IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ප්ලාස්ටික් සැත්කම් අවශ්‍ය නෑ අවශ්‍ය ජාන සැත්කමක් - පාඨලී

ඩයනා උදයංගනී
         
ආණ්ඩුවේ වෙනස්කිරීම් කරනවා කියා කොණ්ඩා මෝස්තරය වෙනස් කර, මේක්අප් දමා හෝ ප්ලාස්ටික් සැත්කමක් කර පළක් නැති බවත්, දැන්ම ජාන සැත්කමක් කළ යුතු බවත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

         
ජාන සැත්කමකින් තොරව එක්සත් ජාතික පක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සන්ධානයට ඉදිරියට යා නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
         
ආණ්ඩුවේ සැබෑ වෙනසක් සිදුවිය යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මාස 18ක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙන බව ද කියා සිටියේය.
         
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ නිදහස් චතුරස‍්‍ර ආකේඞ් පරිශ‍්‍රයේදී පැවති චීන සම්ප‍්‍රදායික අලූත් අවුරුදු සැමරුම් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
         
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
         
‘‘අද රටට වැදගත් දේශපාලන න්‍යාය පත‍්‍රයක් අත්‍යාවශ්‍ය වී තිබෙනවා. අපි වෙනස් කිරීම් කරනවා කියා කොණ්ඩ මෝස්තරය මාරු කර හෝ පවුඩර් දමා හරියන්නේ නැහැ. මේකප්, ප්ලාස්ටික් සර්ජරි කර හරියන්නේත් නැහැ. දැන්  ඕනෑ ජාන සැත්කමක්. ජාන සැත්කමකින් තොරව මේ ජාතික සන්ධානයට ඉදිරියට යන්න බැහැ. අපි ඒ දේ කරනවා.
          
රජයේ වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මාස 18ක ජාතික වැඩපිළිවෙලක් එජාප හා ශ්‍රීලනිප ප‍්‍රගතිශීලී ඉදිරි ගමන දකින ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් සමඟ එක්වී අපි ඉදිරියේදී ගෙන එනවා. අපි ඉදිරි ජනාධිපතිවරණයත් විජයග‍්‍රහණය කර රට ඉදිරියට ගෙනියන්න වැඩකටයුතු කරනවා. පවුල්වාදී, බලකාමී, නූගත් බලවේගවලට නැවත මේ රටේ බලය ලබාගන්න අපි ඉඩදෙන්නේ නැහැ.’’
යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (23)

ප්ලාස්ටික් සැත්කම් අවශ්‍ය නෑ අවශ්‍ය ජාන සැත්කමක් - පාඨලී

gunarathna Friday, 02 March 2018 01:54 PM

ඔබතුමා ගැලපෙන්නේ ඔය එජාපෙ එක නෙමෙයි. ඔබතුමා ඉන්නට ඕනේ මහින්දත් එක්කයි. ඔබතුමාගේ දැනුම අවශ්‍ය මහින්දටයි. රනිල් වැඩ කරන්නේ රෝයල් කට්ටියට ඕනේ විදියට... ඔබතුමා රට හදන්නට ගෝඨාත් එක්ක එකතු වෙලා වැඩ කරන්නට. ගෝඨා දන්නවා ඔබතුමා කවුද කියලා...

:       1546       1270

nardaFriday, 02 March 2018 05:32 PM

හරියට හරි

:       101       81

pjSaturday, 03 March 2018 04:34 AM

ගැලපීම කෙසේවෙතත් කිසිම මුල්‍ය පාලනයක් නොමැතිව රජයේ මුදල් තමන්ගේ සාක්කුවෙන් ගන්නවා වගේ වියදම කළ අයත් සමග සිටිය නොයුතු නිසයි පවුල් සමාගමෙන් එදා වෙන් වූයේ...

:       479       458

athulaSaturday, 03 March 2018 09:04 AM

ඕක දැන් අවු 3 ක් කියකියා දිව්වා. තාමත් කියනවා... හොරු අහනවා කෝ හොරු ඇල්ලුවද කියලා? එදා 2015 ජනවාරි 9 දා මට වැටහුණා මේ කවුරුවත් කියපු එකක්වත් කරන්නේ නැහැ කියලා. කරන්න වුවමනාවක් කොහෙත්ම නැහැ. ඒ කාලේ හිටපු හොරු ඒ අයගේ පවුල් ඒ අයගේ අපරාධ සියල්ල විකුණා ආරක්ෂා කිරීම සහ ඊට සමගාමීව හොරකම් කරන්න පටන් ගත්තා. එ්ක අද ගත්ත ණයට පොලිය ගෙවන්නත් මදි... මුළු අවුරුද්දේම අදායම, කොහොමද කාලා තියෙන හැටි? ඔය රොටිය කොහොම දෙපැත්ත දැමුවත් වෙන්නේ එකම සෙතේ... ඔය කියන කොයි එක කළෙත් රට විකුණා උකස් කර ඒ අයගේ මඩිය තර කර ගත්ත එකයි...

