අතුරු වාර්තා දෙකක් ජනපතිට දීලා
(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් වාර්තාව ලබා දීම සඳහා තවත් සතියක පමණ කාලයක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
සම්පූර්ණ වාර්තාව බාර දීම කල්යන බැවින් පරීක්ෂණ කටයුතු පිළිබඳ අතුරු වාර්තා දෙකක් කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත මේ වන විට බාර දෙනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි පළමු අතුරු වාර්තාව ඉකුත් 30 වැනිදා ද දෙවැනි අතුරු වාර්තාව ඉකුත් 7 වැනිදා ද ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර ජනාධිපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අතුරු වාර්තා දෙකම නීතිපතිවරයා වෙත යවා ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කමිටුවේ සම්පූර්ණ වාර්තාව මේ සතිය තුළදී ජනාධිපතිවරයාට බාරදෙනු ඇත.
ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
කමිටුව, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ගෙන් ද මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
පාර්ලිමේන්තුවේදී ඉකුත් 24 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායකවරයාගේ අස්සන යෙදීම කල් යනු ඇතැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පරීක්ෂණ කමිටුව සතියක් කල් ඉල්ලයි