IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රතුපස්වල කඳුළු විකුණූ අය තඹුත්තේගමදී කළ ප්‍රහාරය නින්දිතයි - මුසම්මිල්

නිමල කොඩිතුවක්කු

රතුපස්වල ජනතාවගේ කදුලූ විකුණා  බලයට පත්වුනු වත්මන්  ආණ්ඩුව තමන්ගේ  වතුර ටික ආරක්ෂා කරගැනීමට පාරට බැස්ස තඹුත්තේගම ජනතාවට සිහි නැති වෙනතුරු  පහර දුන් බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.
 
ජනතාවගේ ගැටලූ සඳහා වත්මන් ජාතික ආණ්ඩුවට ඇති එකම අවිය මර්දනය පමණක් බවත් අහිංසක ජනතාවට එල්ල කළ එම නින්දිත ප‍්‍රහාරය හෙලා දකින බවත්  ඔහු කියා සිටියේය.
 
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද කීය.
 
       ‘‘ රාජාංගනය වැව පානීය ජල ව්‍යාපෘතියකට පැවරීමට එරෙහිව විහාල විරෝධතාවයක් ඇතිවුනා. තඹුත්තේගම ප‍්‍රදේශයේ සංවිධානය  කළ මෙම විරෝධතාවයට පොලිසිය ඉතාම අමානුශික  ලෙස පහරදිමක් සිදුකලා. මේ වැව විදේශිකයන්ට ලබාදීම එරෙහිව තමන්ගේ ජල අයිතිය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් සටන් කළ ඒ  රජරට ජනතාවට අපගේ ප‍්‍රණාමය අපි පුදකරනවා.
 
මේ  යමපාලන ආණ්ඩුව අද ඒ  මිනිස්සුන්ව සිරකරලා තියෙනවා. මේ ජනතාව  එම  ඓතිහාසික සටන ක‍්‍රියාත්මක කළේ මේ රටේ  අනාගත පරපුර වෙනුවෙන් වසර 2500ක උරුමය වෙනුවෙන්. ඒ වෙනුවෙන්  තමයි මේ අයට අද සිරබත් කන්න වෙලා තියෙන්නේ.  මේ යමපාලන ආණ්ඩුව මේ ඇතුලට දැම්මේ  මේ රටේ පෞරාණික උරුමය ආරක්ෂා  කිරිම වෙනුවෙන් සටන් කරපු පිරිසක් කියන එක ඉතාම පැහැදිලියි.
 
මේ නින්දිත ප‍්‍රහාරය  අපි හෙලා දකිනවා. පොලිසිය පමණක් නෙමෙයි මැරයින්  යොදාගෙන තමයි මේ ප‍්‍රහාරය එල්ල කළේ. ඒ දර්ශන වල ඉතා පැහැදිලිව පොලූ අතින් ගත්ත මැරයො ඉන්නවා. ඔවුන් පොලීසියත්  එක්ක හවුලේ මේ ජනතාවට පහරදෙනවා.
 
මේක තමයි අගමැතිතුමා නීතිය හා සාමය අතට අරගෙන වැඩ පටන් ගත්ත පලවෙනි දවස  පනස් ගණනක් හිරේ දාලා, වයසක මිනිස්සුන්ගේ, කාන්තාවන්ගේ ඔලූ පලලා, සිහිනැති වෙනකම් පහරදීලා තමයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආන්ඩුව නීතිය හා සාමය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළේ.
 
රතුපස්සල සිද්දිය ගැන ජනතා විමුක්ති පෙරමුණ ඉහලින්ම කතා කළා. දැන් ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ගම තඹුත්තේගමයි. වෙනසකට මුල පුරපු ආණ්ඩුව තමන්ගේම  ගමේ ගොවියන්ට, තමන්ගේ  හිතවතුන්ට පහරදිලා තියෙනවා. යනුවෙන්ද ඔහු පැවසීය.‘‘



අදහස් (10)

රතුපස්වල කඳුළු විකුණූ අය තඹුත්තේගමදී කළ ප්‍රහාරය නින්දිතයි - මුසම්මිල්

Mahinda Thursday, 01 March 2018 12:27 PM

රතුපස්වල වැඩේට ජනතාව කැමතියි. එ්කනේ එක්කෙනා දෙතුන්පාරක් එකම තැනට ගිහින් මඩේ එරෙන්නේ...

:       0       0

Aith Nissanka Thursday, 01 March 2018 04:30 PM

තඹුත්තේගමදී කළ ප්‍රහාරය නින්දිතයි ! එතකොට රතුපස්වල ප්‍රහාරය නින්දිත නැද්ද! අති උත්කෘෂ්ටද?