:       103       107

roshanSaturday, 03 March 2018 02:29 PM

මෙයා කොහේටවත් හරි යන්නේ නෑ. කතා කරන්න විතරයි පුළුවන්. කරන වැඩක් නෑ.

:       63       120

sam Friday, 02 March 2018 04:47 PM

බල්ටියක් ගහන්න වගේ සෙට් වෙන්නේ !

:       0       12

Cisco Friday, 02 March 2018 05:36 PM

ඔබතුමා ඊළඟ ඡන්දෙ දිනනනවා කිව්වට මේ ඡන්දෙදි ඔබතුමාගේ කට්ටිය පස්දෙනයිනේ තේරුනේ හැට පහකින්.

:       0       32

sam Friday, 02 March 2018 10:39 PM

මෘත දේහයක් ජාන සැත්කම්වලින් ගොඩ දාන්න පුළුවන් වෙච්ච දවසකදී ඔබතුමාගේ කියමන සනාථවේවි !!!

:       81       206

LapayaMonday, 05 March 2018 11:47 AM

මතකද ඔහොම කරලා එනකොට රාජගිරියෙදි හැප්පුණා.

:       0       20

චන්දා Friday, 02 March 2018 11:23 PM

මෙයාට තියෙන්නේ අධිමානයේ ගැටළුවක්... එ්කයි, එකට ඉඳලා මහින්දට වැඩේ දුන්නේ..

:       432       514

Gota Saturday, 03 March 2018 12:57 AM

ඔබට ඕනෑ මොල බද්ධයක්..

:       601       669

[email protected]Saturday, 03 March 2018 12:05 PM

ඒකටනම් ඇඬුණා හලෝ...

:       107       137

janahitha Saturday, 03 March 2018 05:36 AM

මේ මොනවද කථා කරන්නේ? ජනතා පෙරහැරේ මිනින්දෝරුවා එවලා කිව්වේ පෙරහැර එන බව අමතක කරන්න එපා කියලයි. තවත් අවුරුදු පහක් රට කන්න දෙන්න කොහෙත්ම ලාංකික බුද්ධිමත් ජනතාව සුදානම් නැති බව දැනගෙන හිටියොත් යහපති...

:       608       675

aseMonday, 05 March 2018 06:57 AM

"ලාංකික බුද්ධිමත් ජනතාව" ඔය කියන්නේ අපි ගැනද? දැන ගන්නයි ඇහුවේ? අනේ කියන්නකෝ ඔය කියන ඈයෝ කොහෙද ඉන්නේ?

:       125       0

appuhamy Saturday, 03 March 2018 06:22 AM

ගුණරත්න මයා, ඔයා මේ මොනවාද කතා කරන්නේ? පුළුවන්නම් කියන්නකෝ මෙයා ට බාර දීපු වැඩ වලින් 100% ක්ම සම්පූර්ණ කරපු එක වැඩක්. පන්නිපිටියේ පන්සලේ රැස්වීම් වලට ඇවිල්ලා පුටුවේ වාඩිවුණු මෙයා දැන් වාඩි වෙන්නෙම තරු හෝටල් පුටුවල විතරයි අපිත් මේ දේශපාලකයාට රැවටුණා. ගෞරවනීය සෝම හාමුදුරුවෝ අපවත් වුනා නෙවෙයි, ඝාතනය කළා... අහිංසක සිංහල බෞද්ධ දායකයෝ රැවැට්ටුවා. එවකට රුසියාවේ හිටපු තානාපති මේ අපවත් වීම ගැන අපේ විදේශ අමාත්‍යාංශයට එවපු වාර්තාව සොයාගෙන කියවන්න බලන්න. මේ ලිපිය වික්ටර් අයිවන්ගේ පොතකත් පල වෙලා තිබුණා කියලා මගේ මිතුරෙකුත් කියලා තිබුණා. මේ දේශපාලන චෞරයන්ගේ භාවිතාව සුපිරියි නේද? මෙයාගේ අනිත් දේශපාලන මල්ලි තමයි අර ව්‍යාපෘති චෞරයා. දෙන්නම දැන් සුඛෝපභෝගී පාලන තුරුල්ලේ තමයි විහරණය... ඔයාට සතුටුයිද දැන්?

:       425       632

gunarathnaSaturday, 03 March 2018 08:27 AM

අප්පුහාමි මහත්මයාට මම ගරු කරනවා. මොකද කමෙන්ට්ස්වලින් මිනිස්සුන්ට කරන අපහාස වැඩිවෙලා තියෙන්නේ. ඔබතුමා වැදගත් විදියට කමේන්ට්ස් කරන කෙනෙක්. පාඨලී චම්පික කියන්නේ හොඳ, උගත් පුද්ගලයෙක්. එතුමාගෙන් වැඩ ගන්නට මේ ආණ්ඩුව දන්නේ නැහැ. දක්ෂයින්ගෙන් වැඩ ගන්නට ගෝඨා හරිම දක්ෂයෙක්. ඒක නිසා තමයි මම කිව්වේ ගෝඨා එක්ක එකතු වුනොත් රට හදන්ට පුළුවන් කියලා...

