IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’මැතිවරණයක් දිනාගත හැකි පක්ෂයක් මැතිවරණයට එරෙහිව උසාවි යන්නේ නෑ’

නාලක සංජීව දහනායක

 

මැතිවරණයක් දිනාගත හැකියැයි විශ්වාසයක් තිබෙන කිසිඳු දේශපාලන පක්‍ෂයක් මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට නොයන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (12) පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් මහා මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව අධිකරණයට යෑමෙන් සැබෑ ජනමතයට ඔවුන් තුළ ඇති බිය පෙන්නුම් කෙරෙන බවද ඔහු කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

මැතිවරණයක් දිනාගත හැකියැයි විශ්වසායක් තිබෙන කිසිම දේශපාලන පක්‍ෂයක් මැතිවරණ පැවැත්වීමට එරෙහිව උසාවි යන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්‍ෂය මහා මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණයට යනවා. මැතිවරණය පවත්වන්නටත් පෙරම ඔවුන් පරාජය පිළිගෙන තිබෙන බව ඉන් වැටහෙනවා. එක්සත් ජාතික පක්‍ෂ රජය දිගින් දිගටම මැතිවරණ කල් දැම්මා. ඔවුන්ගේ එකම බළාපොරොත්තුව මැතිවරණ නොපැවැතවීමයි. ඔවුන් ජනමතයට බයයි.

නමුත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ අපේ උනන්දුව තිබෙන්නේ මැතිවරණ පැවැත්වීම සඳහායි. මැතිවරණයක් පැවැත්වුවහොත් ලැබෙන ප‍්‍රතිඵලය කුමක්දැයි අපි දන්නවා. ඒ නිසා අපි මැතිවරණවලට බය නැහැ. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම වැරදි ක‍්‍රියාවක් නොවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීමට, කල් තැබීමට අමාත්‍යධූර වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අසීමිත බලයක් තිබෙනවා.

අර්බුද මැදින් ඉදිරියට යන්න බැහැ. එම අර්බුද විසඳගැනීම සඳහා ජනතාව ඉදිරියට යෑම ඉතාම හොඳ දෙයක්. මේ මැතිවරණයෙන් පිරිසිදු ජනතා තීන්දුවක් ලැබෙනවා. පැවැති රජය දේශපාලන බලය ජනතාව වෙනුවෙන් යෙදවූයේ නැහැ. නමුත් අපිට ලැබෙන බලය ජනතා සේවය වෙනුවෙන් යොදවන්න අපි සූදානම්. ජනතාවට සේවය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉලක්කයක් තිබෙන බවද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (12) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (29)

’මැතිවරණයක් දිනාගත හැකි පක්ෂයක් මැතිවරණයට එරෙහිව උසාවි යන්නේ නෑ’

නිමල් Monday, 12 November 2018 09:27 AM

ඒවගේම තමා බහුතරක් දිනන්න පුළුවන් පක්ෂයක් පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ.

:       214       4621

sidu Monday, 12 November 2018 09:27 AM

යුක්තිය ජයවේවා

:       1       861

lal Monday, 12 November 2018 09:30 AM

අනේ මහචාර්යතුමෝ.. උසාවි ගිහින් තියෙන්නේ මැතිවරණ ගැන නෙවෙයි. ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන... අනික කවුරුවත් මැතිවරණයක් ඉල්ලුවේ නෑනේ. බලෙන් පටවපු එකක් මිසක්.

:       206       1632

RuwanMonday, 12 November 2018 10:05 AM

ඔයාට ඕනේ නැති වුණාට 2018 ඡන්දේදී වර්තමාන අගමැති හා ජනාධිපති වෙනුවෙන් ඡන්දය දීපු අප වැනි ශ්‍රී ලංකාවේ හැට පන් ලක්ෂයක් මහජනයාට ඡන්දයක් අවශ්‍යයි. එය ශ්‍රී ලංකා ඡන්ද හිමි නාමලේඛනයෙන් 52% කියලා අමතක කරන්න එපා.

:       902       222

nishanMonday, 12 November 2018 10:20 AM

ඡන්දයක් තියන්නේ අවුරුදු 5කට සැරයක් මිසක් එක එක්කෙනාට ඕන ඕන වෙලාවට නෙවෙයි..

