IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


“ප්‍රධාන පක්ෂ දෙකෙන් කුමක් බලයට ආවත් හොරුන්ට දඬුවම් ලැබෙන්නෑ”

(මුදිතා දයානන්ද)
       
“ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ හොඳ මිතුරෝ. ඒ අයට ඩීල් තියෙනවා. ඒ නිසා නිසා ඔය පක්ෂ දෙකෙන් කොයි එක බලයට ආවත් කිසිම හොරෙකුට, මීනිමරුවෙකුට දඬුවම් ලැබෙන්නේ නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) පැවසුවාය.
       
ඇය මේ බව සඳහන් කළේ කොළඹ 07, මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
 
“ගිය ආණ්ඩු කාලෙත් හොරු ගැන කතා කළා දැනුත් හොරු ගැන කියනවා. හිරේ ගිය එක හොරෙක්වත් ඉන්නවාදැ” යි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහිදි තවදුරටත් ඇය මෙසේද පැවසුවාය.
 
“මේ රටේ මිනිස්සු ඇත්තටම පව්. ඒ අය මේ ඇත්ත තේරුම් ගන්නේ නැහැ. බලයට එන්න කලින් මේ ආණ්ඩුවේ අය උදේ කෑමට දවල් කෑමට රෑ කෑමට තුනටම ගත්තේ බැඳුම්කරේ. දැන් ඒ ගැන කතාවක් නැහැ. වෝහාරික විගණන වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විම වළක්වන්නයි ඒ අයට අවශ්‍යවෙලා තියෙන්නේ. මම අභියෝග කරනවා ජනාධිපතිටත්, අගමැතිටත් පුලුවන් නම් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනත් බැඳුම්කර නඩුව අහලා දඬුවම් දෙන්න කියලා. ඒ වගේම මම ජනතාවට කියනවා මේක කවදාවත් වෙන්නේ නැති බව. අර්ජුන්ලාට ඇලෝසියස්ලාට මේ පක්ෂ දෙකේම නායකයෝ යාලුවෝ. ඔවුන් මැතිවරණ කාලයේදි මේ දෙකටම මිලියන ගණන් මුදල් වැය කරනවා. ඒ නිසා කවුරු බලයට ආවත් එයාලගේ බිස්නස් සරුයි. මෙච්චරකල් වුණෙත් ඒක ඉස්සරහට වෙන්නෙත් ඒක. තව අවුරුදු දහයක් ගිහින් බලන්න මම කියපු දේවල් බොරුද කියලා.
       
මහමැතිවරණයේදි තුනෙන් දෙක ගණන් අවශ්‍ය නිසා සමහර විට කලින් කතා කරගෙන ටික දවසකට කියලා කවුරුහරි එක්කෙනෙක් හිරේ දාන්න පුලුවන්. ඡන්දෙන් පස්සේ ඒ මනුස්සයාත් එළියට එනවා. ඩීල් නැති අයට තමයි නඩු වැටෙන්නේ” යැයිද ඈ පැවසුවාය.
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (40)

“ප්‍රධාන පක්ෂ දෙකෙන් කුමක් බලයට ආවත් හොරුන්ට දඬුවම් ලැබෙන්නෑ”

යාපා Sunday, 26 January 2020 08:30 AM

අනේ පව් නේද? මෙච්චරකල් ඕවා ගැන කතාවක්වත් නැතුව හිටිය නෝනාට ඒ මොකද වෙලා තියෙන්නේ? වෙස් මුහුණු දාගෙන එන්න කල්පනාව ඇත්තේ. කොලොන්නාවේ හරක් ඉන්නවා නම් ඡන්දෙ දෙයි. මේ වගේ ගැහැණුන්ට නිගාවක් වුණු කෙනෙක්ට...

:       3305       3560

RaveendraSunday, 26 January 2020 11:05 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මේ ස්ත්‍රියගේ සොයාගැනීමට නම් නොබෙල් ත්‍යාගය ලබන්න මෙයා නම් හොඳටම සුදුසුකම් ලබලා තියෙන්නේ. මොකද මේතුන් ලෝකෙටම කිසිම කෙනෙක් සොයාගෙන නැහැ. මේ හිඟන පක්ෂවලට කරන්න බැරි දේවල් මොනවද කියලා. මේ ස්ත්‍රිය විතරමයි මේ සොයා ගැනීම කරලා තියෙන්නේ. නමුත් මෙයාට මතක නැහැ මෙයත් ඔය කියන මූසල පක්ෂවල ආදරයෙන් මිනිසුන්ගේ ලේ උරාබොන්න පුරුදුවෙලා කියලා. ඒ කියන්නේ මෙයා තොත්ත බබා.... අනේ අපේ කට...

