IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා ඡන්දය දෙසැම්බරයේ

මැ:කෝ: තදින් හිටියි

(අජන්ත කුමාර අගලකඩ)   

නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන සැප්තැම්බර් මාසයේ නිලකාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.   


මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පළාත් පාලන හා පළාත් සභා අැමැතිවරයාට ලිපියක් මගින් මේ බව දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.   


පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයටම හෝ අලුතින් සම්මත කරන ලද කොට්ඨාස ක්‍රමයට හෝ යන ක්‍රම දෙකෙන් එක ක්‍රමයකට පැවැත්විය හැකි බවත්, එම ඕනෑම ක්‍රමයකට පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවත්, එම ලිපිය මගින් දන්වා ඇතැයි වාර්තා වේ.   

සබරගමුව - නැගෙනහිර හා උතුරු මැද යන පළාත් සභා තුනේ නිලකාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් වූ අතර, මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත් සභා තුනේ නිලකාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව ඇත.   


බස්නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකේ නිලකාලය ලබන අප්‍රේල් මාසයේද, ඌව පළාත් සභාවේ නිලකාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයේද අවසන් වීමට නියමිතය.   


මේ අතර. පළාත් සභා කීපයක ඡන්දය මේ වසරේ අගවනවිට පවත්න බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගිය ඉරිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා ශ්‍රීලනිප විධායක සභාවෙන් හා සමස්ත ලංකා කාරක සභාවෙන් ඉල්ලීමක් ද කර තිබිණි.  පළාත් පාලන මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීමෙන් ඇති වූ අවුල් සහගත තත්ත්වය නිසා, පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පවත්වන්නැයි දේශපාලන පක්ෂ ගණනාවක් රජයට යෝජනා කර ඇත. 

 



අදහස් (0)

පළාත් සභා ඡන්දය දෙසැම්බරයේ

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 40 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 168 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 164 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 100 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site