:       161       599

samMonday, 12 November 2018 11:16 AM

ඇත්තද නිසාන්? කෝ එතකොට බහුතර මහජනමතයට ගරුකිරීමක්? ඒක බහුතර ජනතාවක් බලෙන් පාලනය කිරීමක් නොවෙයිද? එතකොට බහුතරයක් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මොකද වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි 225 වත්, 19වෙනි සංශෝදනයවත් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර මහජනමතයට ගරුකර එම අයිතිය ලබාදීමයි. දැන් ඔබටත් අවස්ථාව උදාවෙලා තිබෙනවා ඔබේ මතය පෙන්වන්න.

:       241       153

weerakoonMonday, 12 November 2018 11:13 AM

ලංකාවේ ඉන්නේ කිසිවක් නොදන්නා අල, බතල කකා කැලේ ඉන්න සත්තු වගේ මිනිස්සු කියලා සිතන්න ඇති...

:       0       106

appuhami Monday, 12 November 2018 09:36 AM

පොඩ්ඩක් බය වෙලා වගේ අධිකරණයට?

:       63       544

appuhami Monday, 12 November 2018 09:42 AM

කෝකටත් ලොක්කට කියන්න අනෙක් තුරුම්පු ටිකත් පරිස්සමට තියාගන්න කියලා...

:       3       218

Vajira Monday, 12 November 2018 09:46 AM

2015දී ජනාධිපතිවරණය කලින් තියලා ඇන ගත්තු ඇන ගැනිල්ල මෙයාලට අමතක වෙලා. මේ සැරෙත් වෙන්නේ ඒ ටිකම තමයි. 2020 වෙනකන් හිටියා නම් රනිල්ගේ රජය තවත් අප්‍රසාදයට පත්වෙලා තියේවි. මෙයාලට ලේසියෙන්ම දිනන්න තිබුණා. එ්ත් දැන් මේ කරපු ව්‍යවස්ථා විරෝධී වැඩේ නිසා ජනමතය ආපහු කැරකෙනවා.

:       6       697

Cisco Monday, 12 November 2018 09:47 AM

මේක මේ වෙනකොට බලල තියෙන්නෙත් 565.. එහෙත් නිමල්ගේ කොමෙන්ට් එකට ලයික් 2705 ක් වැටිලා. නිමල් මහතාණෙනි, මුදලට මේකේ කොමෙන්ට් කොටන්න එපා.

:       60       255

NuwanMonday, 12 November 2018 12:23 PM

මේකේ කමෙන්ට් කොටන්න මුදල් ඕනෑ නැහැ. ලයික් ඩිස්ලයික් දාන්න ඕනෑතරම් පුළුවන්.. ඔය අයිකන් උඩ ක්ලික් කරන්න ඕනෑතරම්, ගොන් කතා කියන්න එපා. පාඨක අපට දීල‍ා තියන අවස්ථාවට ගරුකරන්න.

:       43       79

Dilshan De Silva Monday, 12 November 2018 09:54 AM

ඔයා බය නැත්තන් ඡන්දෙ ඉල්ලන්නකෝ ලිස්ට් එකෙන් එන්නේ නැතුව...

:       15       141

Nishan Monday, 12 November 2018 09:54 AM

තමන්ව නීති විශාරදයෙක් කියාගන්නා ඔබතුමා අපව නොමග යවන්න හදනවා. කිසිවෙකු මැතිවරණෙට එරෙහිව උසාවි ගොස් නැහැ. ඔවුන් උසාවි ගියේ නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිවයි. කරුණාකර ඔවුන්ගේ ඒ අයිතියට ගරු කරන්න.

:       1       322

Dayan Monday, 12 November 2018 10:05 AM

උගත් මෝඩයින් තමයි.

:       1       94

අශාන් Monday, 12 November 2018 10:11 AM

පරිණත නීතිවේදියෙක් වන ඔබ නීතිවිරෝධී ක්‍රියාවකට උසාවි ගිය අයට ඔවැනි අනුවණ කතාවක් කීම ගැන කණගාටුයි..

:       0       119

sirimal Monday, 12 November 2018 10:32 AM

අපි දැක්කා මහාචාර්යතුමා පක්ෂයේ සභාපති වුණාට සාමාජිකත්වය දෙන්නේ වෙන කෙනෙක් බව. ඔබතුමා රට බේරාගන්න කලින් පක්ෂයේ සභාපතිකම බේරාගන්න උසාවි යන්න....

