IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික ආණ්ඩුව දිගටම යනවා - තිලංග

ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබෙන තෙක් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යෑමට අද දහවල් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

තිලංග සුමතිපාල මහතා  -  ඊයේ රාත්‍රී නිවේදනයක් ගැන මගෙන් ඇසුවා. ඒ ප්‍රකාශනය සත්‍යයක්. ජාතික රජයේ හවුල්කාර පක්ෂයක් වෙන එක්සත් ජනතා සන්ධානය ජාතික ආණ්ඩුවක් හැදුවා. 

ඉන් ඉවත් වෙන්න අපි ජනාධිපතිවරයාගේ අවසර ඉල්ලුවා. ජනපති අපේ පක්ෂයේ සභාපති විදියටයි අපි ඉල්ලුවේ. ජනපති අපිට කිව්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ 2015 සැප්තැම්බර් ප්‍රකාශ කළ ජාතික රජයෙන් ඉවත්වීමත් සමඟ රටේ  ස්ථාවර භාවයට ගැටළුවක් වෙන්න පුලුවන් කිව්වා. එවැනි අවස්ථාවක් ඇති වුණොත් නීතිපති සමඟ සාකච්ඡා කරලා මොකද කරන්නේ කියන්නම් කිව්වා. 

නීතිපතිවරයා කිව්වේ ජාතික රජයක් නොවන අවස්ථාවක මේ ගැන පැහැදිලි කිරිමක් කරන්න බෑ කියලා. මේ පිළිබඳ සුප්‍රිම් උසාවියෙන් මත විමසීමක් කරන්න පුළුවන් ජනපතිට පමණයි.  මේ ගැන ජනපතිට සුප්‍රිම් උසාවියෙන් විමසන ලෙස නීතිපති දැනුම් දී තිබුණා. ඊයේ රාත්‍රී තිබුණේ එම තත්ත්වයයි. 

අද දවල් යළිත් එක්ස්ත් ජනතා නිදහස් සන්ධානය කැඳවලා යළි සාකච්ඡා කළා. ජනපතිගේ ඉල්ලීම වුණේ සුප්‍රිම් උසාවියේ පිළිතුරු ලැබෙන කම් රටේ තත්ත්වය ඒ ආකාරයෙන් පවත්වාගෙන යා යුතු බවයි. සන්ධානයේ කවුරුත් අද උදේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබුණේ නෑ.  “ යයිද තිලංග සුමතිපාල මහතා පැවසීය. 



අදහස් (5)

ජාතික ආණ්ඩුව දිගටම යනවා - තිලංග

Jayasinhe Monday, 19 February 2018 11:39 AM

මේ අය ඔහොම්මයි... රණ්ඩුවක්වත් හරියට කරගන්න බෑ. අන්තිමට බැලුවාම ගහපු පදේකුත් නෑ, එ්කේ සල්ලිත් නෑ. ජාතික ආණ්ඩුව ඉස්සරහට ගියොත් නම් එජාපය නැත්තටම නැතිවෙනවා. ජනාධිපතිතුමා ඊළඟ පාර ඉල්ලන එක කෙසේවෙතත් අවුරුදු 5 බේරාගත්තොත් ලොකු දෙයක්....

:       0       53

Lanka Perera Monday, 19 February 2018 11:49 AM

අපේ මොළෙත් කචල් වෙනවා.. මෙයාලා කියන දේ අහලා...

:       1       25

rama Monday, 19 February 2018 12:59 PM

අපි කිව්වේ ඕක තමයි.. එලෙක්ෂන් ඉවර වුණාම ඔක්කොම ඉවරයි. පරාජිතයින්ට ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ.. දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. රට, සාමකාමී ආණ්ඩුව දිනුම්. මහජනතාවට පරදි නාටක මාරයි. රට හමාරයි.

:       2       81

RaveendraMonday, 19 February 2018 04:19 PM

rama මයා වෙත, ඔබගේ අදහස් නිවැරදි වන අතර දියවන්න ඔයේ අයගෙ පවුල් පිටින් සැමවිටම දිනුම්, "උපරිමයෙන්ම උගත්" ඡන්ද දායකයා සැමදා එහෙමමය.

:       0       0

Raveendra Tuesday, 20 February 2018 07:02 AM

"තිරිංග " වරදාන අතහැර ගන්න බැරිව වගේ තටමන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන අර්බුදය 2018

ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි
2018 මාර්තු මස 21 5301 6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.


එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක
2018 මාර්තු මස 14 2823 15

පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක


ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
2018 මාර්තු මස 08 5054 19

රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැ


ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල
2018 මාර්තු මස 07 3258 38

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම


රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
2018 මාර්තු මස 06 7527 1

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.


’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර
2018 මාර්තු මස 06 5014 39

මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site