IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමති පාඨලී මැතිවරණයේ ගණන් හිලව් අලුතෙන් හදයි

පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති සැබැ ඡන්ද   ප‍්‍රතිශතය 40% ක් බවත් ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප‍්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප‍්‍රතිශත ගණනයන් වැරදි ඇති බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.

අමාත්‍යවරයාගේ නිවේදනයට අනුව 

පොදුජන පෙරමුණේ  සැබෑ ජාතික ප‍්‍රතිශතය : 40.66% ක් බවත් එය  මාධ්‍ය ආයතනවලට අනුව : 44.65% වු බවද
 
එජාපයේ ජාතික ප්‍රතිශතය : 29.40% ක් බවත් මාධ්‍ය ආයතනවලට අනුව : 32.63% ක් වු බවත්  ශ‍්‍රිලනිප හා එජනිස ප‍්‍රතිශතය  : 12.38% උවද එය මාධ්‍ය ආයතනවලට අනුව : 13.38% ක් ලෙස දක්වා ඇති බවද සඳහන් කර තිබේ.
 
ජවිපෙ ප‍්‍රතිශතය : 5.8%  උවද මාධ්‍ය ආයතනවලට අනුව : 6.27% ක් උබවද සඳහන් කර ඇත.
 
නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
 
ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.
           
මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.
 
මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.
 
මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක‍්‍රියාමාර්ග ගැනීමය. යනුවෙනි.

- 044



අදහස් (19)

ඇමති පාඨලී මැතිවරණයේ ගණන් හිලව් අලුතෙන් හදයි

Patali Monday, 05 March 2018 12:23 PM

කටුස්සා කියන්නේ නිකන්ද? හැමදාම වාසි පැත්තට හෝයිය කියලා තමන්ගේ බඩ පුරවා ගන්න හරි දක්ෂයි.

:       625       1568

JEEWATuesday, 06 March 2018 11:41 AM

කටුස්සා නෙවෙයි... අලුත් නම තමයි ජෙහාන් ....

:       0       410

Thilina Monday, 05 March 2018 12:39 PM

හරි හරි ඔයාලා තමයි දිණුම් ..මහින්දට ඇප නැහැ ..සතුටුයි නේ

:       406       891

gunarathna Monday, 05 March 2018 01:35 PM

ඔය ගණන් හිලව් නෙමෙයි පරදින්ට හේතු හොයන්න. මිනිස්සුන්ට වැඩක් නැහැ ඔය ඉලක්කම් .ඔලුවෙන් හිටගෙන කතා කෙරුවත් පරාදයි තමා.

:       99       410

Buddika Gunasekara Monday, 05 March 2018 03:03 PM

ඉතින් හංසයා ලකුණ යටතේ ඉල්ලුවේ නැත්තේ ඇයි?

:       142       408

siri Monday, 05 March 2018 07:24 PM

මේ මිනිසුන්ට වැඩිය මිදී වල්ලට උඩ පැනපු නරිය හොදයි.ඒ නරිය මිදී ඇබුල් කියල යන්න ගියා.එත් ම නරි එක රසයි කියා කියා එතනම ඉන්නවා.ඉදිරියේදී අපි ඔය මිදී වැල කපල දානවා.එතකොට කන හැටි බලමුකෝ?

:       2       309

Senarath Tuesday, 06 March 2018 03:15 AM

මේ වගේ සුළු දෙයක් හරියට තේරුම් ගන්න බැරි කෙනෙකුගෙන් කොහොමද මහකොළඹ සැලසුමක් බලාපොරොත්තු වෙන්නේ ? මෙයා කියන විදියට ඔක්කොම පක්ෂවල ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා. එතකොට කොහොමද සියයට සීය (100%) හැදෙන්නේ ? මහජනතාවගේ සල්ලි නිකරුනේ විනාස කරනවා. මෙයාගේ සැලසුමට අනුව රුපියල් බිලියන 50,000 ක් ඕනෙලු. රජය හතරගාතෙන් වැටිලා වාහන දීපුවට සහ හොරකම් කරපුවට. බිලියන 50,000 ක් තියා 500ක් සොයාගන්න පුළුවන් කමක් නැහැ.

:       2       711

aseTuesday, 06 March 2018 05:53 AM

ගණන් වලින් හරි , චන්දය නොදීපු ප්‍රතිශතය සමග ගත්තම මෙය හරි . මේක නොමිනල් සහ එෆ්ෆෙච්ටිවේ වගේ .

:       29       22

ajithkaru Tuesday, 06 March 2018 03:18 AM

පොහොට්ටුවට අපේ පැත්තේ යුඑන්පී කට්ටිය ඡන්දෙ දුන්නේ මෙහෙ ඉන්න යුඑන්පී ඇමතිතුමාගේ ක්‍රියා පිළිවෙත් ප්‍රතික්ෂේප කරලා මිසක්, යුඑන්පිය ගැන කලකිරිලාවත් පොහොට්ටුව ගැන පැහැදිලවත් නොවෙයි. මහා මැතිවරණයකදී මේ කට්ටිය නැවත ඡන්දෙ දෙන්නේ යුඑන්පියටම තමයි. එතකොට 40% තවත් පහලට යනවා.

