IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


​මේ අන්තවාදය පරාජය කළ යුතුමයි රට ගොඩගන්න බලවේගයක් හදනවා

සිරභාරයෙන් නිදහස් වූ ගලගොඩ අත්තේ හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්  

 

(දයාසීලි ලියනගේ සහ ජයන්ත සමරකෝන්)  

විනාශයට පත්ව තිබෙන මේ රට යළි ගොඩනැඟීම සඳහා ජාතික තලයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.  

ඥානසාර හිමියන්ට සමාව ලබාදෙන ලෙසට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් කරන ලද ඉල්ලීමට අනුව පසුගිය 24 වනදා උන්වහන්සේට පූර්ණ නිදහස ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබුණි.  


ඒ අනුව නිදහස ලැබූ උන්වහන්සේ ‘ඉරිදා ලංකාදීපය’ කළ විමසීමකදී මෙසේ ද කීහ.  


“මේ රටට සිදුවන විනාශයෙන් ගොඩගැනීමට ජාතික තලයේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා නායකත්වයක් අවශ්‍යයි.   


බොදු බල සේනා සංවිධානය මින් ඉදිරියට ඒ වගකීම ද ඉටු කරනු ලබනවා. පවතින තත්ත්වය ගැන පවතින්නේ බලවත් හිත් වේදනාවක්. ඉදිරියේ දී අපිට ඉතාම ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවී තිබෙනවා.  


මේ අන්තවාදය පරාජය නොකළොත් රට විනාශවීම ස්ථිරයි. ඒනිසා මේ අන්තවාදය පරාජය කළ යුතුමයි. එසේ නොකර රටක් වශයෙන් අපට ඉදිරියට යන්න බැහැ. සංවර්ධනයක්, දියුණුවක් ලබන්න බැහැ. මේ රටේ ජනතාව විවිධ අංශවලින් දුක් විඳලා තියෙනවා. ඒ ර​ට වෙනුවෙන්. ජීවිතය පූජා කරන්නත් අපට රටක් තිබිය යුතුයි. ඒ රට රැක ගත යුතුයි.  
අද (26) ශ්‍රී දළදා හාමුදුරුවන් වැඳ පුදා ගෙන මහ නායක හිමිවරුන් ද බැහැදැක අපේ ඉදිරි වැඩ කටයුතුවලට ආශිර්වාදය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා” උන්වහන්සේ කීහ. 

 

 



අදහස් (1)

​මේ අන්තවාදය පරාජය කළ යුතුමයි රට ගොඩගන්න බලවේගයක් හදනවා

S.lasantha ruwan kumara Wickramarathna Wednesday, 05 June 2019 01:47 AM

දැනට මේ දේශපාලනයේ ඉන්න අවස්තාවාදී , කුහකයින් කිසිවෙක් සම්බන්ද කර නොගෙන අවංක ගමනකට උපරිම සහය දෙනවා. මුස්ලිමුන් වගේ අපේ පන්සල් හරහා හෝ වෙනත් ආකාරයකින් සියලුම ජනතාවට සන්නිවේදනය කල හැකි ක්‍රමයක් හැදිය යුතුයි. මේ පරගැති පලනය වෙනස් කල යුතුමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 40 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 168 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 164 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 100 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site