IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දේශපාලන පෙරැළියකට රහස් කතාබහ

(දයාසීලි ලියනගේ)  
තම තමන්ගේ කණ්ඩායම්වල බලය වැඩිකර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් බා ගැනීමේ මෙහෙයුම් දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය මගින් අරඹනු ලැබ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  

ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනකු තම පිලට ගැනීමට ශ්‍රීලනිපය දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අතර ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් කිහිප දෙනකු ආණ්ඩුවෙන් ඉවත්කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මගින්ද මෙහෙයුමක් දියත් කර තිබේ.   


මේ අතර ශ්‍රීලනිප ඇමැතිවරු පිරිසක් ඉකුත් බදාදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කළහ. මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව වාඩිවීමට තීරණය කර ඇති අතර හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් සමඟ එක්වන ලෙසය. සාකච්ඡා තව දුරටත් පැවැත්වීමට මෙහිදී තීන්දුවී තිබේ.   


පවතින ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන කලකිරී සිටින ශ්‍රීලනිපයේ ඇමැති පිරිසකට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉවසා සිටින ලෙසටයි.   


මේ කාලය අතරතුර දේශපාලනික වශයෙන් වෙනස්කම් රාශියක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක් මේ දිනවල කලකිරීමට පත්වී සිටින මන්ත්‍රීවරුනට පෞද්ගලිකව කතා කරමින් තව ටික කලක් ඉවසා සිටින ලෙස ඉල්ලීම් කර ඇති බවද වාර්තාවේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ රටේ පැන නැගී ඇති ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට හැකිවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ඔස්සේ බවයි.  


එබැවින් පක්ෂයේ බහුතරයේ විශ්වාසය සන්ධාන රජයක් පිහිටුවීමට බවද ඒ මහතා වැඩිදුරටත් කීය.  

 



අදහස් (0)

දේශපාලන පෙරැළියකට රහස් කතාබහ

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 16 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 155 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 153 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 86 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 99 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site