IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපතිවරණයට කලින් පළාත් සභා එයි ?

(අජන්ත කුමාර අගලකඩ)  

නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණය, මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට පෙර පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්වීමට පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ ඇති බැවින් මෙවර පළාත් සභා මැතිවරණය ද පැරැණි ක්‍රමය යටතේම පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවැසේ.  

 

පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවේ දැනට සම්මත වී ඇති බැවින්, පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා අලුතින් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇති බවත් ඒ අනුව නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත්, රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.  


එහෙත් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාල සීමාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද ඔහු කීවේය.  


සබරගමුව, උතුරුමැද, නැගෙනහිර, වයඹ, මධ්‍යම සහ උතුරු යන පළාත් සභා හයේ නිල කාලය මේ වනවිට අවසන් වී ඇති අතර බස්නාහිර සහ දකුණු පළාත් සභාවල නිල කාලය ලබන අප්‍රේල් මාසයේද ඌව පළාත් සභාවේ නිල කාලය ලබන අගෝස්තු මාසයේද අවසන් වීමට නියමිතව ඇත.  


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මාසයේද පාර්ලිමේන්තු මහමැතිවරණය ලබන 2020 වසරේ අගෝස්තු මාසයේද පැවැත්වීමට නියමිතය.  
අවශ්‍ය නම් ජනාධිපතිවරයාට ලබන ජනවාරි මස 9 වැනිදායින් පසුව ජනාධිපතිවරණය කැඳවීමේ අවස්ථාව ඇති අතර, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් මහ මැතිවරණය කලින් කැඳවීමේ හැකියාවද පවතී.  

 



අදහස් (0)

ජනපතිවරණයට කලින් පළාත් සභා එයි ?

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 14 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 153 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 153 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 86 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්
2024 පෙබරවාරි මස 18 99 0

පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site