:       1       228

nishan Thursday, 01 March 2018 10:09 PM

තමුන්නාන්සේලා තමයි ජනතාව කුලප්පු කලේ. ආණ්ඩුවේ පානීය ජාල ව්‍යාපෘතිය ගැන බොරු ප්‍රචාර ඇරලා ජනතාව රැවට්ටුවා. රතුපස්වල උනේ එහෙම දෙයක්ද? එතන කිසිම දේශපාලනයක් තිබුනේ නෑ. එතන ෆැක්ටරියක අපද්‍රව්‍ය වතුරට මිශ්‍ර වෙනවා කියලයි විරෝධය තිබුනේ. තමුන්නාන්සේලා එතැනදී ගත්තේ කාගේ පැත්තද? එදා වෙඩි කාපු ජනතාව වෙනුවෙන් තමුන්නාන්සේලා මොනවද කලේ ?

:       120       314

V.warnakulasuriya Thursday, 01 March 2018 10:56 PM

ජනතා උද්ඝෝෂණයකදී කරන ප්‍රහාරයක් නින්දිතය. එහෙත් තමන්ගේ කාලයේදී නින්දිත ප්‍රහාර අමතක කර සුදනන් වශයෙන් කතා කිරීමද නින්දිතය. මේකත් හිටපු හොරු අලුත් හොරුන්ට හොරු කියනවා වගේ කතාවකි. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් මෙතරම් නින්දිත තත්ත්වයකට පත්වීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. අද දේශපාලනය විකට නළුවන්ගේ රඟපෑම් බලනවාට සමානය. මුසම්මිල් මහතා සහ ඔහුගේ නායකතුමාත් එහි කැපී පෙනෙන නළු චරිතයන්ය.

:       1       208

Dilruk Friday, 02 March 2018 12:25 AM

කෝ මේ අනුර.? රතුපස්වල සිද්ධිය සෝද සෝද මඩේ දාපු රතු කොළ මල්ලිලා දැන් නිස්සබ්ධ ඇයි .

:       505       263

ajith Friday, 02 March 2018 02:46 AM

එතකොට මුසම්මිල්ට පේන්නේ ගහපු එකේ වැරැද්ද. ඔය දෙකම වැරදියි. මිනිස්සුත් ඕනේ එකටයි එපා එකටයි පාරට බහින එකත් වැරදියි..

:       23       280

අමල් Friday, 02 March 2018 04:40 AM

රතුපස්වල මිනිස්සු ඉල්ලුවේ පිරිසිදු පානීය ජලය. තඹුත්තේගම මිනිස්සුන්ට පිරිසිදු පානීය ජලය එපා නම් ඔයා ව්‍යාපෘතිය කුරුණෑගල වගේ නියගයෙන් පිඩා විදින තැනකට දෙන්න. වැව් වලින් කොපමණ පානීය ජල ව්‍යාපෘති කරනවද? කන්තලේ වැවෙන් වතුර ත්‍රිකුණාමලයට ගෙනියනවා. එතකොට ඒ මිනිස්සුත් විරුද්ද වෙන්න එපෑය. කුහක වෙන්න එපා මිනිස්සුනේ. අනික දේශපාලන අතකොලු වෙන්න එපා.

:       93       514

Sunil Friday, 02 March 2018 05:26 AM

එතකොට රතුපස්වල කඳුළු තියෙන්නේ කොහොමද මහත්තයෝ? රතුපස්වලත් කඳුළු තිබුනා කියල පිලිගන්නවා එහෙනම්? කට බොරු කිව්වත් දිව බොරු කියානේ නැහැ කියන්නේ ඕකනේ? කියන වචන තෝරලා බේරලා ගන්න ඕනි කියන්නේ ඔය නිසා තමා!

:       1       96

Amara Friday, 02 March 2018 06:40 AM

රතුපස්වල කඳුළු ගත්ත ඔබත් වැරදියි

:       2       23

Amarapaala Friday, 02 March 2018 10:32 AM

මුසම්මිල් මහත්තයෝ, එතකොට අම්පාර ප්‍රශ්නයේදී පොලිසිය නැට්ට පස්සේ ගහගෙන හිටපු එකට ඔබතුමා මොනවත් කියන්නේ නැද්ද? අපිට වෙන්න ඕනෑ විදිහට එතන වැඩ සිදුවුණා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන අර්බුදය 2018

ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි
2018 මාර්තු මස 21 5301 6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.


එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක
2018 මාර්තු මස 14 2822 15

පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක


ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
2018 මාර්තු මස 08 5053 19

රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැ


ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල
2018 මාර්තු මස 07 3258 38

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම


රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
2018 මාර්තු මස 06 7527 1

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.


’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර
2018 මාර්තු මස 06 5014 39

මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site