සෙනරත් බණ්ඩාර
පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 925 ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොවීම හේතුවෙන් මැතිවරණ රජාකාරී සඳහා පැමිණි නිලධාරීන් දැඩි දුෂ්කරතාවට පත්වූහ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ඉහළ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් අලුතින් විවෘත කර තිබියදී මහනුවර සිට කිලෝ මීටර 10 ක් පමණ දුරින් පිහිටි ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලීය පරිශ්‍රය ඡන්ද පෙට්ටි නිකුත් කිරීමට මහනුවර මැතිවරණ බලධාරීන් පියවර ගෙන තිබිණි.
හසලක,උඩුදුම්බර,ගලගෙදර,නාවලිපිටිය,දොළොස්භාගේ,උඩගල්දෙබොක්ක ආදී දුෂ්කර ප්‍රදේශ ගණනාවකට ගෙන ආයුතු ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පැය ගණන් ප්‍රමාද වීම නිසා ඒවා අවසානයේ නිකුත් කිරීමට සිදුවූයේ මැතිවරණ රජකාරී සඳහා පැමිණි නිලධාරීන්ගේ හූහඬ මධ්‍යයයේය.
පැය තුනක පමණ ප්‍රමාදයකින් පසු ලැබුණු නිල ඡන්ද පෙට්ටි එම මධ්‍යස්ථානයේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි බස් රථ ගාල වෙත ගෙන යෑමට ඒවා බාරව ගිය නිලධාරීන්ට සිදුවූයේ එම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික වාහන වල පටවාගෙනය.
මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන්ට රාජකාරී පැවරීම සඳහාද නිසි ක්‍රමවේදයක් නොවූ අතර මේ නිසා නිලධාරීන් 400 දෙනකුට පමණ ආපසු නිවෙස් බලා හැරී යාමට සිදු වුනු අතර ඔවුන්ගේ සහයට ඡන්ද පෙට්ටි රැගෙන යාමට පැමිණි සහයකයින් ද උදෑසන සිට දහවල් වන තුරු අහාරයක්වත් නොමැතිව හිස් අතින්ම යෑමට සිදුවූ බව එම නිලධාරින් ප්‍රකාශ කර සිටින ලදී .
ඡායාරූප - චමිල් රූපසිංහ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.
පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක
රට තුළ ඇතිකළ ප්රජාතන්ත්රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප්රජාතන්ත්රවාදය වැ
ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහනුවර ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ ප්‍රමාදයක්
kalpa Saturday, 10 February 2018 01:07 AM
මෙහෙම වුණාම ඉතාම කරදරයට මෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති.. ඔහු උදේම පෙට්ටි ගන්න එන්නේ සමහරවිට බඩගින්නේ... පෙට්ටි ගත්තට පස්සේ මධ්‍යස්ථානයට ගියවෙලාවේ සිට ඉවරයක් නොමැති වැඩ... බොහෝවේලාවට රාත්‍රියට නින්දක් නැහැ. ඡන්දෙ දවසෙත් විවේකයක් නැහැ. ඒ මදිවට අපේක්ෂකයන්ගෙනුත්, සහචරයින්ගෙනුත් වන හිරිහැර ඡන්ද පෙට්ටි ආපසු ගෙනාවම බාර ගැනීමේදී වන හිරිහැර බොහෝ වෙලාවට ගණන් කරන්නත් තිබුණොත්, පසුදාත් නොමැරී වැඩ කරන්න වෙනවා. මැතිවරණයකදී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති තරම් දුක්විඳින කිසිකෙනෙක් නැහැ. නමුත් ලැබෙන දීමනාව අනෙක් නිලධාරීන් සමග සසඳන විට ඉතාම පහත්... මේ නිසා ඉහත තත්වය ඇතිකළ නිලධාරීන්ට දඬුවම් කලයුතුයි.
සුසිල් කරුනාතිලක Saturday, 10 February 2018 02:12 PM
මහනුවර මැතිවරණ කාර්යාලයේ උඬඟු තීරණ වල ප්‍රතිඵලයක්...