:       392       446

ලලන්ත Sunday, 26 January 2020 02:36 PM

වෙස්මුහුණු දාගෙන හිටියේ යාපා නේද? අර ඩුබායිවල ඉඳලා ලංකාවට ගෙනෙන ලද කුඩුරජා යාපාගේ මගුල් ගෙදරට යහමින් වියදම් කලා කියන්නේ ඇත්තද? කුඩුරජාව ගුවන් තොටුපළට වෙන නමකින් ගෙනගියෙත් යාපා කෙනෙක්ලු නේද?

:       84       38

රෝහිත Sunday, 26 January 2020 08:30 AM

ඇත්ත...

:       518       497

Sanath KandySunday, 26 January 2020 12:07 PM

ඇත්ත වුණාට වැඩක් නැහැ. අපේ මහජනතාව බලය දෙන්නේ මේ හොරු කණ්ඩායම් දෙකට විතරයි. ඔවුන් හොරකම් කරන්නේ ජනතාවගේ ආශිර්වාදයෙන්... ජනතාවගේ මොලේ තරමට තමයි පාලකයන් ලැබෙන්නේ. ජවිපෙ වගේ රටට ආදරය කරන පිරිසක් තමන්ගේ පාලකයින් බවට පත්කර ගන්න අපිට පින නැහැ...

:       31       419

Senarath Sunday, 26 January 2020 08:37 AM

මෙයා හරි සුදනා වගේ කතා කරන්නේ. බලෙන් මිනිස්සු වාහනේ දමාගෙන ගිහින් බරපතල වරදක් කළා. ඒ මදිවට ළඟදී සීඩී තැටි වලින් පෙනුණා මෙයාගේ හැදියාවේ තරම..

:       1057       1406

සෙනෙවිරත්න Sunday, 26 January 2020 01:29 PM

හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා. එහෙම නැත්නම් ඔන්න නයා කීවාම වංහුං හොයන්න එපා. අනතුර හඳුනාගන්න. මේ කියන්නේ බොරුද?

:       326       401

mp Sunday, 26 January 2020 08:37 AM

තව මාස කීයද? බහුබූත කථා කරන්නද හිතන් ඉන්නේ?

:       476       696

sudda Sunday, 26 January 2020 08:38 AM

ඔයා ඩිෆෙන්ඩර් දාලා කොල්ලෙක්ව ඉස්සුවාමත් පැය දෙකෙන් ඇප ලැබුණෙත් ඔයා ආණ්ඩුවේ හිටපු නිසා බව අමතක වුණාද? හැබැයි ජේවීපී එකේ ලාල්කාන්ත සුමාන ගාණක් රිමාන්ඩ් ලැග්ගා. දැන් විපක්ෂයේ නිසා ඔක්කොම පරණ දේ අමතකද?

:       562       711

kapSunday, 26 January 2020 12:32 PM

තමන්ගේ දේපලක බලෙන් ලැගලා ඉන්න එකෙක්ව මේ විදිහට නැතුව වඩාගෙන අරන් යන්නද කියන්නේ? ලොකු ටෝක් දුන්නට, ඔය කරන්නෙත් මේ දේම තමයි..

:       23       15

lasmayaMonday, 27 January 2020 04:58 AM

ඔන්න වලිගේ පාගාගෙන... ඒ කොල්ලා වෙන කාගේද කාන්තාවක් එක්ක සම්බන්ධයි කියලා. මොනවා වුණත් මිනිස්සුන්ව උස්සලා තර්ජනය කරන කොට ඒ ආණ්ඩුව සහ යූඑන්පී එක හොඳ වුණා.

:       0       2

ram Sunday, 26 January 2020 08:39 AM

ඉස්සරහින්ද කතා කරන්නේ? ඩිෆෙන්ඩර් වැඩේට පැය දෙකෙන් ඇප ගන්නකොට ඕවා කිව්වේ නැහැ නේද?

:       164       543

chandima Sunday, 26 January 2020 08:47 AM

මෙදාපාර නම් පරලවෙලා වගේ...?

:       206       372

suddaMonday, 27 January 2020 01:13 AM

කොයි පැත්තෙන්ද පරලවුනේ කියන එක තමයි ප්‍රශ්නය...?