:       240       89

ranil Saturday, 03 March 2018 06:55 AM

එ්ක කරන්න ඕනේ මෙයාට තමයි.

:       62       191

de silva Saturday, 03 March 2018 08:26 AM

ඔබතුමාලට 2020 දී ගොඩ යන්න ඕනේ නම් ඔය එක එක බහුභූත නොවේ 2015 ඡන්දෙට කලින් ඔබතුමාලා එකතුවෙලා නිකුත් කරපු මෛත්‍රි පාලනය නමැති පොත් පිංච කියවලා බලලා එහි තිබෙන ඔබතුමාලා ජනතාවට දුන් පොරොන්දු කඩිනමින් ඉටු කරන්න.

:       130       481

බන්ඩා Saturday, 03 March 2018 02:24 PM

චම්පක වැඩ කාරයෙක් නෙවෙයි.. කවදාවත් වැඩක් නොකල හිස උදුම්වා ගත්ත කෙනෙක්.. මිල්ලෑවේ වත්ත කියලා අගේට කරගෙන අාව රජයට අයිති නමුත් පුද්ගලික කොම්පැනියකින් පාලනය කල අක්කර 300 ක පමණ වත්තක් හොරණ/පාදුක්ක කිට්ටුව තියෙනවා. 2016 වසරේදී මහාපරිමාණ කර්මාන්ත කලාපයක් හදන්න කියලා ඔය වත්ත පවරා ගත්තා. පළාතේම ඉඩම් මැන්නා. අගේට කරගෙන ගිය වත්තේ වැඩ නැවැත්තුවා. 300ක් පමණ කම්කරුවන්ට වසරක් පමණ වැඩ නැතුව නිකන් පඩි ගෙව්වා. අද වත්තකුත් නැහැ හැදෙන කර්මාන්ත පුරයකුත් නැහැ. අද මුළු වත්තම අමු කැලෑවක් වෙලා... කුඩු කාරයෝයි, කසිප්පු කාරයෝයි තැන තැන අරක් අරගෙන. චම්පිකගේ ගෝල බාලයෝ ටික දෙනෙක් හොරෙන් කිරි කපලා විකුණලා ගාන මරා ගන්නවා. ඔන්න කෙරුවාව...

:       0       117

de silva Sunday, 04 March 2018 08:29 AM

ඔබතුමාලගේ පොදු අපේක්ෂකයාට හොරු අල්ලන කතා, කඩු සරඹ ඔක්කොම සිහිවෙන්නේ ඡන්ද වලට කලින්, ඡන්දෙන් පස්සේ හොරුත් එක්ක එකට ආණ්ඩු හදනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු හොරු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන එනවා. පුංචි ඡන්දෙන් පස්සේ හොරුන්ට දඬුවම් කරන කඩුව (පොලිසිය භාර අමාත්යංශය) රනිල්ට දෙනවා. මතක තබාගන්න මේ පාර පුංචි ඡන්දේදී ජනතාව දුන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් පමණි. ලෙඩේ හොඳ වුනේ නැත්නම් අවශ්‍ය සැත්කම ලබන පළාත් සභා ඡන්දේදී කරලා 2020 දී ටිකට් කපලා ගෙදර යවාවි..

:       79       138

lakvidu Sunday, 04 March 2018 08:38 AM

මෙතනදී නම් මට විමල් වීරවංස එක්ක එකඟ වෙන්න වෙනවා. එය කිව්වා වගේ මේක ඉවර වෙන්න නම් ඔක්කොම ඉන්න වෙලාවක් බලලා අර බෝම්බෙම තමයි ගහන්න ඕනෑ.

:       0       49

sanath Sunday, 04 March 2018 08:29 PM

කටින් බතල හිටවනවා, වෙන්නේ බල්ටියක් ගහල මහින්දට සෙට් වෙන්න

:       0       8

Sathyayaa Sunday, 04 March 2018 10:37 PM

ජාන සැත්කම ඉස්සෙල්ලම කරන්න ඕනේ ලජ්ජා නහරය උපදින කොටම අස්ථානගතව තිබු අයටයි.

:       1       56

ඔබේ අදහස් එවන්න

දේශපාලන අර්බුදය 2018

ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි
2018 මාර්තු මස 21 5301 6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.


එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක
2018 මාර්තු මස 14 2822 15

පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක


ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
2018 මාර්තු මස 08 5054 19

රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැ


ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල
2018 මාර්තු මස 07 3258 38

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම


රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
2018 මාර්තු මස 06 7527 1

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.


’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර
2018 මාර්තු මස 06 5014 39

මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site