IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’යුද සමයේ නිලධාරීන් අතර තිබූ මතභේද තාමත් තියෙනවා’

 

(අජන්ත කුමාර අගලකඩ)

රටේ ආරක්ෂක තත්වය දුර්වල බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව කී ජනාධිපතිවරයා ආරක්ෂක තත්වය හොඳින් තිබෙන බව සඳහන් කළේය. යුද්ධය තිබු සමයේ විවිධ තැන්වල කඳවුරු පිහිටවු නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසුව පාසල් පෞද්ගලික ඉඩම් ආදියේ තිබු කඳවුරු ඉවත්කර  ඒවායේ හිමිකරුවන්ට ලබාදීමට  පියවර ගත් බවත් එය හමුදාව දුර්වල කිරිමක් නොවන බවත්,ජනාධිපතිවරයා කියා සිටියේය.

සමහරුන් තමන්ගේ වගකීම් හා තනතුරු ගැන නොසිතා හමුදාව සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශ කරන බව කී ජනාධිපතිවරයා යුද්ධය කාලේ ඇතැම් නිලතල අතර තිබු මතභේද තවමත් නතර වී නැති බව පෙනෙන බවද පැවසීය.

උතුරේ සිංහල ජනතාව පදිංචි කරවන බවට මුලතිව් ප්‍රදේශයේ පසුගිය දිනවල ගෙන ගිය උද්ඝෝෂණ ගැන ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඕනෑම ජන කොටසකට රටේ ඕනෑ තැනක ජිවත්වීමට අයිතියක් තිබෙන බව කී ජනාධිපතිවරයා අර්බුද ඇතිවන අයුරින් ජනාවාස ඇති කිරිමක් රජයේ මැදිහත් වීමෙන් සිදු නොවන බවද කීවේය.

ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දැක්වු ජනාධිපති සිරිසේන මහතා ඒ පිළිබඳව විමර්ශනයක් කිරිමට තමා විශේෂ කමිටුවක් පත්කර ඇතැයි කීය.

එම කමිටුව ඕනෑම අයකුට අදහස් යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබෙන බව කී ජනාධිපතිවරයා ගිවිසුමෙන් රටට අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නම් එය නිවැරදී කිරිමේ වගකීම තමා බාර ගන්නා බව පැවසීය.

නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න,ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.



අදහස් (9)

’යුද සමයේ නිලධාරීන් අතර තිබූ මතභේද තාමත් තියෙනවා’

Raveendra Friday, 14 September 2018 02:40 PM

දැන් එතකොට මහ බැංකුවේ තිබුණු අපේ ලේ කඳුලින් උපයාගත් මුදල් හොරාකාපු අය හොයන්නත් විශේෂ කමිටුද කොමිසම් ද මොකක්ද දැම්මනේ? දැන් එ්කේ වාර්තාව සම්පූර්ණයෙන්ම කියවලා දඬුවම් එහෙමත් දීලයි තියෙන්නේ? නෑ මේ නිකං දැනගන්න ඇහැව්වේ...

:       4       241

Saththaya Saturday, 15 September 2018 02:19 AM

ඇයි පරණ ගජ මිතුරන්ට අද වෙනතුරු කිසිම සීරීමක්වත් වෙලා නැහැ, දුෂණ චෝදනා වලට. දැන් ඡන්ද වාසි ගන්න දේවල් විතරයි ඇදල ගන්න බලන්නේ...

:       1       528

rohana Saturday, 15 September 2018 03:39 AM

ඔව් රවීන්ද්‍ර, ඒකට දඬුවම් දෙන්න කලින් සහෝදර සමාගමේ අය කරපු වංචාවලට දඬුවම් දීලා ඉඳිමු නේද?

:       139       367

RaveendraSaturday, 15 September 2018 07:41 AM

රෝහණ මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අපට නම් සහෝදර නෙවෙයි බාප්පාගේ, අම්මගේ සමාගම වුණත් අදාල නැත. විය යුත්තේ නිවැරදි දේ මිස වෙන බයිලා නොවේ. හැබැයි අවංකව මේ ගැනත් සිතන්න " ඒ අය හොරු නිසා අපිට බලය දෙන්න කියා බලය නමැති හරකාව බැඳගත්ත අය හොරකමේ යනවා නම් ඒ යන ගමන් ඒ අය විතරක් හොරු කියන ගවයින්" පිළිබඳව ඔබලාගේ අදහස් මොනවාද?

:       0       116

samankSaturday, 15 September 2018 11:44 AM

සහෝදර සාමාගම කල වංචා ගැන පැහැදිලි කීරීමක් කළා නම්...

