(දයාසීලි ලියනගේ)
බඩු මිල හා අත්‍යවශ්‍ය සේවාවන්වල මිල ඉහළ යාමෙන් ජනතාව මුහුණ පා සිටින දැඩි අසීරුතාව පිළිබඳව රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාර, පාගමන්, සාකච්ඡා, සම්මන්ත්රණ පැවැත්වීමට දේශපාලන පක්ෂ හා දේශපාලන කණ්ඩායම් තීරණය කර ඇත.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය මගින් රජයේ වැඩපිළිවෙළට විරෝධය දක්වා ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට හා උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර ඇත. මාධ්‍ය සාකච්ඡා මගින් කරුණු ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බැවින් මේ රජය බලයෙන් ඉවත් කර සහන සලසන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ගම් මට්ටමින් ජනතාව දැනුවත් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. ‘ජන අරගලයක ඇරඹුම’ නමින් මෙම වැඩසටහන හැඳින්වේ.
ජනතා විමුක්ති පෙරමුණ මගින් ‘බදු බර අඩුකර, බඩු මිල අඩු කරනු’ යන තේමාවෙන් අනිද්දා (22) කොළඹ දී පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඉන්ධන සඳහා බදු අය කිරීමෙන් රජය ලාභ ලැබීමත් ජනතාව අසීරුතාවට පත් කිරීමක් සිදුවී ඇතැයි සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණ රජයේ වැඩපිළිවෙලට විරෝධය දක්වා රට පුරා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර ඇත.
මේ අතර 16 කණ්ඩායම මගින් ජනතාව වෙනුවෙන් කළ යුතු දේ හා කළ හැකි දේ යනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත.
පළමු රැස්වීම මේ මස 26 වැනිදා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බඩු මිල වැඩි වීමට එරෙහිව රටපුරා උද්ඝෝෂණ මාලාවක්