රටේ ඇතිවී ඇතැයි කියන අස්ථාවර භාවය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අස පස්වරු 6.23ට පමණ අවසන් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ජගධීර මහතා අවසන් වරට විවාදය එක්වූයේය.
ඔහුගේ කතාවෙන් පසු පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තබන බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
රටේ ඇතිවී ඇතැයි කියන අස්ථාවර භාවය ගැන විවාදයක් අවශ්‍ය යයි අද උදේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව පාර්ලිමේන්තුව මිනිත්තු 15කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී තීරණය වූයේ අද සවස 4ට එම විවාදය ආරම්භ කිරීමටයි.
අද පස්වරු 4.00 ට විවාදය ආරම්භ කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාවක් ඉදිරිපත් කළ අතර විමල් වීරවංශ මහතා එය ස්ථිර කළේය. ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ම විවාදයට එක්වෙමින් අදහස් දැක්වූහ.
විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර වංචා දූෂණ සම්බන්ධයෙන් දෙදෙනාම චෝදනා එල්ල කර ගත්හ.
විවාදයේදී මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් පහත සම්බන්ධතාවලින්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.
පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක
රට තුළ ඇතිකළ ප්රජාතන්ත්රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප්රජාතන්ත්රවාදය වැ
ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තු විවාදය අවසන්
අමල් Monday, 19 February 2018 01:45 PM
ඔබ තමුන්නාසේලා සියලු දෙනාම ගෙදර යා යුතුයි. මහින්ද මහතාගෙන් ගොඩ ගියා ඇරෙන්න කරපු කිසිම දෙයක් නොමැත.
Jagath Leanage Tuesday, 20 February 2018 12:37 AM
අන්තිමට, "නටපු නැටුමකුත් නැහැ බෙරේ පාළුවකුත් නැහැ".
asadTuesday, 20 February 2018 04:28 AM
රටේ යුද්ධය ඉවර කල පමණින් රටක් ගොඩ යන්නේ නෑ.
sirimal Monday, 19 February 2018 02:06 PM
ආණ්ඩුව පෙරලා රාජ්‍ය බලය ලබාදෙන්න කියල නේද විවාදයක් ඉල්ලුවේ? කෝ එතකොට බලයට පත් කරන්න හිටිය මන්ත්‍රීතුමා මේ වතාවෙත් " ඇබ්සන්ට්" නේ. විවාදය පටන්ගත්ත කෙනාත් වැඩේ ඉවරවෙන්න කලින් සේරම දමල ගහල පුපුරා පුපුරා එළියට ගියා කියලයි කියන්නේ. දැන් ඉතින් වොයිස් කට් දෙයි බ්‍රේකින් නිවුස් දායි ඇති වෙනකන්.
Saman Monday, 19 February 2018 02:57 PM
පොහොට්ටු ලොක්කා අදත් නැද්ද? චන්දෙ දීපු අයට 'සුභ අනාගතයක් '
Saman Monday, 19 February 2018 02:59 PM
පොහොට්ටු ලොක්කා තවම රගර් බලනවා. ඒකයි ආවේ නැත්තේ...
Bamunuarachchi Monday, 19 February 2018 04:03 PM
හැම තැනදිම ලොක්කා ඉන්නේ නැහැ ඒ වුනාට වැඩේ යනවා. අන්න ඒකයි නියම පරිපාලනය.
Chandra Monday, 19 February 2018 05:50 PM
මොනවා හරි කරලා පසුගිය නඩු ටිකෙන් අපිව බේරුනොත් ඇති. රටට මොනා වුනත් මොකෝ.