IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


’වංචා සිද්ධ වෙන්නේ නීතිවල සිදුරු නිසා’ - වජිර

(විනීතා එම් ගමගේ)

මූල්‍ය කේෂත්‍රයේ විශාල වංචාවන් සිදුවන්නේ යල් පැන ගිය අණපනත්වල ඇති දුර්වලතාව නිසා යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

බැඳුම්කර වංචාව වැනි වංචාවන්ට ඉඩකඩ සැකසුණේ මෙම නීතිවල ඇති හිදැස් නිසා යැයි ද ඇමැතිවරයා කීය.  
මහ බැංකුවට අදාල වසර 40 ක් පැරණි අණ පනත් වහා අලුත් විය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

වසර 20 ක් තිස්සේ රට තුළ කි‍්‍රයාත්මක වන පිරමිඩ් ජාවාරම නීති විරෝධී එකකැයි මහ බැංකුව දිගින් දිගටම අවධාරණය කරත් මේ නීති විරෝධී කටයුත්තෙහි නියැළුණු එකම එක අයෙක් වත් මේ වනතුරුත් නඩුපවරා වැරදිකරු කර ඇත්දැයි අමාත්‍යවරයා  ප‍්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අද (17) පැවැති දිස්ත‍්‍රික් ලේකම් සමුළුවේ දෙවැනි දිනයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.  



අදහස් (19)

’වංචා සිද්ධ වෙන්නේ නීතිවල සිදුරු නිසා’ - වජිර

kumara Friday, 17 November 2017 11:28 AM

නැතුව මිනිසුන්ගේ වරදින් නෙමෙයිද ඇමැතිතුමා?

:       25       62

sathyapalaFriday, 17 November 2017 11:24 PM

නෑ. නෑ වංචා සිද්ධ වෙන්නේ රෙද්දේ සිදුරු නිසායි.

:       0       2

Muahn Friday, 17 November 2017 11:50 AM

ඇමතිතුමා හරි. නමුත් කවුරුවත් මේ හිල් වහන්නේ නැනේ. ප්‍රාඥයා එලෙව්වට පසුවවත් මොකවත් කෙරෙන්නේ නැති පාටයි.

:       0       115

Raveendra Friday, 17 November 2017 11:50 AM

හත්වලාමේ අපි නම් හාංකවිසියක්වත් දැනගෙන හිටිය දෙයක් නොවේනේ.. මේ උන්නැහේ හොයාගෙන තියෙන්නේ. හැබෑව තමයි.... නමුත් ඔය කියන හිල්වලට කොන්ක්‍රීට් දැම්මත් මේ හොර තක්කඩි නම් හොරා කනවා කනවාමය.

:       212       701

චතුර Friday, 17 November 2017 12:59 PM

වජිර ඇමතිතුමාම කියපු එක හොඳයි. ජනවාරි 8 වෙනකම්ම මම දැනගෙන හිටියේ මහා පරිමාන හොරකම් සිද්ධ වෙන්නේ දේශපාලනඥයෝ නිසා කියලනේ... යහපාලනය යටතේ ඒව වෙන්නේ නීතිරීති වල සිදුරු නිසා... අපිනේ ඔය නීතිරීති හදන්නේ. අපිත් මේ බලන් ඉන්නේ ආයෙත් ඡන්දෙ ඉල්ලන්න එනකන් තමයි.

:       209       338

Prasa Friday, 17 November 2017 01:31 PM

මේ ලංකාවේ තරම් විසිරුණු නීති වෙන කිසිම රටක නැතිව ඇති. හැමකෙනාටම නීති පැලැස්තර දදා ගියපු රටක්... මේ දේශපාලකයෝ මෙච්චර කල් මොනවද කළේ? නීති පොතේ නෙමෙයි ප්‍රශ්නේ, එය ක්‍රියාත්මක නොකිරීම තමයි මෙතන ප්‍රශ්නේ.. බලපුළුවන් කාරයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරලා නැහැ. මේක රටේ කරුමේ.. නායකයා අවංක, හොඳ වෙලා මදි. කොන්ද කෙළින් තියාගෙන පටපට ගාලා වැඩකරන්න පුළුවන් විය යුතුයි. එහෙම නැහැ දැන් ඉන්න අය. හිටපු අයට කොන්ද තිබුණට අවංක නැහැ. රටෙයි, මිනිස්සුන්ගෙයි ඔක්කොගෙම කරුමේ... හරිම දුකයි රට ගැන...අනික් රටවල් එක්ක බැලුවාම...

:       0       183

Bamunuarachchi Friday, 17 November 2017 02:42 PM

ආකිමිඩිස් මොන බම්බුවක්ද හොයා ගත්තේ මෙයානේ මිනිහා. මාධ්‍යයට එන්න කියලා සතියේ දවසක උදේ 7.30 ට දුවන්නකෝ ආකිමිඩිස් වගේ පාර්ලිමේන්තු පාරේ. එතකොට රැකියාවලට යන නෝනලා මහත්වරු දකියි අලුත් සොයා ගැනීම.

:       52       573

RaveendraFriday, 17 November 2017 03:52 PM

බමුණුආරච්චි මයා වෙත, ඔබගේ සුන්දර සහ හාස්‍ය ජනක අර්ථවත් අදහස නිවැරදි එකකි. වාසලේ කිසිඳු වැඩකට නැති කවටයන් මහජන නියෝජිතයන් වීමත් එක්තරා ආකාරයක හොඳ දෙයකි.

