ඥාති සංග්‍රහය:
(අජන්ත කුමාර අගලකඩ)
ඇමැතිවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේදී ඔවුන්ට දොස් පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මින් ඇමැතිවරුන් දෙදෙනකුම ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ සිය අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල පවත්වාගෙන යන ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
එක්තරා ඇමැතිවරයකු සිය අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල මුල් පුටු දෙකටම ළඟම ඥාතීන් දෙදෙනකු පත් කිරීම හා තවත් ඇමැතිවරයකු සිය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන දෙකකම මුල් පුටුවලට ළඟම ඥාතියකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම දෝෂාරෝපණය එල්ල කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි. මෙම තනතුරුවල වෙනසක් කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇති බව ද පැවසේ.
මේ අතර ආණ්ඩුව දැඩි අපහසුතාවට පත්වන ආකාරයෙන් ඇතැම් ප්‍රකාශ කළ ඇමැතිවරයකුටද ජනාධිපතිවරයා දොස් පවරා ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනකුම බස්නාහිර පළාත නියෝජනය කරන අතර අනෙක් ඇමැතිවරයා ඌව පළාත නියෝජනය කරන ඇමැතිවරයකු බව පැවසේ.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමැති තුනකට ජනපතිගෙන් දොස්