මේ සුහද සිනානගමින් පිළිසඳරක යෙදෙන්නේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාර්තෘ රෝහන විජේවීර මහතාගේ දියණිය ඊශා විජේවීර මහත්මිය වේ. එදා මෙම දියණියන්ගේ පියවරුන් දෙදෙනාද මෙලෙසම සුහදව සිනාසෙමින් අදහස් හුවමාරු කරගත හැකි වූයේනම් මෙරට දේශපාලනයේ ගමන්මග වෙනස්වීමට ඉඩ තිබිණි.


 මෙය පමා වූ සිහිනයක් වන්නේ එහෙයිනි. 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ලියූ ‘ජනාධිපති තාත්තා’ කෘතිය එළිදැක්වූ දා මෙම ඡායාරූපය ගැනුණි.

 

 

 

සේයාරුව : ගයාන් අමරසේකර
පරිගණක පිටු සැකසුම : ප්‍රසන්න ජානක