(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ගෙන ඒමට සැලසුම් කර තිබූ මිල සුත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශය විසින් සකස් කරන ලද ඉන්ධන මිල සූත්‍රය ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එදින එය ඉදිරිපත් කර නොතිබිණි.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වෙනස්වීම් අනුව දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල මාස කීපයකට වරක් සංශෝධනය කිරීමට එමගින් යෝජනා කර තිබිණි.
ඒ අනුව ඉන්ධන මිල සූත්‍රයක් ගෙන එන බව මුදල් අමාත්‍යාංශයද ඉකුත්දා ප්‍රකාශ කර තිබිණි.
එසේ වුවද ඉන්ධන මිල සූත්‍රය ගෙන ඒම මේ වන විට තාවකාලිකව කල් දැමීමට තීරණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 38 ක පමණ අතිරේක පාඩුවක් ලබන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.
ඒ සඳහා වහාම විසඳුමක් ලබා දෙන්නැයිද ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර තිබිණි. කරුණු එසේ තිබියදී ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී අදහස් දැක්වූ ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබුණේ ඉන්ධන මිල දැන්ම වැඩි කිරීමේ සූදානමක් නැති බවය.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්ධන මිල සූත්‍රය නවතී