අඛණ්ඩව ජාතික මට්ටමින් කරන ලද දැනුවත් කිරීම් සහ අධ්‍යාපන වැඩසටහන් නිසා 2018 වසරේදී ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බවලින් තුවාල ලැබු සහ විපතට පත්වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාව ‘0’ දක්වා අඩු කරගැනීමට හැකියාව ලැබුණු බවත් ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම මීළඟ පියවර බවත් ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා ඉකුත් දා සඳහන් කළේය.
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යවල සහභාගීත්වයෙන් එහි සිව්වැනි සමාලෝචන සමුළුව නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරදී නොවැම්බර් මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්විණි.
තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා ඉහත කරුණු සඳහන් කළේ එම සමුළුවේදීය.
මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතා සහ සහකාර සංවිධානය යටතේ තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා අදහස් දැක්වූ අතර ඊට අමතරව ජෙලදීපන් මහත්මිය ද මෙම සමුළුවේදී අදහස් දැක්වූවාය.
සමාලෝචන ක්‍රියාවලියේ දී බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ සභාපති ලෙස කරන ලද කාර්යභාරයට ඒ.එල්.ඒ. අසීස් මහතා සහ ජෙලදීපන් මහත්මිය නෝර්වේ රාජ්‍යයට සුබ පැතුම් එක් කළහ.
ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ. අසීස්, නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිනි අරූෂා කුරේ, නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සමන්මලී අතලුගම, ශ්‍රි ලංකාව බිම්බෝම්බ වලින් නිදහස් කිරීම සඳහා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙලදීපන් යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමාලෝචන සමුළුවට සහභාගී වූහ.
එම ප්‍රඥාප්තියට අත්සන් තැබූ රටවල නියෝජිතයන්, නිරීක්ෂණ රටවල් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු 600කට වැඩි පිරිසක් මෙම සමුළුවට සහභාගී වූහ.
055
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් කරනවා’
siri Monday, 09 December 2019 11:40 AM
ජෝන් අමරතුංග මහත්තයා කියනවා ඊළඟ සැරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලේකම් තනතුරට තරඟ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වෙලා තියෙනවා කියලා. රස්සාව ඒ මහත්තයාට ලැබිලා රටෙන් පිට යන්න වුනොත් පක්ෂයේම බොහොම දෙනෙක් " හරි සන්තෝසයි " කියලා කියයි...
BamunuarachchiMonday, 09 December 2019 03:11 PM
රනිල්ව බිම්බෝම්බ කතාවට ඈඳාගත්තේ එයත් බිම්බෝම්බයක් නිසාද? නැතිනම් කොහෙද යන්නේ.. මල්ලේ පොල් අදහස් දැක්වීමක් නිසාද?
Prabha Monday, 09 December 2019 02:00 PM
ඔක්කොටෝම කලින් රාජිත ඉවත්කළොත් නරකද?
Bamunuarachchi Monday, 09 December 2019 03:15 PM
මම යෝජනා කරනවා හමුදා අධීක්ෂණය යටතේ බිම්බෝම්බ වලලපු ගොයියන්ටම ඒවා ගොඩදාන්න බාර දෙන්න කියා... බෝම්බ වලලනකොට තිබිච්ච පරිස්සම ගොඩ දානකොටත් තියේවිනේ... අනික වැරදුණත් අපිට මොකෝ අපි නොවෙයිනේ වැළලුවේ...
sirimal Tuesday, 10 December 2019 04:40 AM
මේ රනිල් ඇතුළු රට විනාශය කරා ගෙන ගිය රට පාලනය කල පොකුරු බෝම්බ ටික අයින් කලානම් හොඳ නැතිද ?