IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජංගම දුරකථන ගාස්තු නගියි ?

(දයාසීලි ලියනගේ සහ උපුල් වික්‍රමසිංහ)   
මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය යටතේ යෝජනා කළ දුරකථන කුළුණු සඳහා අය කරන බද්ධ මගින් ජංගම දුරකථන ගාස්තු වැඩිවනු ඇතැයි වාර්තාවේ. 

දුරකථන කුලුණු සඳහා මසකට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදලක් අය කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව එම සමාගම් අදාළ බදු මුදල පාරිභෝගිකයා මත පටවනු ඇතැයිද ඒ අනුව ගාස්තු වැඩි කිරීමට දුරකථන සමාගම්වලට සිදුවනු ඇතැයිද විශ්වාස කෙරේ. 


දුරකථන සමාගම් සතුව දුරකථන කුලුණු 11192ක් රටපුරා ඉදිකර තිබෙන අතර මෙම යෝජනාවට අනුව මේවා සඳහා මසකට රුපියල් දෙසිය විසිතුන් කෝටි අසූහතර ලක්ෂයක (2238,40,0000) මුදලක් ගෙවීමට සිදුවනු ඇත. 


ඒ අනුව වසරකට රුපියල් දෙදහස් අසූහය කෝටි අසූ ලක්ෂයක (26860,80,0000) බදු මුදලක් ගෙවීමට දුරකථන ආයතනවලට සිදුවෙයි. 


මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම බදු යෝජනාවට අනුව අනිවාර්යයෙන්ම ජංගම දුරකථන ගාස්තු විශාල වශයෙන් වැඩිවීමක් සිදුවන බවයි. 


පාඩු ලබමින් ආයතන පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් නොමැති නිසා රජයෙන් අයකරන බදු පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට ඔවුන්ට සිදුවන බවද ඔහු කීය. 


සැර මත්පැන් බදු වැඩි කිරීමට ගෙන ඇති තීරණයට අනුව මත්පැන් බෝතලයක මිල දළ වශයෙන් රුපියල් 300කින් වත් වැඩිවනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව රුපියල් 1300ක් වන බෝතලයක් 1600ක් වනු ඇතැයි විශ්වාස කෙරේ. ජාතිය ගලවා ගැනීමේ බද්ද, මත්පැන් නිෂ්පාදනයට ගත්තු මොලැසස් සඳහා වන බද්ද, සැර මත බදු අය කිරීමේ සූත්‍රය සඳහා වන බද්ද ආදිය එකතුවන විට මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින්වත් වැඩිවනු ඇතැයි අපේක්ෂිතය. 


බියර් බදු අඩු කිරීමට ගන්නා ලද තීරණයට අනුව සම්මත සැර සියයට 5ට අඩු බියර් කෑන් එකක මිල රුපියල් 350 සිට 300 දක්වා අඩුවීමට බොහෝදුරට ඉඩ ඇති බව විශ්වාස කෙරේ. සම්මත සැර සියයට 5ට වැඩි බියර් කෑන් එකක මිල රුපියල් 240 සිට 190 දක්වා අඩු වෙතැයි සඳහන්වේ. 


වාහන බදු 
වාහන සඳහා කාබන් බද්දක් හඳුන්වාදී ඇති අතර මෙම බද්ද දිනක පදනම යටතේ අය කිරීමට නියමිතය. 
යතුරු පැදි, මෝටර් රථ සහ මගී බස් රථ සඳහා අනුපිළිවෙලින් දිනකට ශත 17ක්, රුපියල් 1.78ක් 
සහ රුපියල් 2.74ක් වශයෙන් කාබන් බද්ද පැනවේ.


සුඛෝපභෝගී වාහන සඳහා අය කෙරෙන බද්ද රුපියල් ලක්ෂ 25කින් වැඩි කෙරේ. 
පරිප්පු, කරවල, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක් මත පනවා තිබූ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණය අනුව එම ද්‍රව්‍යවල මිල ගණන් ඉදිරි දින කීපයේදී අඩුවනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 


මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයෙහි සඳහන් ආහාර ද්‍රව්‍ය අතරින් වෙළෙඳ පොළේ දැනට රුපියල් 160 ක මුදලකට අලෙවි වෙන රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 12කින්ද, රුපියල් 800 ක මිලකට අලෙවි වන හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 10කින්ද රුපියල් 240ත් 260ත් අතර මිලකට අලෙවි වන ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 39කින්ද, රුපියල් 700ත් 800ත් අතර මුදලකට අලෙවි වන කරවල කිලෝවක මිල රුපියල් 50කින්ද, රුපියල් 200ත් 240ත් අතර මිලකට අලෙවි වෙන අර්තාපල් කිලෝව රුපියල් 39 කින්ද, රුපියල් 320ත් 340ත් අතර මිලකට අලෙවි වෙන පොල්තෙල් ලීටරයක මිල රුපියල් 15කින්ද අඩුවෙනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසයි. 


එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා ඉරිදා ලංකාදීපයට කීවේ මේ ආකාරයට අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩ කීපයක මිල අඩු කිරීමට පියවර ගැනීම යහපත් තත්ත්වයක් වුවත් එසේ මිල අඩු කළ ද්‍රව්‍යවලට පාලන මිලක් නියම කර වැඩි මිලට ඒවා අලෙවි කරන වෙළෙඳසැල් වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු නොකරන තුරු එය ප්‍රතිඵලදායක නොවන බවය. 

 

 



අදහස් (0)

ජංගම දුරකථන ගාස්තු නගියි ?

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 32 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 166 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 162 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 97 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 100 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site