:       2       104

Mole Monday, 12 November 2018 10:36 AM

කවුද කිව්වේ උගත්තු පාර්ලිමේන්තු යැව්වම හරි කියලා? පේනවානේද නීතිය සම්බන්ධ මහාචාර්යවරයගේ කතා...

:       0       183

ranjith Monday, 12 November 2018 11:28 AM

ඒ කියන්නේ රටකට ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියන එකනේ?

:       0       74

සෑම් Monday, 12 November 2018 11:33 AM

පිටකොටුවේ නාටාමියෙකුට ඔයිට වඩා හොඳට නීතිය තේරෙනවා. මෙයා මිනිස්සුන්ව ගොනාට අන්දවනවා.

:       18       156

rocky Monday, 12 November 2018 12:20 PM

උග්‍ර බඩගෝස්තරවාදියෙකු බව ඔහුගේ කතාවලින් පැහැදිලි වෙනවා...

:       1       43

Buddika Monday, 12 November 2018 12:37 PM

ඒ වගේම ජනතා ඡන්දෙකින් දිනන්න පුළුවන් පක්ෂයක් ව්‍යවස්ථා විරෝධීව බලය ගන්නෙත් නැහැ. ගිය මහ මැතිවරණයෙන් පරාද වුණු බව අමතක ඇති.. බලයට, ධනයට ඇති කෑදරකම නිසා නීතිය, යුක්තිය හඳුනන්නෙත් නැහැ.

:       0       52

Ale Monday, 12 November 2018 12:54 PM

මේ වගේ නීති විශාරදයෙක් කියන දෙයක්ද මේ...? ලැජ්ජයි කරපු දේකුත් නැහැ... ඉන්නකන් තව සිල්ලර කතාත් කියනවා. මේක හරියට හොරකමක් කරන්න චාන්ස් එක අහුවුණාම කටවහගෙන හොරකම් කරනවා වගේ කතාවක්...

:       0       43

රොහාන් දයාදර පැරිස් Monday, 12 November 2018 01:01 PM

මේක කාරණ 2 ක්. මැතිවරණය කියන්නේ ජනතා පරමාධිපත්‍යය උරගා බලන්නත් රටක් තුල ක්‍රියාත්මක විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න උසාවි යනවා. මැතිවරණයකදී ජනතාව අතරට යනවා. මේ දෙක පටලවා ගන්න එපා ගරු බුද්ධිමත් මැතිදුනි!!! රොහාන් දයාදර පැරිස්

:       0       25

casmir Monday, 12 November 2018 01:20 PM

මේ ඉන්නේ රටේ පිළිගත් උගත් පුද්ගලයෙක්... නමුත් දේශපලන වහලෙක්... අපි උගත් මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්න ඉල්ලනවා. එ්ත් වැඩක් නැහැ. උගත්කම වහල්කමට යටවෙලා. මේ ගොඩක් අය තමුන්ගේ දේවල් ලියවා ගන්නේ වෙන අයට සල්ලිදීලයි..

:       0       88

සමනලයා Monday, 12 November 2018 01:59 PM

වැහි නැති හෙන වදින්න ඕනෑ පක්ෂ මාරු කරන්න අවසරය දීපු එකට, මුළු පාර්ලිමේන්තුවම අවුල් ජාලයක් වුණා.. ඒ තීන්දුවෙන්, මේකටත් ඒ වගේ අසමජ්ජාති තීරණක් ලැබුණොත් ආයේ ජනාධිපතිකම කරලා හමාරයි... කවුරු මොන පක්ෂයෙන් ආවත් ...

:       0       21

wicky Monday, 12 November 2018 10:17 PM

ලැබී තියන ප්‍රතිචාර බලපුවහම මහාචාර්යතුමාගේ මතයට මොනතරම් සාධාරණයක් ඉටුවෙලා තියනවද කියලා පැහැදිලියි...

:       0       0

කුසල් Tuesday, 13 November 2018 04:02 AM

මෙයා කැම්පස් එකේදිත් මෝඩයෙක් වගේ දොඩවනවා.

:       0       0

Sugath Tuesday, 13 November 2018 04:32 AM

අනේ මහාචාර්යය තුමෝ ඔබගේ අධ්‍යාපනය ගැනනම් සැක සහිතයි. කඩේ යන එක නවත්වන්න.... ජනතාව මුළා කරන්නේ නැතුව.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1299 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 390 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site