(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා මේ වනවිට තීරණාත්මක මට්ටමකට පත්ව ඇතැයි වාර්තාවේ.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති කොන්දේසිය බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ශ්රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය කමිටුවක්ද පත් කර තිබිණි.
ශ්රීලනිපය, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළ අතර ඒකාබද්ධ විපක්ෂය මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක යන මහත්වරුන්ගේ සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් යුත් කමිටුවක් පත් කළේය. මෙම කමිටු දෙක ඉකුත් සති අන්තයේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී හමුවී පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇති අතර එහිදී දෙපාර්ශ්වයෙන්ම යෝජනා ඉදිරිපත්වූ බව වාර්තාවේ.
එක්ව තරග කිරීමේදී ඒ ඒ ආසනවල දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් ලැයිස්තු සකස් කිරීම, පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කිරීම සහ අවශ්‍ය නම් පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ධුරයට ඒකාබද්ධ විපක්ෂයෙන් අයකු පත් කිරීම ආදී යෝජනාද එහිදී ඉදිරිපත්වූ බව දැන ගන්නට ඇත.
මේ අතර එක්ව තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම අනිවාර්ය බවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් දැඩිව ඉල්ලා සිටි බවද වාර්තාවේ. අඩුම තරමින් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැති කිරීමට ශ්රීලනිපය පියවර ගත යුතු බවටද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් එම සාකච්ඡාවේදී ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් මේ මොහොතේ ශ්‍රීලනිපයට එක්වරම ආණ්ඩුවෙන් ඉවත්වීම ගැටලුවක් බව සාකච්ඡාවට එක්වූ ශ්‍රීලනිප නියෝජිතයින් පෙන්වා දී ඇතැයිද වාර්තාවේ. මෙම කමිටු දෙක ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදීද රැස්වී සාකච්ඡා පවත්වා ඇති අතර ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට වන කොන්දේසිය ඒකාබද්ධ විපක්ෂය එදිනද ඉදිරිපත් කර ඇති බව දැන ගන්නට තිබේ.
ඒ අනුව එදින සාකච්ඡාව පැය භාගයකට පමණ සීමා වූ බවත් ජනාධිපතිවරයා කොරියානු සංචාරය නිමවා පැමිණීමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කර දැනුම් දෙන බවත් ශ්‍රීලනිප නියෝජිතයින් එහිදී ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.
ජනාධිපතිවරයා කොරියානු සංචාරය නිමවා ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ දිවයිනට පැමිණි අතර දෙපාර්ශ්වයේ කමිටු දෙකේ තීරණාත්මක සාකච්ඡාවක් අද (03) දිනයේ පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පෙරේදා (01) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රීලනිප සාකච්ඡා වැට උඩ