නව ඇමැති මණ්ඩලය ලබන සතියේ
(අජන්ත කුමාර අගලකඩ)
ලබන බදාදා (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් තේරී පත්වන අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනිදාට පෙර රැස්වනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
නව පාර්ලිමේන්තුව කැඳවන දිනය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන සතියේ දී නිකුත් කෙරෙනු ඇති බව ද එම ආරංචිමාර්ග කියයි.
මහ මැතිවරණයෙ ඡන්ද විමසීම ලබන බදාදා පැවැත්වෙන අතර ප්‍රතිඵල නිකුත් කිරීම ලබන 6 වැනිදාත්, මනාප නිකුත් කිරීම ලබන 7 වැනිදාත් සිදු කෙරේ.
ඒ අනුව තේරීපත්වන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන සති අන්තයේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මැතිවරණයේ ප්‍රතිඵල අනුව පිහිටුවන නව ආණ්‍ඩුවේ ඇමැති මණ්ඩලය ද ලබන සතියේ පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇත.
කෙසේ වෙතත් නව පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරෙනු ඇත.
අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ගැසට් නිවේදනය නිකුත් කෙරෙන දිනයේම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීම මීට පෙර සිදුකරනු ලැබුවද මෙවර කොවිඩ් 19 වයිරසයත් සමග ඇතිවූ තත්ත්වය හේතුවෙන් එය වෙනස් විය.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 20 වැනිදාට පෙර