:       0       7

Kumara Sunday, 26 January 2020 08:51 AM

මැඩම්ට දැන්ද ඕක තේරුණේ? අනේ වාසනාවන්...

:       7       150

chandimaSunday, 26 January 2020 04:48 PM

මෙයාලට මැඩම් කියන්නේ ඔහේට අමු කැවිලද?

:       18       55

Thilina Sunday, 26 January 2020 08:59 AM

ආපහු අලුත් තාලයකට නැටුම පටන් අරන් වගේ.. අපි දැක්කා පහුගිය කාලේ ඔයාලා කොහොමද දඬුවම් කලේ කියලා.. අරයව දාන්න මෙයාව දාන්න ඇප නොදෙන්න මෙහෙම කරන්න වගේ කතා.. අනිත් කතා නම් අහන්නත් අප්පිරියයි.. කොහොමත් ඔයාට ආපහු පාර්ලිමේන්තු එන්න ඡන්ද ලැබෙන්නේ නැහැ.. නරකද රන්ජන් මන්ත්‍රීතුමා පොඩ්ඩක් බලාලා එන්න ගියා නම්...?

:       187       362

Rata Perata Sunday, 26 January 2020 09:04 AM

වහලුන්ට තේරෙන්නේ නැති වුණාට, පක්ෂ පාට මොකක් වුණත් ඕක තමයි ඇත්ත...

:       123       762

Sena Sunday, 26 January 2020 09:06 AM

ස්තුතියි හිරුනිකා, දැන්වත් ඇත්ත මිනිසුන්ට තේරුම් කිරීම ගැන...

:       159       327

Naushad Sunday, 26 January 2020 09:21 AM

දේශපාලන දූෂණය යනු රජයේ නිලධාරීන් හෝ ඔවුන්ගේ ජාල සම්බන්ධතා මගින් පෞද්ගලික වාසි සඳහා බලය භාවිතා කිරීමයි. දූෂණයේ ස්වරූපයන් වෙනස් වේ. නමුත් අල්ලස්, දේශාභිමානය, අනුග්‍රහය, බලපෑම් කිරීම, බද්ධ කිරීම සහ වංචා කිරීම ඇතුළත් වේ. යමෙකු මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකින් බැලුවහොත්, අවංක හා යහපත් දේශපාලකයකු සොයාගැනීම අතිශයින් දුර්ලභ බව පෙනේ. සෑම දෙයක්ම මෙන්ම, එය අප බලාපොරොත්තු වනවාට වඩා අඩුවෙන් විය හැකි නමුත්, නරක අතට එය තරඟයක් ලෙස අපට හොඳක් විය නොහැකිය. ඔබ සුබවාදී හෝ අශුබවාදී වුවත්, දේශපාලනයේ දූෂණයක් ඇති බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. අද අපි බලන්නේ වඩාත්ම දූෂිතයන් දෙසයි...

:       0       1003

Dt Sunday, 26 January 2020 09:38 AM

අනේ එහෙම නම්, දෙගොල්ලොම එ්ක නම් කරන්නේ නැද්ද?

:       0       6

sam Sunday, 26 January 2020 10:30 AM

දැන් එහෙනම් ගෙදර යන්නද හිතන්නේ? අනේ ලොකු දෙයක්...

:       155       188

පිම්පියා Sunday, 26 January 2020 10:40 AM

උනුත් එකයි, මුනුත් එකයි, අපි දැන් 3% නේ...

:       44       81

sugath Sunday, 26 January 2020 11:01 AM

අපි නම් ඔය දෙගොල්ලොම එකයි කියලා දැනගෙන හුඟක් කල්. තමුන් ඉස්සරහා පැත්තයි, පස්ස පැත්තයි ගැන කුණුහරුප ටිකක් කියාගෙන ගෙදරට වෙලා හිටියා නම් ඉවරයිනේ...

:       36       61

නොකවුට් Sunday, 26 January 2020 11:39 AM

හිතාගෙන ඇති ඔහොම කීවම අමතක වෙයි කියලා...

:       0       19

Saman Sunday, 26 January 2020 11:55 AM

නුගේගොඩ කඩවලට පැනලා තර්ජනය කරනකොට, ඩිෆෙන්ඩර් දාලා මිනිස්සු පැහැර ගන්නකොට ඔය සීතාදේවිකම සහ නීතියට ගරුකිරීම කොහෙද තිබුණේ?