:       818       133

දම්මි Tuesday, 06 March 2018 09:22 AM

ඔයත් කියන්නේ සිත නිවෙන කතාවක්නේ. එජාපයට විරෝධය පාන්න පොහොට්ටුවට දෙන්න ඔන්නෑනේ ජවිපෙට දෙන්න තිබුනණේ.ජවිපෙට නැත්නම ස්වාධීන පක්ෂයකට දෙන්න තිබුනණේ කමක නැහැ ඊළඟ මතිවරණය තෙක් රටේ ප්‍රශ්නවලට විසදුම් නොදී මැතිවරණ පරාජය වහගන්න සුරඟනා කතා කියා කියා ඉන්න ගෙදරම යන්න පුළුවන්.

:       0       285

සෙනෙවි Tuesday, 06 March 2018 05:17 AM

මොහුගේ දේශපාලන ගමන ජවිපෙ >හෙළ උරුමය > එජාපෙ. සමාජ වාදයෙන් පටන් ගත් මෙයා දේශපාලන කුණු බක්කියට වැටෙන දවස වැඩි ඈතක නොවේ

:       60       649

Wasantha Tuesday, 06 March 2018 07:34 AM

දැන් ජාතික හෙළ උරුමයට රට පුරාම ඡන්ද 2000ක් වත් නැහැ. පාටලී දැන් නිකං පාරේ ඇවිදිනවා වගෙය් අපිට පෙනෙන්නේ,

:       0       234

Neelaka Tuesday, 06 March 2018 07:38 AM

සිත නිවන කතා.

:       0       176

Bandula Tuesday, 06 March 2018 11:19 AM

කණ පැලෙන්න වැදුණට පස්සේ තමයි හොරට හරි ගණන් හිලව් මතක්වෙන්නේ... ඊළඟ ඡන්දෙදි බලමු ඔය ප්‍රතිශතය කොහොමද එන්නේ කියලා?

:       1       238

Shihan Tuesday, 06 March 2018 11:23 AM

මේවට කොහෙන් හිනාවෙන්නද..? පාටලී දැන් හරි විහිළු කාරයෙක් වෙලානේ.. පොහොට්ටුවෙන් දීපු කණේ පාරට තාම මෙයා හීනෙන් බයවෙලා නැගිටිනවද කොහෙද...? හරි ඔයා හිතාගෙන ඉන්නේ මහින්දට 40% කියලා ඔයා දිනුම් කියලනේ.. ඔයා එන්නකෝ ඊළඟ ඡන්දෙට.. අපි ඔයාලා වගේ අයට කළගුණ සලකන්න අවස්ථාවක් ලැබෙනකම් ඉන්නේ.. පාටලී ඔයා දැන් ඔය ගණන් එකතු කරන්න මහන්සි වෙන්න එපා.. අපි ඔයාට හරියටම ගාණ හදලා දෙන්නම්..

:       1       312

Liyanage Wednesday, 07 March 2018 02:43 AM

දේශපාලුවන්ට වැඩිය හොඳට ජනතාවට ගණන් තේරෙන බව නොදන්නවා ඇති.

:       0       41

ramani Wednesday, 07 March 2018 05:43 AM

මෙයා මුළු රටම කුණක් ගද ගස්සන වැඩ තමයි කරන්නේ . දැන් හොද නාඩගම් කාරයෙක් රටට නැති නිසා තමයි අපට නාඩගම් පෙන්නන්නේ , පාච, රණවක කියන්නේ නිකම් නොවෙයිනේ .දැන් ගණන් හදල වැඩක් නෑ. එන පාර චන්දෙදි අපි ඔයාට මාස හයකින් විතර ගණන් හදල කියන්න සලස්වන්නම් කෝ . දැන්ගණන් හදන්න මහන්සි නොවී ඉන්න , නරියත් මිදී කඩා ගන්න උඩ පැනල බැරි උනාම මොකක්ද කියුවේ , ඒ වගේ තමා

:       0       60

දිලුම් Wednesday, 07 March 2018 07:17 AM

අපිට පාඨලීගේ කථා අහන්න ඕන නෑ. අනික එයා කවුද. අපේ සල්ලිවලින් පිං පඩි ගන්න කෙනෙක්නේ......... ඔයත් ඉල්ලලා බලන්න මොකද වෙන්නේ කියලා . දියවන්නාවේ 225 හිතන් ඉන්නේ උන් උම්බෑ ගානකොට අපිත් උමිබෑ කියන්න ඕන කියල. අපේ රටට වින කරන්නනේ ඔහේලා......

:       0       68

W.M.A.B. Wanasinghe Wednesday, 07 March 2018 12:33 PM

හෙළ උරුමයේ ඡන්ද ප්‍රතිශතය ගැන මෙයා කියන්නේ නැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන අර්බුදය 2018

ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි
2018 මාර්තු මස 21 5301 6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.


එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක
2018 මාර්තු මස 14 2822 15

පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක


ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
2018 මාර්තු මස 08 5053 19

රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැ


ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල
2018 මාර්තු මස 07 3258 38

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම


රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
2018 මාර්තු මස 06 7527 1

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.


’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර
2018 මාර්තු මස 06 5014 39

මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site