(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම දේශපාලන කරළිය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමත් සමඟ, ජනාධිපතිවරයා 2021 වන තෙක් ජනාධිපතිධුරය දරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සහ ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 දී අවසන් වන බව ප්‍රකාශ කිරීමත් නිසා මෙම අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබේ.
මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ සති අන්තයේදී ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිතව තිබිණි.
තමාට 2021 වසර දක්වා ජනාධිපතිධුරය දැරීමට බාධාවක් ඇත්දැයි යන්න දන්වන ලෙස ජනාධිපතිවරයා ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (14) දිනට පෙර දන්වන්නැයි ද ජනාධිපතිවරයා ඉල්ලා තිබිණි.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ද පත්කරනු ලැබූ අතර, එම විනිසුරු මඩුල්ල ගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීය.
මේ අතර, ජනාධිපති කාර්යාලය ද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් මත දෙකක් ඇතිව තිබෙන බැවින්, ඒ පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ බව ජනාධිපති කාර්යාලය සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබිණි.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පහට - හයට ආණ්ඩුවේ බෙදීමක්