:       0       262

sunil Friday, 17 November 2017 03:55 PM

ඉතින් ඇමතිතුමෝ ඔය සිදුරු වහන්න නේද අපි ඔබ තුමන්ලාව බලේට පත් කලේ? ඒවා නොවහා., තව සිදුරු ලොකු කරමින් සිදුරු වලින් සමහරුන්ට රිංගන්න ඉඩ සලසමින් ඇස කන් වහගෙන ඉන්නෙත් ඔබතුමන්ලාම නේද? දැන් ඔය බොන්ඩ් කේස් එකේ සිදුර අපිද හෑරුවේ?

:       0       182

WajiraSaturday, 18 November 2017 05:21 AM

බොන්ඩ් කේස් එකේ සිදුර හෑරුවේ මම නෙමෙයි. අපේ ලොකු කෙනා තමයි.

:       79       225

mahinda gamage Saturday, 18 November 2017 12:44 AM

ඔය සිදුරු ගැන හොඳින් දන්නා නිසානේ ඔය බහිරවයා ඇවන්ට් ගාඩ් මුදලාලිලත් එක්ක ඩීල් දැම්මේ.

:       63       320

naradha Saturday, 18 November 2017 02:39 AM

ලංකාවේ පාලකයෝ කවදාවත් ඔය සිදුරු වහන්නේ නැහැ. මොකද, ඒ අයගේ පැවැත්මට ඔය කියන නීතියේ සිදුරු අවශ්‍යයි.

:       10       216

පිටිගල මිලානෝ Saturday, 18 November 2017 06:06 AM

ඔව් ඔව් බොහොම ඇත්ත. ඒ නිසානේ ගොඩක් මුදල් හොරකම් කල අය ඇමති ගෙවල්වල බුදිකරගෙන ආරක්ෂා කලේ. ඊට පස්සේ ෂෝ එකට වැලිකඩ රෝහලට දාලා ගෙදර යවනවා. (සැ:යු : අඹ හොරුන්ට මෙය අදාල නැත)

:       57       820

Chana Los angeles Saturday, 18 November 2017 06:35 AM

නීතියේ සිදුරු කියලා දන්නේ අදද? ඔය සිදුරු වහන්න ඕනේ ඡන්දය දුන්නු අයද? රට හදනවා කියා ඡන්දය අරගෙන මහා ගෙදරට ගොස් වරප්‍රසාද භුක්ති විඳින ඔබ වගේ අයද?

:       0       94

anura Saturday, 18 November 2017 06:36 AM

හිල් වහගන්නේ නැතිව අවුරුදු දෙකක් පොල්ගෑවද?

:       44       475

himal Saturday, 18 November 2017 09:15 AM

මහජන නියෝජිතයෝ පත් වෙන්නේ මහජනතාව අතරින්. දෙගොල්ලොම එකතු වෙලා කරන්නෙ නීතිය කඩන එක තමයි. හැමෝටම නීතිය මතක් වෙන්නේ අනුන් නීතිය කඩලා තමන්ට හිරිහැරයක් වුණාම තමයි. දඩ මුදල් වැඩි කළාම කවුද කෑ ගැහුවේ? පාරේ හරියට යන අයද? පාරේ වැරදි කරලා අහුවුණාම පොලීසියට පගාව දෙන්න යන්නේ කවුද? හොර පාරෙන් ළමයි ඉස්කෝලෙට දාගන්න යන්නේ කවුද? මිනිස්සුම තමයි. ඒ වගේ මිනිස්සු තමන්ගේ නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පත්වීම් දෙන එකයි. දේශපාලන ස්ථාන මාරු හදාගන්න එක... නීතියෙන් කට්ටි පැනලා ආරක්ෂා වෙන එක තමයි. ඒ හින්දා කවුරුවත් ඔය මහා ප්‍රතිසංස්කරණ වලට යන්නෙ නෑ. කවුරු හරි නීති සංශෝධනය කරන්න ගියාම දන්නෙ නැහැ කියන්න... දැන් ඕකද තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා.

:       0       26

senewi Saturday, 18 November 2017 10:35 AM

වැඩේ තියෙන්නේ මේ සිදුරුවලින් හාල් මැස්ස්සන්ට යන්න බැරි වුණාට තල්මස්සු නම් ලිස්සලා යනවනේ...

:       0       109

Bamunuarachchi Saturday, 18 November 2017 07:22 PM

ලැබෙන හැම සිදුරක්ම පාවිච්චි කරන මේ ගොල්ලෝ කොහේද නීතියේ සිදුරු වහන්නේ?

:       0       0

Rohana Sunday, 19 November 2017 04:33 AM

වංචා සිද්ධ වෙන්නේ නීතිවල සිදුරු නිසා’නොව මන්ත්‍රීවරු බලන්නෙම හොරකම් කරන්න. මුදල් හම්බ කිරීම තමයි මුලික පරමාර්ථය. ඔවුන්ගේ දේශපාලන බලය අයුතු ලෙස යොදවනවා. නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් බිය වද්දනවා. තර්ජන කරනවා දේශපාලන බලය ඉදිරියේදී නිලධාරීන් අසරණ වෙනවා. පසු ගිය කාලේ දිහා බලන්න.අද ආණ්ඩුවේ ඇමතිවරුන් විශාල පිරිසකට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඉහළ සිට පහළට. වංචා දූෂණ යාන්ත්‍රණය අදත් රාජපක්ෂ කාලයේ මෙන් ම නිරුපද්‍රිතව ක්‍රියාත්මක වේ. මේ දූෂණ මැඬලන්නට, ශක්තිමත් නීති, ශක්තිමත් ආයතනික ව්යුහ හදන්නට අගමැතිවරයාගේ ආණ්ඩුව මුළුමනින් ම අසමත් වී තිබෙන්නේ ය. වංචා දූෂණවල යෙදෙන්නට අදත් කිසිවකුට බියක් ලජ්ජාවක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 1 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 69 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 134 0

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 237 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1371 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 584 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site