:       0       21

sirimal Saturday, 15 September 2018 08:55 AM

ඔය සේරම හමුදා තියෙන්නේ ඔබතුමාගේ අණසක යටතේ නේද? ඉතින් බැරිද ඒ ගොල්ලෝ ගෙන්නලා හොඳවායින් දෙකක් කතා කරන්න. හැමදෙයක් ගැනම එකඑක තැන්වල ආඬපාලි කියකියා යන එකෙන් වෙන්නේ අනිත් පැත්තට ලකුණු වැටෙන එකයි. හමුදා සේවයේ සිටියදී වරදක් කර ඇත්නම් රණවිරු ලේබලය යටතේ ඒ වරදින් නිදහස් වීමේ හැකියාවක් ඇත්තේ නැත. උදාහරණයක් වශයෙන් දැන් දැඩි කතා බහකට ලක්ව ඇති පරීක්ෂණයක් ගත හැක."මනුෂ්‍ය ඝාතන 11ක සැකකරුවෙකු පොලිසිය මගින් ඉල්ලා සිටියදී පොලිසියට බොරු කියමින් ඔහුව සඟවාගෙන ඔහුට ආරක්ෂාව දීමත් ඔහුව රටින් පිටකිරීමට ආධාර මුදල් ලබාදීමත් දණ්ඩ නීති සංග්‍රහයේ V වන පරිච්ඡේදය අනුව එකී මනුෂ්‍ය ඝාතන 11ම සිදුකිරීමට ආධාර අනුබල දුන් අපරාධකරුවෙකු ලෙස සැලකේ. මිනීමැරුම් 11ක් සිදුකළ පුද්ගලයාට මරණ දඬුවම හිමිවන්නේ නම් ආධාර අනුබල දුන් පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකිය. මෙවන් අපරාධයක් පිළිබඳව සාක්කි සහිතව ඉදිරිපත් වී තිබෙන චෝදනාවලින් ඔවුන් ගලවා සීඅයිඩිය සිදුකරන පරීක්ෂණ පවා අත්හිටුවීමට බල කිරීම හරිද? "මේ අයට වහාම නඩු පැවරිය යුතු බවද අත්අඩංගුවට ගෙන පිඩාවට පත් නොකළ යුතු බවද" කිව්වත් පරීක්ෂණ නොකර නඩු පවරන්නේ කෙසේද?

:       17       290

Nandalal DE SILVA - France Saturday, 15 September 2018 11:09 AM

අපේ ජනපතිතුමා, ලඟදි ඉඳල කටට ආපු එකක් කියා "ආඳා" වගේ සුරුස් ගාලා ලිස්සලා යන ගමන් රටේ තියෙන හැම වැරද්දක්ම, අනුන්ගේ පිටින් යැවීමට හැම විටම සුදානමින් ඉන්නා බව පේනවා... රටේ ආරක්ෂාව බාර ප්‍රධානියා හැටියට ඔබට තිබෙන බලය අවතක්සේරු කරන්න ඔබට බලයක්, සදාචාරයක් හෝ හැකියාවක් නැත. ඔබේ වගකීම් ජනපති හැටියට 2015 ජනවාරි ජයග්‍රහණයෙන් පසු හරිහැටියට ක්‍රියාත්මක කළා නම්, මේ වනවිට ඔබට එරෙහිව විරුද්ධ පක්ෂවලින් ජනාධිපති අපේක්ෂකයෙක් තෝරාගැනීම කළුනික හොයනවාටත් වඩා දුෂ්කර කාර්යයක් වෙනවා නොඅනුමානයි !! පම්පෝරි ගහගෙන උජාරුවට 2020 දී ජනාධිපති මන්දිරයට ඇතුල්වීමට වළිකන සමහර "අපේක්ෂකයන්" සමහරවිට මේ වනවිට රජයේ බෝඩිම්වල ජම්පර් ඇඳගෙන කූරු ගනිමින් ඉන්නවා වෙන්නත් පුළුවන් !!!

:       47       426

Reality Check Sunday, 16 September 2018 04:15 AM

මම හිතුවා ඔබව අප පත් කලේ එම ප්‍රශ්න වලට පිළියම් (කෙඳිරි ගාන්නේ නැතුව) ඔබෙන් ලැබෙයි කියලා. හරිම කණගාටුදායකයි අපට ඇසෙන ශබ්දය ගැන. 2020 දී උගත් ජනතාවගේ තේරීම කොඩිතුවක්කු මහතාගේ වැඩ පිළිවෙලයි.

:       0       0

OMG Sunday, 16 September 2018 06:08 AM

පවතින යහපාලන ආණ්ඩුවේත් මතභේද තියෙන කොට මේකත් අරුමයක්ද? රට ගැන හිතලා වෙනස් කල නොහැකි ජාතික වැඩපිළිවෙලක් ඔය කයිවාරු ගහන දේශපාලකයන්ට තියෙනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 118 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 257 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1097 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 146 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site