 15 March 2017 01:37 AM

බුදු බණට නිගා කරන්න එපා. බෞද්ධාගමට තව තව යොමුවුවකු කළ යුත්තේ, බාවනාවට යොමු වීමයි. අනිත්යය මෙනෙහි කිරීමයි. එසේම මාධයට අද කාලයේ රටේ තියෙන දෑවෙන ප්‍රශ්නය මේවාද?

:       0       2

shan saudi Wednesday, 15 March 2017 04:18 AM

අනේ මහත්යෝ රසිකයන්ට සාදාරණය කරන්න කලින් දරුවන්ට සාදාරණය කරලා ඉන්න.

:       18       4

Kumari Haththotuwa Wednesday, 15 March 2017 08:21 AM

බුදු දහම ගෙන ඔයතරම් විස්වාස කරන කෙනා ,තමන්ට වඩා වයසින් අඩු, ලාබාල කෙනෙක් විවාහ කර ගැනීම නුසුදුසු බවයි බුදුන්වහන්සේ දෙසනා කරලා තියෙන්නේ, තමුන්ගේ දරුවෝ විරුද්ද වෙන එක පුදුමයක්ද? අනේ සීයේ වෙච්චිදෙට මක්කරන්දද?

:       28       3

salitha Friday, 17 March 2017 08:29 AM

ආදරේට වයස පරතරය හෝ අන්කිසිවක් බලනොපායි. වයසට යනවිට තනියට ලග ඉන්න කෙනෙක් සිටිම ඉතා වැදගත්.

:       0       0

saman Friday, 17 March 2017 09:17 AM

ජොලි සීයා

:       0       0

janith Friday, 17 March 2017 01:33 PM

ගොඩක් අය වයසට යනකොට පුංචි දරුවෝ වගේ වෙනවා. කල්පනාව නැති වෙනවා. නීතියෙන් පොඩි ළමයි දෙමව්පියන් බාරයේ තියෙනවා වගේම වයසට යන දෙමාපියන්ද දරුවන් බාරයේ තැබිය යුතුයි. මොකද මේ අයත් පොඩි දරුවෝ වගේ නිසා. 99% ක් අවස්තාවලදී දරුවෝ වගේ සෙනෙහසින් කව්රුවත් දෙමව්පියෝ බලා ගන්නේ නැහැ. කව්රු හරි ලං වෙනවනම් ඒ වාසියකට. නීතිය අනුව දරුවෝ දෙමාපියන්ට නොසලකා හිටියොත් දරුවන්ට දඩුවම් කල හැකියි. එහෙනම් දෙමව්පියන් එක්තරා වයසකින් පස්සේ දරුවන් බාරයේ රැදවිය යුතුමයි. කව්රු හරි කෙනෙක් මේ වයසක අයව කසාද බදින්න කැමති නම් බැන්දට කමක් නැහැ. නමුත් දේපල මුදල් වල කිසිදු අයිතියක් ලබා නොදිය යුතුයි.

:       0       0

Thejaka Friday, 17 March 2017 01:34 PM

දැන් දෙමටගොඩ පැත්තේ එක්තරා තැනක පන්ති පැවැත්වෙනවා තරුණ කාන්තාවන්ට. මේකෙන් උගන්වන්නේ වයසක සල්ලි කාරයෝ යාලු කරගෙන කසාද බැදගෙන කෙටි කලකින් පොහොසත් වෙන විදිහ. දැනට මේ ස්ථානයේ කාන්තාවන් 12 දෙනෙකු පමණ අද්‍යාපනය ලබනවා. නමුත් මේක තුලින් මුළු සමාජයම අවුල් ජාලයක් වෙන එක නවත්වන්න බැහැ. ඒ නිසා මේ සදහා නව නීති ගෙන ආ යුතුමයි. එක්තරා වයසකින් පසුව කෙනෙක් විවාහ කරගෙන ඔහුගේ දේපල වලට අයිතිවාසිකම් කීමට ඇති හැකියාව නීතියෙන් අහුරාලිය යුතුයි ඒ වගේම දරුවොත් දෙමව්පියන්ට සැලකීම අනිවාර්ය කල යුතුයි.

:       0       0

rani Friday, 17 March 2017 06:00 PM

නාකි විසේ ගෙටත් උසේ. මොන පිස්සුවක් ද මේ? ලංකාවේ අපිට මේවා ගැලපෙන්නේ නැති වැඩ

:       0       0

saman Saturday, 18 March 2017 03:08 AM

නිතියෙන් හැම එකම හදන්න බැහැ. තමන්ගෙ දේපොල තමන් කැමති කෙනෙකුට දෙන්න පුළුවන් වියයුතුයි. හම්බකලේ තමන්නම් තමන් කැමති කෙනෙකුට දෙන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද?

:       0       0

vishaka pushpakumari Saturday, 18 March 2017 03:17 AM

කොළඔට නුදුරු පැත්තක ඉන්නවා උපාධිධාරි රජයේ රැකියාවක් කරන කාන්තාවක්. ඉන්නේ මව දුන්නු ඉඩමේ ලස්සනට ගෙයක් හදාගෙන. 80 පැනපු මවට නඩුදාලා පාර පලළ මදියි කියලා. අද තත්වය ඕකයි. දෙමව්පියන් මේ තත්වයට පත්වෙන්න මහාලොකු උගත් දරුවොත් බලපානවා. සේරම දෙවල් දෙමව්පියො ලවා කරවාගෙන, දේපොල ටිකත් ලියවාගෙන 80 පැන්නට පස්සෙ සලකන්න්න වෙනවට මොකක් හරි හේතුවක් හොයාගෙන තරහා වෙල තමන් අයින් වෙනවා. අන්තිම කාලෙ සැනසිමේ ඉන්න දෙන්නෙ නැහැ.

:       0       0

sopi Saturday, 18 March 2017 08:53 AM

වික්ටර් අසමසම ගායකයෙක් .

:       0       0

rocky Sunday, 19 March 2017 07:27 AM

මේ සාලිත උන්නැහේ බුදුහාමුදුරුවන්ටත් වැඩියෙන් දන්නා කෙනෙක් වගෙයි නේ!බුදුන්වහන්සේට අනුව නම්: "අතීතේ යොබ්බනෝ පොසෝ ආනෙන තිම්බරුත්තනින් තස්සා ඉස්සා න සුපති තන් පරාභවතෝ මුඛං!"

:       0       0

ඔබේ අදහස් එවන්න

ජයාරූප

මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 124 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 147 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 80 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 104 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 99 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


අනුරට ඉන්දියාවේ යන්න බැරිද ?
2024 පෙබරවාරි මස 10 103 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1410 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site