IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පරීක්ෂණ කමිටුව සතියක් කල් ඉල්ලයි

අතුරු වාර්තා දෙකක් ජනපතිට දීලා 

(අජන්ත කුමාර අගලකඩ) 

ඉකුත් පාස්කු ඉරිද‌ා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් වාර්තාව ලබා දීම සඳහා තවත් සතියක පමණ කාලයක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 


සම්පූර්ණ වාර්තාව බාර දීම කල්යන බැවින් පරීක්ෂණ කටයුතු පිළිබඳ අතුරු වාර්තා දෙකක් කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත මේ වන විට බාර දෙනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


එහි පළමු අතුරු වාර්තාව ඉකුත් 30 වැනිද‌ා ද දෙවැනි අතුරු වාර්තාව ඉකුත් 7 වැනිද‌ා ද ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර ජනාධිපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අතුරු වාර්තා දෙකම නීතිපතිවරයා වෙත යවා ඇතැයි එම ආරංචි මාර්ග කියයි. 


ඒ අනුව කමිටුවේ සම්පූර්ණ වාර්තාව මේ සතිය තුළදී ජනාධිපතිවරයාට බාරදෙනු ඇත.

 

ඉකුත් අප්‍රේල් මස 21 වැනිද‌ා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. 


කමිටුව, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ගෙන් ද මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. 

 

 



අදහස් (0)

පරීක්ෂණ කමිටුව සතියක් කල් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 38 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 168 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 164 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 100 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site