:       5       46

ravi Sunday, 26 January 2020 12:02 PM

ඒ නිසා තමයි, අද ඔයත් එළියේ ඉන්නේ.. නැත්තම්, ඇතුලට ගිහින් හුඟක් කල්..!

:       0       55

කපුරුහාමි Sunday, 26 January 2020 12:41 PM

අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි.. ඕක තමයි කවදත් සිද්ද වුනේ... දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. දූශිත දේශපාලුවන් ගැන කවර කතාද?

:       0       42

anura Sunday, 26 January 2020 02:21 PM

වයසට ගියහම අත්තනගල්ලේ එක්කෙනා වගේ වේවි..!

:       15       60

මුණසිංහ Sunday, 26 January 2020 02:52 PM

ඒක නම් ඇත්ත!... ඉස්සරහින් ගියත් එකයි, පස්සෙන් ගියත් එකයි..!

:       0       38

Disa Sunday, 26 January 2020 03:05 PM

මෙහි මිනිසුන්, නොමිනිසුන් කමෙන්ට්ස් කර ඇත. ඉතින් මෙයින් ඇත්ත කීම ගැන සතුටු වී ඇත්තේ මිනිසුන්ය.

:       8       133

විජිත් Sunday, 26 January 2020 03:45 PM

ලොකුම බැඳුම්කර හොරු දෙන්නෙක් මේ රටේ දැන් ඉන්නවා. ඉතින් තවමොන කතාද..? මේ හොරු දෙන්නව අල්ලලා දඬුවම් දීලා රටේ ජනතාවගෙන් හොරා කාපු රුපියල් මිලියන 10400 යි රුපියල් මිලියන 690 යි වහාම අයකර ගන්න. කාටද කොන්දක් තියෙන්නේ...? නාගානන්ද බලයට පත්වුණා නම් අනිවාර්යයෙන්ම මේ හොරු කුඩුවේ දැනටමත්. අවාසනාව තමයි....

:       129       113

නිසල් Sunday, 26 January 2020 06:03 PM

නාගා බලයට පත්වුණා නම් එයත් ගාණක් කපාගෙන අයින් වෙලා...

:       114       121

kamaniSunday, 26 January 2020 11:19 PM

ඔහේ නාගනන්ද ගැන දන්නවාද...?එහෙම නැතිනම් එයාට බොරුවට මඩ ගහපු මාතර ගොත්‍රිකයෙක්ද...?

:       24       1

suddaMonday, 27 January 2020 01:12 AM

නාගා තමුන්ට ලැබුණු සල්ලි ටික වියදම් කරලා දැන් ඒවා ඉවරයි කිව්වා මතක නැද්ද? හරිනම් නාගාත් ඇතුලට යන්න ඕන කෙනෙක්.

:       16       18

athula Sunday, 26 January 2020 06:09 PM

කොහොම වුණත් ඔබට මෙහෙම කියන්න තරම් පිටකොන්දක් තිබීම සතුටක්... ඔව් මේ දෙගොල්ලම හොරු... එයාලා කවදාවත් එකිනෙකාව හිරේ නොදමන බව පැහැදිලියි...

:       50       38

leel gunawardena Sunday, 26 January 2020 07:05 PM

මට ආරංචි ඔබට පාරේ බැහැලා යන්න බැහැල්ලු හැමකෙනෙක්ම ඔබ දිහා බලන නිසා කියලා.

:       106       16

mp Monday, 27 January 2020 02:27 AM

මේ ලියලා තියෙන අදහස් හැම එකකටම විරුද්ධව ලකුණු කරල තියෙන (අන්ලයික් කරලා තියෙන) කෙනෙකුත් මෙතන ඉන්නවා.

:       6       0

උපුල Monday, 27 January 2020 03:39 AM

මෙයත් අර මෙයාගේ දුරකථන සංවාද සගයා යන පාරේ යන්න සෙට් වෙලා ස්වාධීනව එන්න ලොරි ටෝක් දීල පොඩි පසුබිමක් හදාගන්න හදනවා වගෙයි නේ. පොඩ්ඩක් ඉන්න ඉරාජ් ඔයාට චරිත සහතිකයක් ලගදීම දෙනවා කිව්වා නේ?

:       0       21

savant Monday, 27 January 2020 06:11 AM

පක්ෂ දෙකේම නායකයන් කිව්වම සජිත්වත් අයිති නේද? බැලුවම ඇත්ත තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 299 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 182 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 806 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 54 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2153 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 401 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site